14 October 2015

රූපසිංහ මාමාගේ රූප පෙට්ටිය සහ මත්තල වී ගබඩාව

රූපසිංහ මාමා වැඩ කලේ කොළඹ සුද්දෙක් ගේ ගෙදර ය. ගමේ කොයි කවුරුත් ඔහුට ගරු සරු දැක් වුවේ , කොළඹ වැඩ කළ  නිසාත් , කකුල් දෙකටම කලිසම් ඇන්ද නිසාත් ය. රස්සාව ද වැදගත් ය . ඩ්‍රයිවර් මහත්තයෙක් ... අනික මේ ගමේ උන්නු බස් ඩ්‍රයිවර්ලා , ලොරි ඩ්‍රයිබේල්ලා , ටැට්ටර් එලවන එවුන් වගේ නොව ....රූපසිංහ මාමා එලෙව්වේ අලුත්ම අලුත් ජපන් කාර් එකක්ය . 

අසු දෙකේ අවුරුද්දේ , සුද්දා ආපහු යන්න ගියේ කාර් එක විකුණා දමාය . අනිත් ගෘහ භාණ්ඩ සේවකයන් අතර බෙදා දුන්නේය . මේවා අතරින් එකක් දිහා රූපසිංහ ඇහැ ගසා ගෙන සිටියේය . ඒ පොඩි , කලුසුදු රූපවාහිනියකි . 
"සර් ගිවූ මී දිස් " රූපසිංහ ඉල්ලුවේය .

"බට් , යු නීඩ් අ ඩිෂ් .." සුද්දාට ලෝබ හිතුනද කොහේද , රූපසිංහ සිතුවේය ....
" ඉට්ස් ඕකේ සර් ...ඉට්ස් ඕකේ ... අනේ ඔන්න ඔහේ ගිවූ මී දිස් " ඒත් රූපසිංහ මේ ඇස්  ඉදිරිපිට ඇති නිධානය අත  අරින්නට සුදානම් වූයේ නැත . 

සුද්දා ඔන්න ඔහේ එය රූපසිංහට දුන්නේය .

රූපසිංහ මෙය ගෙදරට වඩම්මා , සාලයේ කැබිනෙට්ටුව උඩින් තැබුවේය .  ටවුමේ ඉඳන් වෑන්  එකටම හොඳ ගානක් වියදම් විය ... ඒත්  ටීවී එක නිකන් නේ රූපසිංහ හිත හදා ගත්තේය .

වැඩේ පත්තු වුයේ ඉන් පසුවය . ගමට ලයිට් නැත . රූපසිංහ කාර්  බැටරියක් සල්ලි දී ගෙන විත් වැඩේ ගොඩ දා ගන්න බැලුවේය . 

රූපවාහිනී විකාශනය ගමට සම්ප්‍රේෂණය වන්නේද නැත . 

කොටින්ම රුපසිංහගේ ඉංග්‍රීසියෙන්ම කියනවානම් , දැන් " හැවූ  ටී වී , නෝ  සෝ " ය  

"ගමට ලයිට් ආපු දාක , රූපවාහිනී තරංග ගමට ආ දාක , සුද්දා වගේ ටීවී බලන්න පුළුවන් . මේක අනාගත ආයෝජනයක් . මේ ගානට ( නිකන් නේ ) හම්බු වෙන්නේ නෑ  ."  රූපසිංහ ගේ තර්කයද ලිහිල් නැත . 
එතකං, රූපසිංහ ගේ මායියා රූපවතී , ලස්සනට මල් මහපු කවරයක් මසා  රූප පෙට්ටිය ආවරණය කලාය . 

කාලය ගත විය . රූපසිංහ ගේ ගෙදර , ටීවී ගෙදර විය . රූප  පෙට්ටිය ඔහේ සාලේය . ගෙදරට එන උන්ගේ අත පත ගෑමද නැවතී ගියේය . පහු පහු වෙත්ම  මෙය ඇහැක ආ නගනයක් මෙන් , ඇහැට වද  දෙන්නට විය .

