01 October 2012

ප්ලේන් ටී ශ්‍රී ලාංකිකත්වය


ගුවන් තොටුපොළේ පෝලිම විනාඩි හතලිස් පහක් දිගට ඇදුනි .
ටැක්සියක සොයා ගැනීම එතරම් අපහසු නොවුවත් , එය ඉරිදා දිනයක් වූ බැවින්  වාහන තදබදය මැදින්  ගාට ගාට නගරයට ඒමට පැය 2ක් පමණ  ගත විය .   
හෝටලේට ආ මට අවැසි වුයේ හැකි ඉක්මනට කාමරයට ගොස් ඇඟ පත සෝදා විඩා හැරීමටය. එතනත්  check in කිරීමට පෝලිමකි . ටික වෙලාවකින් මගේ වාරය පැමිණිනි . 
කවුන්ටරයේ ඉන්න තරුණයාගේ නම ......නාතන් බව මා ඇස ගැටුණි . මේ නගරයේ ශ්‍රී ලාංකිකයන් බොහෝ ජීවත් වන බව මා දන්නා නිසා මෙය මට අරුමයක්  වුයේ නැත . . 

මම :  I have a reservation                               (මගේ නමට කාමරයක් ඇති )
ඔහු :What is your name sir                             (ඔබේ නම කුමක්ද )
මම   It’s ...................
ඔහු :Oh Are you Sri Lankan                           (ලංකාවෙන්ද )
මම :Yes , my name is a dead give away isn’t it? (ඔව් , මගේ නම නිසා හංගන්න අමාරුයි නේද )

ඔහු :Could n't recognize with your name . It is not Sri Lankan like Perera or Fernando .
        But I thought as much with your accent , it sounds Sri Lankan .
        Are you a Sinhalese or  Tamil
(මට නමින් නම්  එක පාරටම හදුනන්න බැරි උනා. එය පෙරේරා , ප්‍රනාන්දු වගේ ලංකික නමක් නෙමෙයි නේ 
හැබැයි ඔබ කතා කරන විදිය ලංකාවේ වගේ . ඔබ සිංහලද දමිලද .)

[මේ මොකාටද එන්න හදන්නේ ....මගේ සිතේ සියුම් කෝපයක් නැගෙනු දැනේ ....මම මොහුට පිළිතුරු දීමට පඩි වදනක් සිහි කරමි . ශික් හදිස්සියට මොකුත් ඔලුවට එන්නේ නැත .]

මම : I am Sri Lankan                                (මම ශ්‍රී ලාංකික )

But are you Sinhalese or Tamil                 (ඒක හරි , හැබැයි ඔබ සිංහලද දෙමළද )

[රස දිය කඳ රතු කට්ට පසු කර ඇදී යයි ....දිගු හුස්මක් ගන්න..හෙමින් ගණන් කරන්න.  දහය, නවය, අට ....]

මම : I am Sri Lankan                               (මම ශ්‍රී ලාංකික) 

ඔහු :My parents are from Sri Lanka . I was born here ..I am of course a Tamil  
         (මගේ දෙමාපියන් ශ්‍රී ලංකාවෙන් , මම ඉපදුනේ මෙහෙ... මම නම් දමිල)

මම :Well my friend good for you..                (ජයවේවා මිත්‍රයා )

 එතනින් එහාට කියන්නට මට බොහෝ දේ තිබුණි . . එනමුදු ඔහු ගේ මුහුණේ ඇදුනු , ඔහු සිතේ නැගුන විපක්ෂිත බව   ඔහුට  ඉතුරු කර,  යතුර ගෙන කාමරයට පිය නැගීමි. 

මෙහි එතරම් බර සංවාදයක් නැත , මා මුහුණ පෑ සිද්ධියක්  පමණි . ඔහු ගේ කතාව කුමක් දැයි මම නොදනිමි . ඒ බැවින් නිගමන වලට පැමිණීම අසාධාරණය .මින් මට හෝ මගේ ආකල්ප වලට අත්වූ ජයක් නැත . සතියකින් පසු මම නැවත ආමි. ඉංග්‍රීසියෙන් හිතන ඔහු තවමත් දෙමල වෙන්නට ඇති (මෙහි සිටින බොහෝ අයට, මෙහි දිගටම සිටීමට,  ඔවුන් ශ්‍රී ලාංකිකයන් නොව දමිළයන් වීම වැදගත්ය) ...
 සිංහලෙන් හිතන මම ශ්‍රී ලාංකිකය..    

