කාලයාගේ ඇවෑමෙන් බොහෝ දේ මෙගා , ගිගා , ටෙරා වී ඇත .
practical jokes ද වෙනම තලයකට පැමිණි ඇති බව , මේ දවස් වල කතා බහ වන මාතෘකාවක් නිසා මට සිතේ . කතාව ඔබ සියල්ලෝම දන්නවා යයි මම සිතමි .
(අර ටෙලියක දෙකක , මෝඩ පහේ පාට් එකට ඇඳ එදා වේල හොයා ගන්නා අහිංසක නළුවෙක් , පාරේ දන ගස්සවා කල අමන විහිළුවක් ගැන කතා වකි .).(ඔහුගේ හද කම්පා කරවන කතාව අසනවිට ) සියල්ලෝම විකිණෙන මිලක් ඇති බවද , වෘත්තිමය නළුවෙකුගේ ප්‍රධානතම හැකියාව රඟපෑම බව වැනි මා සිතේ නැගුනු සිතිවිලි තරාදියේ පැත්තකට දැම්මත් , මෙවැනි විහිලු වල මොකක්දෝ අශිලාචාර බවක් ඇති බව නම් පැහැදිලිය
විහිලු ජාති කීපයක් ඇත . වමට සිග්නල් දමා දකුණට කපා , නොසිතු විරු ලෙස අවසන් කරන විහිලු කතා . අපිට වඩා වෙනස් දෙයට සිනාසීම ( මුසලේමුකුගේ සිංහල උච්චාරණයට , රිලවෙකුට කලිසමක් අන්දවා නැන්දම්මා බලන්නට යනවිට , ළදරුවෙකු ලොකු සෙරෙප්පු ඇඳ ඇවිදින විට , මෙන්ම ගොතයක් තියෙන කෙනෙකු කතා කරන විට ) . බොහෝ විට ඒවා ඇස් රතු වෙන Practical jokes .
.
විහිළුවක් සාර්ථක වීමට නම් , මිනිසුන් එයට සිනාවිය යුතුය . හරි වුවද වැරදි වුවද , දැන හෝ නොදැන අපි බොහෝ විට ඒවාට සිනා සෙන්නෙමු . නමුත් අප සිනාසෙන්නේ කාටද ?
මොහොතක් ගෙන පහත කතා කිහිපය කියවා බලන්න
කථා අංක 1
සුරේ , උගේ පවුලේ එකම ළමයා . ඉතින් , උසස් පෙළ පන්තියේ ඉන්න කොටත් බොහෝ දින වල සුරේගේ අම්මා උදේ පාන්දර නැගිටලා ඌට උදේට කන්න සැන්විචස් හදල දුන්නා . අනේ මුත් ඒක අරන් එනවා පන්තියේ කන්න . පාන් පෙති හතරක් පිළිවෙලට වාටි කපලා . මැදට බටර් මාමයිට් ගාල .... හැමදාම උදේ පාන්දරම කෙනෙක් ඔය කෑම පෙට්ටිය උස්සනවා ... ඔක්කොමත් හරි , ඊට පස්සේ ඒක කනවා මදිවට සුරේටත් කෑල්ලක් දෙනවා "මචං කමුද පාන් කෑල්ලක්?" කියලා ....
ඉන් පසු පන්තිය පුරා පැතිරේ සිනා
දවසක් , සුරේ ගෙනාවා පාන් . සුපුරුදු පරිදි බටර් ගාල , හැබැයි මාමයිට් වෙනුවට ගාල ජාපලන් ද මොනවද (ඩබල් ඩෝස් ) . දවල් වෙනකොට කාපු අයගේ බඩවල් වලට පව පටිසන් දුන්නා . මහා වින්නැහීයක් උනේ .
හැබැයි දැන් වසර ගනනාවකට පසු කට්ටිය එකතු උනාම . ඔය කතාව මතක් කර කර හිනාවෙනවා.
____________________________________________________________________________
කථා අංක 2
පසුගිය මැතිවරණයකදී ටෙලි නාට්‍ය නිලියක් , ඒ පළාතේ කෘතහස්ත දේශපාලකඥයන් පරදා ගම්පහින් මනාප චන්ද ගත්තීය . අපි එයට සිනාසුනෙමු .
ඇය රුපවාහිනි වැඩසටහනකට පැමිණ , බොහෝ ප්‍රාථමික පිළිතුරු දී බොහෝ අසරණ වුවාය . "අනේ මේ වගේ එකිලත් මහජන චන්දෙන් පාර්ලිමේන්තු යනවනේ " කියා අපි එයට ද සිනාවුනෙමු .
_____________________________________________________________________________
කථා අංක 3
එක්තරා රටක , රජෙක් සහ ඇමති මණ්ඩලයක් විය (මෙය සිරි ලංකාව යයි මොහොතකට වත් නොසිතන්න ). ඔවුහු සිය විනෝදය තකා විටින් විට රට වැසියන් රාජකීය උයනට කැඳ වන්නාහ .
