හිස් කවඩි
වෙරළේ තනිවූ
සප්ත සයුරින් එහා
මහා චාරිකාවක
රළ නැවත ගිය සඳ
මතක පෙණ පොඩ හිත දරා
වෙරළේ තනිවූ
ආ ගිය දහස් වර
වත කිරි පැහැ ගැන්වූ
හාදු
වත දරා
සුසුමක
පුරුදු උනුහුමට
ගුලිවු
හිස් කවඩි
පලි : මෙය පැබ්ලෝ නෙරුඩා ගේ කවක් ඇසුරෙනි .
අවුරුද්දකට සැරයක් , සති තුනක නිවාඩුවකට ගෙදර එන මිනිසෙක් සහ ඔහුගේ බිරිඳ ගැන සිතමින් ලියුවෙමි .
අනේ මෙහෙම ජීවිත මොකටද ...
ReplyDeleteසහන් එහෙම කියුවට අපේ ජීවිතත් කොහොම හැරේද කව්ද දන්නේ
Deleteආර්ථික ගැටළු එද්දී ගෑණි බදාගෙන ඉඳලත් බැහැ... එහෙම කියලා සල්ලි හොයන්න ගියාම ගෑණිවත් අමතක වෙනවා සමහර අයට... වෙන එකක් තියා දරුවන්වත් අමතක වෙනවා...
Deleteසල්ලිත් ඕනේ යහමින් .. පවුල් ජීවිතයක මිහිරත් ඕනේ ...අනේ මන්දා වාසනාව අවාසනාව කියලා වත් හිත හදාගමු ...
ඇත්තෙන්ම මේක අර වගේ සිද්දියක් ගැන කියලා යටින් සඳහන් නොකලා නම් මම මොනවා හිතා ගනීද කියලා මම කලපනා කලේ. ඔහොමම නැතත් ඔයිට සමාන ජීවිත තියෙනවා සීමන්ලගේ. අනික මුහුද මැද්දේ ඔයිල් රිග් වල වැඩ කරන උන්.
ReplyDeleteඅඩේ ඩුඩ්, මම කිව්ව එකත් සීමන් කෙනෙක්. අපි දන්න ඔයිල් රිග් ඉන්ජිනේරුවෙක්වත් මතක් උනා. ඩුඩ් නිලේ හරියටම අල්ලලා
Delete