28 June 2014

ගිණි අවි සහ හරි කෙළි // Side (arm) Effects

"රාලහාමි අයියේ "

උදේ පාන්දරම ගේට්ටුව අසළ  කවුරුදෝ කෑ ගසන්නේය .

"පුඥ්ඥසෝම කඩේ ගියෝ " කියාගෙනම සෝමා කුස්සියේ සිට වටෙන්ම ගියේ ඒ කවුදැයි කියා බැලීමටය 

රඹ ප්‍රමාණයේ කෙසෙල් ඇවරි දෙකකුත් අතේ තබාගෙන ගේට්ටුවෙන් එපිට සිරිල් සිටගෙන සිටින්නේය . වම් කණේ  සිට දකුණු කණට පැතිරුණු සිනහව මුළු මුහුණටම  එළියක් ගෙනවිත් ඇත.

"ආ  මල්ලි මොකද මේ උදේම ? එන්න ඇතුලට . අයියා පාන් ගේන්න ගියා . " 
සෝමා හඬ බාලකර කිවේ පුෂ්ටිමත් කෝලිකුට්ටු දෙස හොරෙන් බලමිනි 

"නෑ  අක්කේ මේ අපේ වත්තේ කෝලිය කැනක්  ඉදුනා , අයියාට  ගෙනාව අයියා කන්න කැමතියි නේ ."

"අයියා නම් ඕන ජරාවක් කනවා . වැඩිය කැමති ඉතින් ඇති කෙහෙල් තමයි . ඒත්  මොකද මේ කවදාවත් නැතිව ?"

"නෑ  ඉතින් අපිටත් ආරංචි උනා . අයියටත් හම්බු වෙන්න ඇතිනේ . පොඩි පහේ දෙයක්ද අක්කේ . අපිටත් ආඩම්බරයිනේ . එත් මට ෂුවර් තිබ්බේ නෑ  අයියා ගෙදර ඉඳියිද කියලා "

"අද නිවාඩුවක් දැම්මා කිව්වේ , කාකි  කලිසම හෝදන්න තියෙනවා කියලා "

එවිටම රාලහාමි ගේට්ටුවෙන් ඇතුළුවිය 

"මේ සිරිල් මල්ලි තෑගිත් අරන් ඇවිල්ලා " සෝමා ඉක්මන් විය 

මොකෝ මල්ලි ලෙඩක්ද , හෙල්මට් නැතුව ගිහින් අහු උනා ද , දඩ කොලයක්ද , හොරු පැන්නද ?

නෑ  නෑ  එහෙම එකක් නෑ ...රාලහාමි අයියේ උඹ ඇක්සයිස් වත් කරනවද ..පපුවත් ඉස්සරහට ඇවිල්ලා  , උසත් ගිහින්ද මන්දා 

විකාර මල්ලි , දැන් ටික දවසක ඉඳන් අමුතු විදියකට තමයි ඇවිදින්නේ , මනස්ගාත 

අනේ මේ ගොල්ලන්ගේ හැඳි මිටේ මොලේ ...මල්ලි මෙහම තමයි මමයි රජ එකේ විජේ ඇවිදින්නේ ...

අයියේ අපිටත් ආරංචි උනා ...හම්බුනා කියලා 

මොනවද ඕයි  මේ හම්බුනා කියන්නේ , ප්‍රොමෝසන්  එකක්වත් හම්බු උනාද ?

සෝමාගේ පැනයට පුඟ්ඟසෝම පිළිතුරු දීමට ගියේ නැත . පැනය  නෑහුන ගානට සිටියේ . ඔහුට මාජ්ජ ප්රෝකාසක ඇස්  ඇස්  පී සර්ව සිහිවිය 

වෙනදා වගේ නෙමෙයි මල්ලි උඹට කියන්න දැන් ටිකක් කඩ පිලට ගියාමත් මිනිස්සු ටිකක් රැස්පොට් එකක් දීලයි කතා කලේ . ඉස්සර වගේ නෙමෙයි බං 

උඹේ වටිනාකම ගමේ උන්ට තේරෙන්නේ නෑ  බං . 
අයියේ එක සැරයක් ගෙදරට හොරු පැනලා කැප්  තොප්පියත් අරන් ගියානේද 

කැප්  එක විතරක්නම් මදැයි , බැටන් පොල්ලත් අරන් ගියානේ . ඊට  පස්සෙනේ වැඩේ උනේ 

මොකෝ උනේ 

ඒ අසමජ්ජාතියා තොප්පිය අර මඩ  ලියද්දේ පඹයාට දාලා  ගිහින්නේ 

නෑ මාර නෝන්ඩියනේ 

ඔව් බං  ට්‍රැෆික් ඉන්නකොට හෙල්මට් දාලා  ටොකු ඇනලා  යනවා. කොල්ලෝ කෑගහනවා පොන්න  සෝම කියලා ...අපි විඳින දුකක් 