එක ඇමතියෙක් අඹ ගසක් දෙසට ඇත දික් කර , "අන්න අර ගහේ මයිනෙක් " කියා කෑ ගසන්නේය . සියල්ලෝ ඒ දෙස බලති . එවිට රාජ පුරුෂයෙක් විත් කෙනෙකුට ටොක්කක් අනින්නේය .
රජතුමා , බිසව , කුමාර කුමරියන් මෙයට හිනා වන්නෝය . ඔවුන් සිනාසෙන විට රට වැසියෝද සිනා සෙති
ඉන්පසු තව ඇමතියෙක් අනෙක් පස , දෙල් ගසක් පෙන්වන්නේය " අන්න ගිරවෙක් , කියා ඒ දෙස පෙන්නවන්නේය " . වැසියෝ ඒ දෙස බලා හුන් කල්හි , රාජකීය කවටය විත් රටවැසියෙක් ගේ හැඳ හුන් සරම කඩා දමන්නේය .
පිරිස මහා හඬින් සිනා වෙති
____________________________________________________________________________
හරි දැන් ඔබට කියන්න පුලුවන්නද ,අපි කාගේ නමද දාන්නේ කියලා හිස් තැනට " ....... ... අද දවසේ ගිගා බයිට් වෙන ලදී ..." කියන කොට
පලි
මේකත් මෙතනම ලියලා දාන්න හිතුනා . සාමාන්‍යයෙන් ඉල්ලුමට සරිලන සැපයුම .
වෙළෙන්දෝ මුලින් ඉල්ලුම කෘතිමව ඇතිකලත් , පහුවෙනකොට ඒවා වෙළඳ පොළ ඉල්ලුම බවට ඉබේම පත්වෙනවා
ඒ නලුවා නම් නලු බට්ටෙක් කියායි වීඩියෝව බලන කොට මට හිතුණේ? ඇයි ඒ ඇඬුවේ!
ReplyDeleteගායකයෝ ගයති. ලේඛකයෝ ලියති. නලුවෝ ....?
DeleteJP හිනාව වර්ග කරපු හැටි භොඳයි, නමුත් මට හිතෙනවා තව ප්‍රවර්ග කීපයක් ඇති කියලා.
ReplyDeleteමතකද ඉස්සර ඉංග්ලිෂ් ෆිල්ම් බලනකොට ගැලරිය පැත්තේ හිනාවයි බැල්කනිය පැත්තේ හිනාවයි එකට සිද්ධ වෙන්නේ කලාතුරකින් බව?
ඔව් ඔව් තව වර්ග ඇති.
Deleteඅර ගැලරි සහ බැල්කනි හිනා වෙනසේ කතාව මරු. හැබැයි සමහර සිනමා හල් වල නම් ලයිට් නිවපුවාම ඇහෙන්නේ නිකන් කිති කවනකොට වගේ හිනා නේද?
හපොයි නලුවෙකුට එහෙම කලාලුද?
ReplyDeleteනලුවන්ටමනෙ වෙන්නේ. occupational hazards?
Deleteමේවට වෙනම නීති රීති ගේන්න ඕන. කෙනෙක් ප්‍රසිද්ධියේ අමාරුවේ දාලා හිනා වෙන එකට වඩා මෙතනදි ඔහුගේ අභිමානයට, ඒ වගේම පවුලත් සම්බන්ධ කරගෙන පොඩි වෙලාවකට හරි ලොකු පීඩනයකට ලක්කරලා. හදිසියේ ගෙදර උන්දැට හරි අදාල නලුවට හරි ප්‍රෙෂර් වැඩි වෙලා, හාට් එක නැවතිලා මලා නම් ඔය හිනාවිම් ඔක්කොම ඉවරයි.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteමේක අශිලාචාර විහිලුවක් කතා දෙකක් නෑ.
Deleteහැබැයි මේ සංකල්පයට ඉල්ලුමක් ඇති කලේ කවුද කියන එකත් පොඩ්ඩක් අපි හිතන්න ඕනේ කියලයි මම හිතන්නේ
හොඳ හිනා ටිකක්.
ReplyDelete:)හැබැයි කාටද ඇත්තටම හිනා වෙන්නේ?
Deleteහැම දෙයක්ම විහිළුවට අරගෙනනේ තියෙන්නේ. රජවාසලත් කවටයෝ. ගුවන් විදුලියෙත් කවටයෝ. පාර්ලිමේන්තුවෙත් කවටයෝ. පංසල්වලත් කවටයෝ. පාසල්වලත් කවටයෝ. කැම්පස් වලත් කවටයෝ. ඉතින් ජනතාව වන අප සිනානොවී අන් කුමක් කරන්නද?
ReplyDeleteමට මෙහෙමත් හිතෙනවා අරූ.
Deleteඉස්සර රජවාසලේ කවටයා කියලා තනතුරක් තිබුනා. ඔහු කියන කරන දේ විහිලු හැටියට තමයි බාර ගත්තේ. අනික් අය ඔහුගේ රස්සාව කරන්න ගියේ නෑ. ඒත් අද විකටයා නිලය නෑ.ඒ කාර්ය අනික් හැමෝටම බෙදිලා ගිහිල්ලා