01 April 2013

පිස්සු ලාබයි - episode 2- ඉස්ටිකර් Man


 නිෂ්පාදක මැදිරිය 
 ස්ටෑන්ඩ් බයි , වී ආ ස්ටර්ටින් ඉන් 5. ලයිට්ස් ඔන් , කැමේරා ස්ටාට් . ඇක්ෂන් 3, 2 1
(Stand by . We are starting in 5. lights on . Camera start . Theme music. Action 3 2 1 )

නිවේදක 
හරි ලොකු උන්නැහේ ඔන්න දැන් පටන් ගන්න යන්නේ . ඔය සරම හදා ගන්න .

හෙමින් හෙමින්, වචන කඩමින්,  හෙම්බිරිස්සා - ගොරහැන්ඩි -බෙලෙක්ක හඬකින් ,  පුර්ව  හැඳින්වීම ආරම්භ වෙයි .
මේ කියන වකවානුව එක දහස් නවසිය අසු ගණන් . පාසැල් ගේට්ටු අබියස සිහින විකුණු වෙළෙන්දෝ ඔබට මතකද ? ඉස්ටිකර්, පාට කූරු , තව බොහෝ දේ  සිප්හල් ගේට්ටුව අබියස එලා ගත් , ලුමිනස් වර්ණ ඉටි රෙද්දක පිලිවලට අසුරා , ඒ පිටිපස සිටගෙන සිටි ඔහු . අද අතීතයේ මතකයක් වෙලා . මේ සංවාදය අතීතයේ පොඩි දරුවන්ට සිහින විකුණු ඉස්ටිකර් වෙළෙන්දෙක් සමගයි .

අපි ඔබව ආයුබෝවන් කියා පිලිගන්නවා වැඩසටහනට. ඉතින් අපිට කියන්න ඔබ මොනවද වික්කේ කියලා 

මහත්තයෝ , ඉස්ටිකර් තමා 

ඔය ඉස්ටිකර් ඇත්තටම මොනවට පාවිච්චි වෙන්නේ . 

මේක හරිම අරුම පුදුම දෙයක් මහත්තයෝ . මුලින් මුලින් නම් ළමයි ඔය කාර් , මල් වගේ ඒවා අර ගෙන පොත් වල පිටකවර වල ඇලෙව්වා . ඊට පස්සේ  ළමයි  , උන්ට දවල්ට කන්න දෙන රුපියල දෙක දීලා ඔහේ ගන්නවා  , මොකට ගන්නවද කියලා උන් දන්නෙත් නෑ . 

ඇත්තෙන්ම බලනවානම් ගොඩක් දේවල් එහෙම තමයි 

එහෙමයි

මොන වගේ ස්ටිකර් ද විකුණුවේ ?

පිරිමි ඉස්කෝල  ගාව නම් මුලින් මුලින් සත්තු , කාර් . ඊට පස්සේ බෘස්  ලී , රැම්බෝ , කොමාන්ඩෝ .

එතකොට සුපර් හීරෝ ලා 

මොකේක් කිව්වා ?

මම කිව්වේ සුපර් මෑන් , බැට් මෑන් එහෙම 

ආ ඒ අයද ?
ඒ දවස් වල හිටියේ , අර දම් පාට ඇඳුම ඇඳලා , ලන්කට් එක උඩින් ඇඳලා  පටිය බැඳපු පැන්ටම්  විතරයි නේ . 
ඊට ටික කාලෙකට පස්සේ සුපර්මෑන්  ආවා සිංහලෙන් . ඉන් පස්සේ ඉතින් ඒ අයගේ ඉස්ටිකරුත් වික්කා . ඊට අමතරව හිටියේ ඉතින් ගජ මෑන් තමා , එයාගේ වික්‍රම ඉතින් හාමිනේ එක්ක නේ .


මොනවද මේ යකා කියවන්නේ . ගෙට් බැක්  ටු ද  (get back to the ) මාතෘකාව 

ඔව් අපි දිගටම කතා කරමු . කොහොමද  මේවයේ මිල එහෙම ?

එක එක ගණන් මහත්තයෝ . ඔය හැමෝටම විකිනෙන මිලක් තියෙනවානේ .
තිහකට හතළිහකට එක පාර ගහන්න හැකි රැම්බෝ  ලා එනකොට , බෘස් ලි ලා විකිනෙනවා අඩුයි . එතකොට අඩුවට යනවා . අර අනාගතයෙන් ඇවිල්ලා ගේම් දෙන  ටර්පන්ටයින්  ආපුවහම 

මම හිතන්නේ ඔය කියන්නේ ටර්මිනේටර් වෙන්න ඇති 

අන්න හරි .ඌ ආපුවහම රැම්බෝ  ලාගේ කාලේත්  ඉවරයි. එතකොට අඩුවට විකිනෙන්නේ 

වෙන මොනවද ඉතින්  ඔබ අලෙවි කලේ 

දහම් පාසල් ගාව එහෙම ඉතින් , බුද්ධ රූප , දේව රූප , වෙසක් කාඩ්

ඒවායේ ගානවල් එහෙම කොහොමද 

මහත්තයෝ , බෘස්  ලී ලා , සුපර්මෑන් ලට වගේම , දෙවියන්ටත්  විකිනෙන ගානක් තියෙනවා .

