21 June 2014

කැළෑ ගිනි තැබීම , ඇස් වසා ටොකු ඇනීම , අල්ලේ මැද ඇඳපු ලංකා සිතියම හා වෙනත් කතා // The week in review

නොකළ නොහොඳ හා කළ  හොඳ 

මා මේ සටහන පටන් ගත්තේ ඉහත චායාරූපය ගැන ලියන්න  හිතා ගෙන . කළ  හොඳ හා නොකළ නොහොඳ ගැන ලියන්න . ඒ දෙකේ ඇති වෙනස ගැන ලියන්න මා කටු සටහන ගහල තිබ්බේ . ඒත් පහුගිය සතියේ ඇති උන සිද්ධිනුත් එක්ක වෙන වෙන කතා මේ සටහනට එකතු උනා .  

කතා අංක 1
හේන් ගිනි තියන්නේ , කැලෑවෙන්  කොටසක් එලි කර ගන්න . මොනවා උනත් ගස් කීපයක් විනාස වෙනවා . ලොකු ගස් නම් ආයේ වැවේවි , එත් දළු දාපු රිකිලි විනාස වෙන්නේ සදහටම . කොච්චර පරිස්සමට කළත්  , හුළඟට ඇල්ලුවොත් ලැව්  ගින්නක් වෙලයි නවතින්නේ .


කතා අංක 2
පුංචි කාලේ දඟ කමට කරපු සෙල්ලමක් තමයි, පස්සෙන් ගිහිල්ලා  කාගේ හරි ඇස්  වහන  එක . අයෙක් ඇස්  දෙක වහල තදින් අල්ලාගෙන ඉන්නකොට වටේ ඉන්න අනෙක් අය ටොකු අනිනවා . වයසින් මුහුකුරා යත්ම ටොකු ඇනීම  වෙනුවට , වෙනත් ස්ථාන තෙරපීමත්  විටෙක වුනා (පිරිමි ඉස්කෝල  වල විතරක්ද මන්දා ) . ඊට පස්සේ ප්‍රහාරයට ලක්වූ අයව වටයක දෙකක් කරකවලා අනෙක් අය  දුවලා ගියා . අර අහිංසකයා ඇස ඇරලා , අඳුරෙන් එළියට  ඇස්  හුරු කරගෙන බලපුවහම , ටොකු ඇනපු  කෙනෙක් නෑ .



කතා අංක 3
උගුරට හොරා බෙහෙත් බොන්න පුලුවන්ද ලංකාවේ 

ඒක තමයි මාත් මේ කල්පනා කලේ 


කතා අංක 4
මචං , මේ රටේ මිනිස්සු වයසක මනුස්සයෙක් , ගැබිනියක් දැක්කත් කෝච්චියේ සීට්  එකවත් දෙන්නේ නෑනේ 

ඔව් එක නම් ඇත්ත 

ඔන්න මම නම් දැන් සීට් තිබ්බත් ඉඳ ගන්නේ නෑ 

ඒ ඇයි ?

එතකොට , නැගිටින්න ඕනේ නෑ  නේ .

ඔබ ඉඳ ගෙන හිටියොත් නැගිටලා සීට්  එක දෙනවා . 

ඔව් 

ඒත්  නැගිටින්න වෙන නිසා හිට ගෙන යනවා 

ඔව් 

ඒ දෙකම එකක් නෙමෙයිනේ 

ඒ වුනාට , ඉඳ ගෙන ඉඳලා නැගිටිනවට වඩා හිටගෙන යන එක ලේසියිනේ 


කතා අංක 5
අපි ජාතිවාදය පිටු දකින්න ඕනේ .
එතකොට දැන් තියෙන්නේ ජාති වාදයක්ද ආගම් වාදයක්ද 

ඒ කිව්වේ 

ඒ කිව්වේ සිංහලබෞද්ධ කියන්නේ ජාතියක් , මුස්ලිම් කියන්නේ ජාතියක්?

ඔව් 

ඔව් ? එහෙනම් හරි,  ඉතින් අපි මොකද කරන්නේ 

දැක්කේ නැත්ද මගේ ෆේස් බුක් එක , අර අල්ලේ ලංකාව ගහලා ජාතිවාදය එපා කියලා දැම්ම පින්තුරේ 

හි හි හි 

 (තව දිගට සම්බන්දයි )

පලි : 
ප්‍රස්තාව පිරුළු කීපයක් සිහියට එන්නෝය  
 "ඌරන් කැකුණ තලනවිට හබන් කුකුලන්ට මගුල් "
" වැටත්  නියරත් ගොයම් කා නම් ..."
" දී කිරට බළලුත් සාක්කි ..."

"ලුලා නැති වළට ...."
"අනුන්ගේ මගුල් ගෙදර තමන්ගේ කරුණාව පෙන්වීම "


11 comments:

  1. සමහර උන්ගේ හැසිරීම දැක්කාම, අනේ මුංව හදන්නේ නැතුව ඔය කියන විදියට අල්ලේ ගහලා දැම්මානම් කියා හිතෙනවා!

    ReplyDelete
    Replies
    1. මටත් පුදුමයි සමහර අයගේ අදහස් ගැන ..ඒත් ඒ අදහස් දැරීමටත් නිදහසක් තියෙනවනේ කියලා හිතා ගත්තා

      Delete
  2. ඔක්කොම ටික ඇත්ත තමයි.
    කතා සේරම අංක දාල වෙන් කරලා තිබ්බට ඒවා හැම එකම එකකට එකක් සම්බන්ධයි..

    ඒ එක්කම ඒවා හැම එකම අපිට සම්බන්ධයි..

    ReplyDelete
    Replies
    1. ඔව් මේවා ස්සම්බන්ධය්ි

      Delete
  3. Replies

    1. මොකෝ අරූ බුදුන් වැඩියා කියලා කරන්නේ.

      කොටින්ම දහයක් එන්නේ නෑ බණ අහන්න. උන් වහන්සේ කැලයකට වඩියි

      Delete
  4. we need a teacher කියල කොලොනියල් කසින්ස්ලගෙ සින්දුව මතක් වුනා

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ මට තේරුනා.
      ඒත් කොලොනියල් කට්ටිය හා කසින්ලා තමයි මේ ප්‍රශ්න වලට මුල එක විදියකට

      Delete
  5. අමුතුවෙන් කියන්න දෙයක් නෑ ජාලිය ඔක්කොම ටික ලියලානේ.

    ReplyDelete
  6. මම හිතුවා එංගලන්ත - ශ්‍රී ලංකා මැච් එක ගැන මොනවා හරි ඇති කියලා... අපේ කොල්ලෝ ටික සුද්දන්ට දුවන්න දෙන්න හදන්නේ... දැන් ඉතින් අල්ලේ පින්තූරේ මදැයි... දාගන්න ඕනේ මම ක්‍රිකට් ටී ශර්ට් එකක් ඇඳන් ඉන්න එකක්...

    ReplyDelete

Have commented