28 September 2013

දැනුම මිනුම ස්ටාර් // common knowledge

ආයුබෝවන් අසන්නෙනි . ඔබ නැවතත් එක්  වන්නේ ඔබේ සාමාන්‍ය දැනුම පිරික්සන
" දැනුම මිනුම ස්ටාර් " දැනුම මිනුම තරඟයත් සමගින් .

මෙන්න මීළඟ තරඟකාරිය , පදියපැලැල්ලේ සිට පැමිණි මෙලොරහක් නැති ආරච්චිලාගේ සුකුමාලි ද සිල්වා

මෙන්න ඔබට ලැබෙන පලවෙනි ප්‍රශ්ණය

ලංකාවේ පවතින දේශපාලන ක්‍රමය කුමක්ද?

මේ මේ පළාත්සභා ....නෑ ප්‍රජාතන්ත්‍රවාදය

නෑ , නිවැරදි පිළිතුර ප්‍රජා චණ්ඩ වාදී පාලන ක්‍රමය . ඔබ ලඟින් ගියා එත් ලකුණු දෙන්න විදියක් නෑ

දෙවැනි ප්‍රශ්නය , දෙය්යන්ගේ හාල්  කෑ විට සිහිය විකල් වේ යයි ජන විශ්වාසයක් පවතී. රජ්ජුරුවන්ගේ හාල් කෑ විට සිදු වන්නේ කුමක්ද ?

මතක නෑ

ඔව් ඔබ කිට්ටුයි පිළිතුරට , නැවතත් උත්සාහ කරන්න

ඇත්තටම මතක නෑ  අය්යෝ

ඔබේ පිළිතුර සම්පුර්ණ නෑ  ඉතින් ලකුණු බාගයයි හම්බු වෙන්නේ . නිවැරදි පිළිතුර
රජ්ජුරුවන්ගේ හාල් කෑ විට , අමතක වේ , ගොළු වේ , වශී වේ .

මෙන්න තෙවැනි ප්‍රශ්නය

ලංකාවේ නීතියට හා සම්ප්‍රදායට අනුව දෙපළක් විවාහ කිරීමේ බලය ඇත්තේ කාටද

විවාහ රෙජිස්ට්‍රාර් , පාදිලි තුමන් සහ පොලිසියට

පිළිතුර නිවැරදියි .ලකුණු දහයක්

හතරවැනි ප්‍රශ්නය .ඔබ දන්නවා ඇති නේ ලංකාවට පෙර කල මහා සතුරු උපද්‍රව ඇතිවුනා. ජාතික වීරයෝ ඉදිරිපත් වෙලා ඊට විරුද්ධව සටන් වැදුනා . නුතන ලංකාවට , කියන්නේ වර්තමානයේ ලංකාවට එසේ බලපාන උපද්‍රව හතරක් නම් කරන්න

ම්  ම්  . ඩෙංගු මදුරුවා , උලමා තුමා , බැන්කි මුන් , නවි පිල්ලේ

එය නිවැරදි පිළිතුර ලෙසට පිලිගන්නවා

මෙන්න ඔබට ලැබෙන අවසාන පැනය . රටක  සංවර්ධනය මැනීමේ නිර්ණායක මොනවාද

දන්නේ නෑ 

උත්සාහ කරන්න

අධිවේගී මාර්ග , ගුවන් තොටුපොළවල් , ලම්බෝගිනි ...

උත්තරය සම්පුර්ණ නෑ . ඉතින් පිළිගන්න බෑ .
අපි මේ පැනය  යොමු කරනවා අපේ ප්‍රේක්ෂකයන්ට . මේ පැනයට පිළිතුර පැහැදිලිව තැපැල් පතක පමණක් ලියා පපඩම් පැකට් දවටන තුනක් සමග අපේ ලිපිනයට එවන්න



5 comments:

  1. පපඩම් පැකට් හොයනවා මේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒවා එව්වේ නැත්නම් තෑග්ගෙන් බාගයයි

      Delete
  2. /* ලංකාවේ නීතියට හා සම්ප්‍රදායට අනුව දෙපළක් විවාහ කිරීමේ බලය ඇත්තේ කාටද

    විවාහ රෙජිස්ට්‍රාර් , පාදිලි තුමන් සහ පොලිසියට

    පිළිතුර නිවැරදියි .ලකුණු දහයක් */

    ප්‍රශ්න විචාරකට මුස්ලිම් විවාහ අමතක වෙලා ද?

    ReplyDelete
    Replies
    1. අමතක වෙලා නේන්නම්

      Delete
  3. අවසාන ප්‍රශ්නයට පිලිතුර.........මැති, ඇමති වරුන්ගේ කොලර් සයිස් එක!!!!!!!!පපඩම් කාපු කාලයක් මතක නැත. කන පරිප්පුව හොඳටම ඇත.

    ReplyDelete

Have commented