ඔබේ වෙළඳාමට සිටි තරඟ කාරීන් කවුද ?

ඒ කිව්වේ ?

මොනවද ඔබේ වෙළඳාමට තිබ්බ බාධා ?

බාධා කියන්නේ ඉතින් පොලොසියෙන් තමයි ඉතින් . කියක් හරි සාජන්ට් මහත්තයාගේ ....

නෑ නෑ  එහෙම නෙමෙයි , අපි අදහස් කරන්නේ අනෙක් වෙළෙඳුන් 

ඉස්ටිකර් කාරයෝ , ගල් සියඹලා කාරයෝ , අච්චාරු ආච්චිලා , අපි ඔක්කොම ඉතින් ළමයින්ගේ අතේ තියෙන රුපියල කඩා ගන්න තමයි ඉතින් කුරුමානම . අපිත් ඉතින් ජීවත් වෙන්න නේ මහත්තයෝ . 
හැබැයි ඉතින් අර ඇස්ට්‍රා කාරයා ගැහුවා අපේ බඩටම . දුන්නානේ ක්‍රිකට් ටීම් එකේ ඉස්ටිකර් නොමිලේම .

එතකොට කොහොමද ලාබය එහෙම ...

hold on අමතක උනා සෙකන්ඩ් සේග්මන්ට් එක දාන්න . දැන් දැම්මා 

නැවතත් අර ගොරහැන්ඩි කටහඬ 
 ඔහු , අනෙක කම් කටොලු මැද  තම දෑතේ විරියෙන් දහදිය මහන්සියෙන් ලොවම දිනු අපේම ව්‍යවසායෙක් . සවන් දෙමු තව දුරටත් ඔහුගේ කතාවට 

ලොකු උන්නැහේ , ඔබ තුමා , ඔබේ දෑතේ මහන්සියෙන් හරි හම්බු කර ගෙන , අද මෙතනට ඇවිල්ල ඉන්නවා , මොකද හිතෙන්නේ 

 අපි ඉතින් උදේ ඉඳන් හවස් වෙනන්කන් ඉස්කෝල ඉස්සරහ තැග්  ගහ ගෙන ඉඳල , හම්බුවෙන සොච්චමෙන් මුදලාලිගේ ගානයි , සාජන්ට් මහත්තයාගේ තේ වියදමයි පියෙව්වම පාන් කාලක් ගන්න ඇති .
 පස්සේ මම වෙන රස්සාවකට බැස්සා 

ඒ මොකක්ද 

මම ඇල්බට් මුදලාලි ගාව හිඟාකන්න ගියා   .
අන්න මහත්තයෝ රස්සා . ඒකත් ඉතින් වෙළඳාමක් නේ . විකුනන්නේ පිං . 
මට මතක් වෙනවා කියුව කවි එහෙම .
අද අද එයි මරු පින් කර ගන්නේ ..කෙලෙසද හෙට මරු ඒවි සිතන්නේ ...........

මේ යකා වැඩේ කනවා .   . කිල් ද සවුන්ඩ් . බ්ලර් ද ෂොට් . ස්ටාර්ට් ද එන්ඩින් ටයිට්ල්ස් . (kill the sound . Blur the shot , start the ending titles ) 

11 comments:

  1. මේ පිස්සු ලාබයි series එක නැගල යනවා JP..තව ලියමු ...

    ReplyDelete
    Replies
    1. ටැන්කු කිව්වා

      Delete
  2. මගේ ගාව තවම දෙකක් තියනවා .. සුත්තර පුංචා (මිහිර ) ටෝගා ( සිත්තර) ... පරණ කවකටු පෙට්ටියේ අලවලා .. දැක්කහම හිනා :)

    ReplyDelete
    Replies
    1. ටෝගා කියන්නේ අර පලවැල කාලා යෝදයෙක් වගේ ශරීරය හදා ගත්ත හාදයා නේද ? ඇයි යුනිකෝ?

      Delete
  3. මටත් පේන්නෙ තව එපිසෝඩ් ගණනාවක් බලාපොරොත්තු වෙන්න පුලුවන් වගේ මේ සීරීස් එකෙන්.
    දැක්කා වගේම කියල ලස්සන! :-O

    ReplyDelete
    Replies
    1. පාඨකයන්ගේ, ප්රතිචාර දක්වන්නන්ගේ කාරුනික අනුග්රහයෙන් ඔබ වෙත ගෙන එන වැඩසටහන සමග දිගටම රැඳි සිටින්න

      Delete
  4. නියමයි!!!

    ReplyDelete
  5. පට්ට...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඊළග වැඩසටහනින් නැවත හමුවෙමු

      Delete
  6. I too like it. Waiting for more interesting episodes.

    ReplyDelete

Have commented