26 January 2013

Listen to a song you don't understand \\ අහන්න ගීයක් නොතේරෙන බසකින්



Have you listened to a song in a foreign language ? Where you do not understand a word of what is sung. Yet you do begin to notice how the colours and the textures of a human voice weave patterns so beautiful with the musical notes .You start hearing the breaths , in between the words . You start to distinguish the sighs of despair from the short breaths of hope. You hear the feelings , and then you start scripting the story in your mind.

If you haven’t , you ought to try it at least once . Sometimes it will make you wonder why you needed the words in the first place. 

Once upon a lifetime, my father used to collect hindi songs .  He had a drawer full of Hindi cassettes  Although he did not understand Hindi , he sat back , closed his eyes and listened to Mohamed Rafi’s and Lata mangaskar’s voices ...
For years I could not understand this madness . What he enjoyed in songs he did not understand a word of what is said .  How can there be a song , without the words ?
Then along the way I too discovered a few of those. I fell in love .




This was one . I have read the meaning somewhere , but I chose to forget it . Because I loved the story I wrote in my teenage mind . I love it still .
  
After  all these years , as I begin to understand my father . As I become my father ,  I realize I am inflicted with the same bug . Not the same singers, but the yearning to listen to a song that you do not understand . The other day , I was listening to a French song by a young lady called Zaz. (I do not understand French) The memories came flooding in …and this post was a must. 



අපේ අප්පච්චි එකතු කරපු හින්දි සින්දු කැසට් ලාච්චුවක් තිබුනා . පුටුවක දිග ඇරිලා , ඇස් දෙක පියාගෙන , මොහමඩ් රාෆිගේ , ලතා මන්ගේස්කාර් ගේ හඬට සමවැදී , ඔහු පැය ගනන් ගත කළා .ඔහු හින්දි වචනයක් වත් නොදත් බව දත් මට , මේ පිස්සුව ඒ දවස් වල නොවැටහුනි . 
අර්ථය නොවැටහෙන කල කෙසේ නම් ගීතයක් රසවිදින්නද ?

නමුත් කාලයේ ඇවෑමෙන් මට කෙමෙන් කෙමෙන් මේ ලෙඩේ බෝවෙන්නට විය . මගේ ගැටවර වියේ , ඉහත චුරාලියා ගීතයට පෙම් බැන්දෙමි . එහි අර්ථය මම කිහිපවරක් අසා ඇති වුවද මම වුවමනාවෙන්ම අමතක කලෙමි . එය අසන විට මා මනසින් ඇඳ ගත්  කතාවට මම පෙම් බඳිමි . 

කාලය ගතවී , මා අප්පච්චි ව හඳුනා ගන්නට පටන් ගනිද්දී . මා , ඔහු බවට පත් වෙද්දී ,තවත් ගීත මාගේ ප්ලේ ලිස්ට් එකට එක් විය .
ලඟදි , මා මේ ප්‍රංශ ගීතය ඇසුවෙමි .


 මට එහි වදනක් වත් නොතේරේ , නමුත් එය මගේ සිත සීරීය . 
එම සීරුම් පහර මම ඇඟිලි තුඩින් ස්පර්ශ කරමි . එවිට දැනෙන සියුම් වේදනාව , කිතිය මුසුවූ සංවේදනාවට මා කැමතිය .

ඔබ තවමත් කර නැත්නම් , එක් වරක් අසන්න නොතේරන බසකින් ගයන ගීයක් .
 අහන්න මිනිස් කටහඬේ වර්ණ, හැඩ  තල , සංගීතය හා මුසුව අඳින නාද සිතුවම් . වදන් අතරතුර නැගෙන හුස්මට ඇහුම් කන් දෙන්න . වා තලයට හොරෙන්ම එක වෙන ලසෝ සුසුම් . හිමින් සැරේ නාස්  පුඩු දිගේ විත් හිත් හොරෙන්ම සිතේ හිර වෙන පුංචි පුංචි අපේක්ෂා ..ඔබට ඇසෙන්න ගනීවි .

සමහර විට එතකොට  ඔබට හිතේවි , වදන් කුමකට ගීයකට ?

6 comments:

  1. 'දණගාද්දි ඇවිදින්නට මට අත දුන්න....'
    රස වින්දනය ඉතින් ඇඟිල්ලෙන් ඇන හුරු කරන්න නොහැකි බවට කදිම උදාහරණයකි..
    එකල චිත්‍රපටි පටන් ගන්න පෙර චිත්‍රපටි ශාලාවේ වාදනය වූ '...මේරේ මිතර්වා...' '...මේරේ දෝස්තී....' ආදී මියුරු ගී වලට සිත ඇදුනේ වචන දැන නම් නොවේමය.....

    උදෑසනම කදිම සටහනෙකි - ස්තූතියි JP!

    ReplyDelete
    Replies
    1. තිස්ස ස්තුතියි . ඒකත් මම කැමති සින්දුවක් ...හැබැයි අපි සමහරෙක්ට වන්දි ගෙවන්න අවස්ථා වක් නැති වෙනවා

      Delete
  2. මා දන්නා පරිදි ලොව ලස්සනව වචන ඇති භාෂාව හින්දි භාෂාවයි. ඒ වාගේම එම ගී තුළ අපිටද යම් ආවේනික රටාවක් ඇති බැවින් අපද ඇළුම් කිරීම අරුමයක් නොවේ.

    ReplyDelete
    Replies
    1. එකඟයි ....හැබැයි අලුත් මහා හින්දි සංදර්ශන සින්දු වලට වඩා මොකක්දෝ හර්දයාංගම බවක් මේ පරණ සින්දු වල තියේ යයි හැඟේ

      Delete
  3. Yeah, there was a time I just wondered why people listen to Hindi songs, just like you did. I never was a Hindi fan.

    But then came Latino music. I just started enjoying listening to Spanish. Well, the less you understand, the better.

    I think that explains why this latest 'Gangnam Style' is taking the world by the short hairs. Well, I'm not a Gangnam fan again.

    ReplyDelete
    Replies
    1. I am also not a Hindi fan. I do not watch any hindi films . Yet I love this song.

      Gangam style will be nothing without the video , I feel.

      I too share the craze for spanish songs, most of the time they are very passionate yet sad ..

      Delete

Have commented