05 October 2013

පුංචි පුංචි කවි (වගේ ඒවා ) // Seeds of poems


ඉබේම විසිල් ගැසෙන 
ඔලුවේ හිරවූ තාලයක්
ආදරය 


First Impressions :
In floating cotton clouds 
I see
Swans
Dragons
Angels


මාවත කොනේ 
බස් නැවතුම මම 
ගිනි අව්ව දරා හිඳ
සඳ එළියේ , සෙමින් ඉකි ගසන

කපුටු බෙටි මෝස්‌තර,  හිස මත
අනුන්ගේ දැන්වීම්,  ගෙල වටා

මාවත කොනේ
නැවතුම මම
බස් උනත්
ටිකක් ඈතින් නවත්වන
මුහුණ පුළුටු කරගෙන
ඔබ
පාරේ එහා පැත්තට පනින

මගේ කඳුළු , වානේ අංශු අතර හිරවී
අනුන්ගේ කඳුළු වැස්සට තෙමෙන




Salt water
 is the only answer to
most of the life’s troubles

be it tears
be it sweat
Or
be it the waters
of the deep blue ocean
to cleanse your thought sins


පලි :
මේවා මහා ලොකු කවි නොවේ. එහෙ මෙහෙ කොළ කෑලිවල  ලියවුනු පොඩි පොඩි අදහස් .

අපි first impressions හදා ගන්නවා මිනිසුන් ගැන , සංකල්ප ගැන , ලෝකය ගැන .

අපේ ඇහින් දැකලා , අපේ හිත් වල . ඊට පස්සේ අපිට පෙනෙන්නේ වලාකුළු වල ඇති හාවා හැඩය විතරයි . 

ඉස්සර සුභාද්රාරාමයේ පන්ති ගිහින් එනකොට , අපි පහුකරනවා බස් නැවතුමක්. ඒකේ  තහඩු තැන් තැන්  වලින් දිරලා ගිහින් . චන්ද කාලේට  චන්ද දැන්වීම් . නැත්නම් දත් බෙහෙත් , සබන් දැන්වීම්. පුසුඹේ බැරුවා, ලගින් යන්න බෑ.

හතර කොනේ කාක බෝ .


කුඩ ඉහල ගෙන ගෑනු ළමයි අපිට ඉස්සර වෙලා ඇවිදගෙන  යනවා . ඒ ලංවෙන කොට , ඔවුන් නහය වහගෙන පාර එහා පැත්තට  පනිනවා 


ටිකක් දුර ගිහාම හතරමන් හන්දියේ ගරාජ් එකේ ඉන්නවා , අපේ වයසේ වගේ කොල්ලෙක් . පන්ති ඇරෙන වෙලාවට , ඔහු කොළපාට  මයිලෝ ටී  ශර්ට් එකක් ඇඳ  ගෙන පාර  අයිනට වෙලා බලන් ඉන්නවා . ගෑනු ළමයි ආපහු පාර  එහා පැත්තට පනිනවා .

මේ වගේ බස් නැවතුම් හැම තැනම තියෙනවා .


පපලි 
බොහෝ ලොකු  ප්‍රශ්න පොඩි කර ගන්න , හති වැටෙනකන් දිවීමෙන්  , ඔක්කොම අමතක වෙන්න මුහුදේ  ගිලී නෑමෙන් හෝ ඉකි ගසා ඇඩීමෙන් පුළුවන් කියලා වයසත් එක්ක මට තේරුම් ගිහින් 









12 comments:

  1. බොහෝ ලොකු ප්‍රශ්න පොඩි කර ගන්න , හති වැටෙනකන් දිවීමෙන් , ඔක්කොම අමතක වෙන්න මුහුදේ ගිලී නෑමෙන් හෝ ඉකි ගසා ඇඩීමෙන් පුළුවන් කියලා වයසත් එක්ක මට තේරුම් ගිහින්

    ඔබට විතරක් නෙමෙයි මටත් දැන් ඔය ටික තේරුම් ගිහින්.... සමහරවිට වයසට යෑමෙදි ඇතිවෙන පොදු හැඟීමක් වෙන්නැති...