**************************************************************************************************

සයුරින් එතෙර ජීවත් වන බොහෝ දෙන ලංකාවේ සුවඳට ආදරේය,කෑදරය.
 ලංකාවේ කඩේකට කන්න යන්නේ.  එකම සින්දු පොත් පෙරලා පෙරලා , එකම සින්දු කියන්නේ . සිංහලෙන් බ්ලොග් ලියන්නේ :) එබැවිනි .
මේ සාදය සංවිධානය වුයේද එබැවිනි. 
පරිප්පු, පොල් සම්බෝල , කුකුල් මස් කරි සමග පාන් ...කොහොමද ආහාර වට්ටෝරුව ..
ශ්‍රී ලන්කන් ක්‍රිකට් ටී ෂර්ට් ඇඳ අපි දේශ ආලයෙන් මත් වී සිටියෙමු . 
කතා බහනම්  සුපුරුදු මාතෘකාමය .
ක්‍රිකට් ( කොල්ලෝ හොඳට ගහනවා ...හැබැයි තිසරව උඩින් එවන්න ඕනේ ) , ලංකාවේ බඩු මිල ( පාන් එකකුයි බටර් කාලකුයි කීයක්ද කියල දන්නවද ) , දේශපාලනය ( සිල්වාගේ පුතා ..) , රටේ දියුණුව ( පාරවල් ටික නම් හැදෙනවා )..

ඒ අස්සෙන් සංවිධායක මඩුල්ලට බරපතල චෝදනාවකි
" මචන් මේක ශ්‍රී ලන්කන් තීම් කියන්නේ කොහොමද ප්ලේන් ටී එකක් නැතුව "

කතාව ඇත්තය . පරිප්පු පොල් සම්බෝල තිබුනට , ශ්‍රී ලාංකික වීමට ප්ලේන් ටී එකක් අත්‍යාවශ්‍යය 






9 comments:

  1. මව් බිමට ආදරය කිරීමට හැකි හොඳම ක්‍රමය විදේශගත වීමයි.
    එහෙත් ප්‍රවෘති බලන විට එයද ෂුවර් නැත.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. පවුලේ කට්ටියට ලංවීමටද හොඳම මග ඔවුන් සමග නාදුනන රටක තනිවීමයි ...මේ මගේ අත්දැකීමයි . ඩූඩ් එකඟ වෙයිද මන්දා

      Delete
    2. හේ.. හේ.. අනිවා..!!!

      Delete
  2. What you have written is true. Yes we all are SRI LANKANS..... When we are away from the country we really feel it!!

    ReplyDelete
  3. Sometimes it is an itch....that needs to be scratched ....then we stop at that......
    Need to do more ...whatever the little we can

    ReplyDelete
  4. බොහොම සිතිය යුතු ප්‍රශ්නයක්. අපි අපේ අනන්‍යතාවය සමග මොකක්ද පැටලිල්ලක් සාදාගෙන ඇතැයි මටද නිතර සිතීමට තරම් අත්දැකීම් ඇත. මේ වරද වූ ආකාරය ගැන මම සිතමින් සිටිමි. මට පෙනෙන මගේ දැනුමට දැනෙන දේ ඉදිරියේදී මවිසින් ලියමි. ඇත්ත කෙතරම් තිත්ත වුවද ඒ දැන සිටීම වැදගත්ය. එතෙක්.....බලමු ඉක්මනට.....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. එය තමයි මටත් තිබෙන ප්‍රශ්නය. ශ්‍රී ලාංකිකත්වය කියන්නේ කුමක්ද ? ලංකාවේ කඩේකින් කන එකද ? සිංහල සින්දු කියන එකද ...එතනින් පස්සේ ඊළඟ ප්‍රශ්නය ..අපි ශ්‍රී ලාංකිකයෙක් ලෙස හිතන්නේ කොහොමද ? මම අනෙක් ජාතින් වැරදියි නොසිතුවත් . ඔවුන්ට ඔවුන්ගේ අනන්‍යතාවයට ඇති අයිතිය පිලි ගත්තත් ...මම හිතන්නේ සිංහලයෙකු ලෙසිනි ..එතනින් එහාට යන්නේ කොහොමද

      Delete
  5. අනර්ගයි...! හරි ඉක්මනටම ප්ලේන් ටී එකා ගැන ලියලා... හේ හේ හේ
    නාතන් ට නම ඔබ දෙන්න ඕන පිළිතුර දීල තියනවා පඩි වදන් තව අවශ්‍ය නෑ..කිව්වත් වගේ අපිත් තාම හිතන්නේ සිංහල දෙමල විදියටනේ...පිට රට උපන් නාදන් ගැන කවර කතාද.

    ReplyDelete

Have commented