27 March 2014

රා බොමු, එලාර දුටු ගැමුනු සින්දුව සහ ගෝපී

රා බොමු

ඔබ දැක ඇති ඒ අහිංසක යෝජනාව බොහොම ලාවට කරන පොඩි බෝඩ් එකක ලියා පොල් ගහක කඳේ අලවා  ඇති . එහෙම නැතිනම් බැරල් එකක ලියපු . රා තියෙනවා කියන්නේ නෑ . එන්න ඇවිත් බොන්න කියන්නේ නෑ . රා බිව්වොත් හොඳයි කියන්නේ නෑ . රා බොමු කියලා පුංචි අදහසක් ඔලුවට ඇතුළු කරනවා විතරයි . එතනින් පස්සේ අවශ්‍යතා ඇති වෙන්න ගන්නවා අපේ හිත්වල . පොඩියට ඇතිවෙන ආශා , නැතිවම බැරි තත්වයට එනවා . එත් තීරණය ගන්නේ අපි . පස්සේ වැඩේ වැරදිලා බඩ  බුරුල් උනොත් , ලඟින් ඉන්න බැරි තරමට පුසුඹ වැඩි උනොත් ... කවුරුවත් බොන්න කිව්වේ නෑනේ . ඉතින් වැරැද්ද අපේමයි .
මට ඇහුනා,  ඔබ හිතනවා  ...ඒ ඉතින් රා නේ කියලා .... එතකොට ඔබට ඇහිලා නැත්ද යමෙක් මෙහෙම කියනවා  "අපි කලගුණ සලකන ජාතියක් .."

එලාර දුටු ගැමුණු සින්දුව

මේක පොඩ්ඩක් විතර පැරණි රසාංගයක් . පැරණි සින්දුවක් . ගයන්නේ ඒ යුගයේ වැඩියෙන්ම බැණුම්  අහපු සංගීත කණ්ඩායමක් . සන් ෆ්ලවර්ස්
මතකද බලන්න අර ලාම්පුවට හුලන් ගහපු එළාර ගෙයි දුටු ගැමුණුගෙයි කතාව .  අර ලාම්පු එළියෙන් , ප්‍රේක්ෂකයන්ගේ  ඔල්වරසන් හඬේ  ෆෝම් එකට රග දුන් එළාර දුටු ගැමුණු නාඩගමේ කතාව .
මෙන්න මෙහෙම පටන් ගන්නේ
එළාර දුටු ගැමුණු , යුද්දය තේමා වුනු
නාට්ටියක් නැටුවලු ඉස්සර කාලේ
දැන් කාලේ වගේමලු යුද්ද කතා බලන්නමලු
කට්ටිය එකතු වුනේ ඉස්සර කාලේ
මතකද ඊට පස්සේ වෙච්ච දේ ... මැදදී දුටු ගැමුණු උඩ පැනලා  ලාම්පුවට පයින් ගහනවා . එකෙන් පස්සේ බෑඩ් ලයිට් නිසා තරඟය හදිසියේ අත් හිටවනවා . ටික වෙලාවකින් කට්ටිය ටෝච් එකක් ගහල බලනකොට මෙන්න එලාරයි දුටු ගැමුනුයි  කළුවරේ ඉඳන් මාරුවෙන් මාරුවට ලාම්පුවට හුලන් ගහනවා .
නැවත අහන කොට මේ සින්දුවේ පණිවුඩය තවත් තදින් මට දැනෙන්න ගන්නවා . සාමය ඇතුලේ ජිවත් වෙන යුද්ධය ගැන මට හිතෙන්න ගන්නවා .
මම කියනවට වඩා , සින්දුව අහලම බලන්න


ගෝපී

එතකොට ගෝපී  නේද ?
තවම අවතීර්ණ වුන විතරනේ කරලියට . පූරකගෙ  කවි දෙක තුන අවසන් වෙලා . ඔහු පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා  . බල්ටි දෙක තුනක් ගහනකන් ඉවසන් ඉන්න , හූ කියන්න හරි විසිල් ගහන්න ( ඔව් විසිල්  ගහන අයත් ඉන්නවා,  අමතක කරන්න එපා  ) හරි කලින්

පලි : ස්පෝට් ලයිට් එක නළුවට යොමු වුන කල්හි , අවධානයට ලක් නොවෙන පසුතලයේ කෙතරම් දේ සිදුවේද ?

3 comments:

  1. කරලියට ආපු ගමන් උනත් කරලියේ පෙරලියක් කරන්න බොහෝ දුරට ඉඩ තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ලොක්කා හූ කියන්න විසිල් ගහන්න හදිස්සි වෙන්න එපා

      Delete
  2. දුටුගැමුණුලා, එළාරලා මාරුවෙන් මාරුවට හුළන් ගහන සීන් එක නිතරම පේන්න තියෙන නිසා ඔය සින්දුව නිතරම මතක් වෙනවා. මේ හුළං ගහන ගැහිල්ලට කොයි මොහොතක හරි ළාම්පුව පිපිරෙනවා.

    ReplyDelete

Have commented