ආයුබෝවන් අසන්නෙනි . ඔබ නැවතත් එක් වන්නේ ඔබේ සාමාන්‍ය දැනුම පිරික්සන
" දැනුම මිනුම ස්ටාර් " දැනුම මිනුම තරඟයත් සමගින් .
මෙන්න මීළඟ තරඟකාරිය , පදියපැලැල්ලේ සිට පැමිණි මෙලොරහක් නැති ආරච්චිලාගේ සුකුමාලි ද සිල්වා
මෙන්න ඔබට ලැබෙන පලවෙනි ප්‍රශ්ණය
ලංකාවේ පවතින දේශපාලන ක්‍රමය කුමක්ද?
මේ මේ පළාත්සභා ....නෑ ප්‍රජාතන්ත්‍රවාදය
නෑ , නිවැරදි පිළිතුර ප්‍රජා චණ්ඩ වාදී පාලන ක්‍රමය . ඔබ ලඟින් ගියා එත් ලකුණු දෙන්න විදියක් නෑ
දෙවැනි ප්‍රශ්නය , දෙය්යන්ගේ හාල් කෑ විට සිහිය විකල් වේ යයි ජන විශ්වාසයක් පවතී. රජ්ජුරුවන්ගේ හාල් කෑ විට සිදු වන්නේ කුමක්ද ?
මතක නෑ
ඔව් ඔබ කිට්ටුයි පිළිතුරට , නැවතත් උත්සාහ කරන්න
ඇත්තටම මතක නෑ අය්යෝ
ඔබේ පිළිතුර සම්පුර්ණ නෑ ඉතින් ලකුණු බාගයයි හම්බු වෙන්නේ . නිවැරදි පිළිතුර
රජ්ජුරුවන්ගේ හාල් කෑ විට , අමතක වේ , ගොළු වේ , වශී වේ .
මෙන්න තෙවැනි ප්‍රශ්නය
ලංකාවේ නීතියට හා සම්ප්‍රදායට අනුව දෙපළක් විවාහ කිරීමේ බලය ඇත්තේ කාටද
විවාහ රෙජිස්ට්‍රාර් , පාදිලි තුමන් සහ පොලිසියට
පිළිතුර නිවැරදියි .ලකුණු දහයක්
හතරවැනි ප්‍රශ්නය .ඔබ දන්නවා ඇති නේ ලංකාවට පෙර කල මහා සතුරු උපද්‍රව ඇතිවුනා. ජාතික වීරයෝ ඉදිරිපත් වෙලා ඊට විරුද්ධව සටන් වැදුනා . නුතන ලංකාවට , කියන්නේ වර්තමානයේ ලංකාවට එසේ බලපාන උපද්‍රව හතරක් නම් කරන්න
ම් ම් . ඩෙංගු මදුරුවා , උලමා තුමා , බැන්කි මුන් , නවි පිල්ලේ
එය නිවැරදි පිළිතුර ලෙසට පිලිගන්නවා
මෙන්න ඔබට ලැබෙන අවසාන පැනය . රටක සංවර්ධනය මැනීමේ නිර්ණායක මොනවාද
දන්නේ නෑ
උත්සාහ කරන්න
අධිවේගී මාර්ග , ගුවන් තොටුපොළවල් , ලම්බෝගිනි ...
උත්තරය සම්පුර්ණ නෑ . ඉතින් පිළිගන්න බෑ .
අපි මේ පැනය යොමු කරනවා අපේ ප්‍රේක්ෂකයන්ට . මේ පැනයට පිළිතුර පැහැදිලිව තැපැල් පතක පමණක් ලියා පපඩම් පැකට් දවටන තුනක් සමග අපේ ලිපිනයට එවන්න
පපඩම් පැකට් හොයනවා මේ.
ReplyDeleteඔව් ඒවා එව්වේ නැත්නම් තෑග්ගෙන් බාගයයි
Delete/* ලංකාවේ නීතියට හා සම්ප්‍රදායට අනුව දෙපළක් විවාහ කිරීමේ බලය ඇත්තේ කාටද
ReplyDeleteවිවාහ රෙජිස්ට්‍රාර් , පාදිලි තුමන් සහ පොලිසියට
පිළිතුර නිවැරදියි .ලකුණු දහයක් */
ප්‍රශ්න විචාරකට මුස්ලිම් විවාහ අමතක වෙලා ද?
අමතක වෙලා නේන්නම්
Deleteඅවසාන ප්‍රශ්නයට පිලිතුර.........මැති, ඇමති වරුන්ගේ කොලර් සයිස් එක!!!!!!!!පපඩම් කාපු කාලයක් මතක නැත. කන පරිප්පුව හොඳටම ඇත.
ReplyDelete