    ReplyDelete
    Replies
    1. ඔව් මම හිතන්නෙත් වයසේ වැරද්දක් තමයි

      Delete
  2. අර කියපු බස් නැවතුම් වගේ තැනක් අපේ පැත්තෙත් තිබ්බා මතකයි. ඒ මතකයත් එක්ක හිත ත් පෑරෙන්න එන නිසා ඒ ඔස්සේ වැඩිය හිතුවේ නැතුවට ඔය කිව වගේම තමයි විදිහ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සටහනට. බස් නැවතුම් නම්...බලාගෙන ගියාම අපි හැවොම බස් නැවතුම් , සමහර බස් නොනවත්වන..හ්ම්ම්

      Delete
  3. JJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJMAHA LOKU NOUNATA, LASSANA KAI TIKA.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්රතිචාරයට

      Delete
  4. මේක බොහොම සමීප අත්දැකීමක්නේ.

    ඔය unsesirablesලා ඉන්නවා නේද? ඕකුන් ලඟින් යන එක භයානකයි තමයි. මොකද කුණුහබ්බ කියන්න, අතගාගෙන යන්න ඉඩ තියෙනවා. නමුත් මම මගේ ජීවිතයට සම්බන්ද ගෑණු පරාණ වලට කියන්නේ. පාරේ එහා පැත්තට යනවා නම්, නැතිනම් ඒ පැත්තෙම ඈතින් යනවා නම් ඒක අරූට/අරුන්ට දැනෙන විදියට නොකර සියුම්ව කරන්න කියලා.

    ReplyDelete
  5. ගෑවුනත් ග්රිස්නේ ...
    හැබැයි මේ කොල්ලා ඒ විනාඩි පහේ දහයේ ශෝ එකට, ලෑස්ති වෙලා හිටපු හැටි මතක් වෙනකොට ඌත් අපේ වයසෙනේ කියලා හිතෙනවා.
    අපිත් කුරා කුහුඹු මිනිස්සු වෙච්ච සාද නම් කොච්චර තියෙනවද?

    ReplyDelete
    Replies
    1. නෑ JP. මම අදහස් කලේ ගරාජ් වල වැඩ කරන අය කියන එක නෙවෙයි. මම undesirables කිව්වේ පාරේ ඉඳගෙන, පාරේ යන ගෑණුන්ට කණට කරලා කුණුහරප කියන, අයුතු යෝජනා ගේන. අත ගාගෙන යන අපතයෝ ගැන. ඒ වගේ එවුන් ඉන්න විදියෙන්ම ඈතට අඳුනගන්න පුලුවන්. මේ ගෙස් කිරිල්ල හැමතිස්සෙම හරි නොගියත්, පරෙස්සම් වෙන එක හොඳයිනේ.

      Delete
    2. ඒක හරි. පරිස්සම් වෙන එක කෝකටත් හොදයි.

      Delete
  6. ///අපි first impressions හදා ගන්නවා මිනිසුන් ගැන , සංකල්ප ගැන , ලෝකය ගැන .
    අපේ ඇහින් දැකලා , අපේ හිත් වල . ඊට පස්සේ අපිට පෙනෙන්නේ වලාකුළු වල ඇති හාවා හැඩය විතරයි .////

    මෙන්න මෙතන තමයි ගොඩාක් අය වරදවා ගන්න තැන JP. මම උනත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. මාත් ඒ ගොඩේ අරූ.

      සමහර අය දැක්ක ගමන් හොම්බට අනින්න හිතෙන්නේ.

      ඒ ඕන් නෑ. දැකලා වත් නැති මේ බ්ලොග් ලියන අය ගැනම කොච්චර නම් ප්‍රතිරූප හදා ගන්නවද

      Delete

Have commented