හිහිහි 

හිහිහි? හැබැයි පුතෝ දැන් ඒ සෙල්ලම් බෑ . වැඩිය ආවොත් ගත්තා මේ පැත්තෙන් ඩි ෂුම්  ගාලා අවම බලය පාවිච්චි කරලා දානවා 

අපි දැක්කා අර වීඩියෝ එකේ කට්ටියගේ වැඩ 

අන්න දැක්කද ..නිකන් කෙලින් හිටගෙන කව්බෝයි වගේ ..අර කිලින්ට් ඊස්  වුඩ් වගේ , ඩිශුම් ඩිශුම්
 (දකුණත  ඉණ  අසල තබාගෙන , ඇඟිලි දෙකක් දික් කර ඔහු රඟ  පා පෙන්වීය )

අම්මේ බයෙත් බෑ 

හැබැයි මල්ලි එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා 

මොකෝ අයියේ 

මේ හුචක්කුව ඉනේ එල්ල ගත්තම , කලිසම බහිනවා බං 



පලි  :  මම ඉස්සර හිතන් හිටියේ අහිංසක පොලිස් යනු හුදු මනෝ කල්පිතයක් පමණක් කියාය . එය එසේ නොවන බව මම දැන් දනිමි 

19 comments:

  1. මේක අනික් පැත්තට වෙන්ට බෑද? නැත්නම් මැදින් පටන්ගෙන දෙපැත්තට යනවා වෙන්ට බෑද? :D:D

    ReplyDelete
  2. එහෙමත් පුලුවන්. ඒත් චෙස් පුවරුවක් එක ඉත්තෙක් විතරයිනේ පොලිස්?

    ReplyDelete
  3. පට්ට...
    හිහි...
    පුන්න සෝමලම තමා...
    සැක් ඉතරක්

    ReplyDelete
    Replies
    1. මට නම් පව් කියලා හිතෙනවා. සොච්චම් පඩියක් දීලා, අවම පහසුකම් යටතේ අපි මහමෙරක් දේවල් බලාපොරොත්තු වෙනවා

      Delete
  4. රඹ කියන්නේ කෙසෙල්ම කියලයි මම හිතා හිටියේ. ඇති කෙසෙල්ද ඇටි කෙසෙල්ද? යකෝ මම ඒ ගමන අහලා තියෙන්නේ ඔක්කොම කෙසෙල් ප්‍රශ්ණනේ. Going bananas, I guess.
    කලිසම බහිනවට කරාන්ට තියෙන්නේ අර කවුද බෝයිල වගේ වෙනම ගන්බෙල්ට් එකක් කලිසමට උඩින් එල්ලගන්න එකයි. හැබැයි වැරදිලාවත් ඔය Hollywood cop shows වල වගේ කලිසමේ බෑන්ඩ් එක අස්සටනම් රිංගවාගන්ටෙපා. හෙහ් හෙහ්.

    ReplyDelete
    Replies
    1. රොම්බ කියලා ඇටි කෙහෙල් කියලා ගහන්න හිතුවේ. හදිසියේ පළ කල නිසා වැරදි. ( අද ලංකාවට යනවා).
      අවුරුද්දටම කලිසම් දෙකක් දෙන පොලිසියේ ගන් බෙල්ට් දෙයිද මන්දා

      Delete
    2. Wish you a happy and safe journey.
      (Please don't argue with the cops this time.)

      Delete
    3. Thank youඅපි වලි නැත. ඇල් වතුරත් නිවලා බොන්නෙමු.

      Delete
  5. අනේ මම දන්නේ නෑ මෙව්වා -_- කතාව පට්ටයි. කාලීනයි. :D

    ReplyDelete
  6. කියවන්න ලැබුනු හොඳම වර්ගයේ කොලමක්. නියමයි. උපහාසය බේරෙනවා. ඇත්තටම ප්‍රවීන මාජ්ජ කරුවෙක් වගේ. බොරු නෙමේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතිය. පොඩි ලජ්ජාවකුත් ආවා

      Delete
  7. Ranjan (düsseldorf.)June 28, 2014

    Ethenma obe rachana shailiya wishishtai, idalebena widiyata thawathawath meweni rachana liyanna.

    ReplyDelete
    Replies
    1. ස්තුතිය. නැවත එන්න

      Delete
  8. අනේ අපිනම් අහිංසකයි. අපිට විරුද්දව ඔය අවම බලය පාවිච්චි කරනවා එහෙම නෙමයි..
    --------------

    පොස්ට් එක නම් super...
    Well Done !!

    ReplyDelete
  9. කතාවනම් පට්ටයි..

    ReplyDelete
  10. නියම කතාව. ඇත්තෙන්ම අපි ඒ අය ගැන මෙයිට වඩා සානුකම්පිතව බලන්න ඕනෙ. ඒ උනාට සමහර ලොක්කො අහිංසකයන්ට දෙන දඩුවම් දැක්කම ඒ අදහස අත්හරින්න වෙනව නේ.

    ReplyDelete

Have commented