රූපවතී දවසක් මල් වාස් එකක් මේ මත  තැබුවේ , ඔහේ තියන දෙයින් වැඩක් ගන්නය .

***
රූපවාහිනිය නොමිලේ ලැබුන නිසා , රූපසිංහ එය උස්සාගෙන  ටවුමට ආවේය. ටවුමට ආ පසු මෙච්චර දුර ආපු එකේ කියා වෑන් එකටද සල්ලි දුන්නේය ... ගෙදර ගෙනා පසු , ගෙනාපු එකේ කියා සල්ලි දී බැටරියක්ද ගත්තේය . 

ටවුමේදී රූපපෙට්ටිය විසි කළා නම් සල්ලි ඉතුරුය .

ඇතැම් විට ගමට තරංග සම්ප්‍රේෂණය වෙන විට , ගේ ළඟටම බස් එක එන්නට පුළුවන . ගමට ලයිට්ද තිබෙන්නට පුළුවන 
ව්‍යාපෘතියක් ඉදිරියට යෑම  ගැන තීරණ ගැනීමේදී , මෙතෙක් වියදම් වූ මුදල ප්‍රමුඛතා අතින් පහලටම වැටේ . ඒ බව සිහි තබා ගැනීම වටී .

රූපවාහිනීය  මත මල් බඳුන් තැබීම වැරදිය . කාගේ උනත් සල්ලිය. අනාගත ආයෝජනයක් ලෙස ගත්  රූපවාහිනිය , එහි ප්‍රතිපල ලැබෙන තෙක් පරිස්සම් කර ගත යුතුය. රූපවතී කළ  දෙය වැරදිය .

අනෙක් අතට ඒත් නොබලන රූපවාහිනියෙන් වැඩක් නැත .කොහොමත් මෙය පාවිච්චි ක‍රන  කාලේ එනකොට අබලන් වී තිබෙන්නටද ඉඩ ඇත . එසේ නම් රූපවතී නිවැරදිය .

අනාගත ආයෝජන ගැන තීරණ කිරීමේදී , ක්ෂය වීම (Depreciation) ගැනද සැලකිය යුතුමය 

***

මත්තල වී ගබඩාවක් තිබෙන්නේය . ඒ පැත්තේ ගිය වෙලාවක බලන්න යන්න ඕනෑ ය 

37 comments:

  1. නිකං හම්බ වුන නිසා හොඳයි. ෆිනෑන්ස් කරලා ගත්තනම් රුපසිංහගේ පුත්තු තාම ගෙවනවා.

    ReplyDelete
    Replies
    1. පුත්තුන්ට මාර කේස් එක උනේ ... අලුත් ටී වී එකක් ගන්නත් නෑ ... මේකම රෙපයාර් කර කර බලන්න උනා ...

      Delete
  2. ටීවු එක ණයට සල්ලි අරං ගෙනැල්ලා පොලී ගෙව ගෙව ඉන්න තිබුණා නම් කොහොමද සනීපේ?

    ReplyDelete
    Replies
    1. අප්පා එහෙම සනීපයක් ...

      Delete
  3. අපරාදේ මත්තල ... සොරි ටී.වී එක

    ReplyDelete
    Replies
    1. ඒ වගේද ඒකට දාපු රූපවතී ගේ මල් මල් කවරේ

      Delete
  4. Niyama post eka !Bohoma dewal itha ketiyen rasawathwa kiyawenawa!

    ReplyDelete
  5. ඒ වගේද බලන්න මාගම්පුර වරාය.. අන්න ළඟදී ඔට්ටේලියාවෙන් එළදෙන්නු නැවක්ම ගෙනාව ( මෙහෙ ඉන්න උන් මදිවාටද? සොරි ඈ !) සරුංගල් තරඟ , කානිවල් වලට වගේ දෙන්නේ නැද්ද දන්නෑ නෙහ් ? නෑ මං කිව්වේ ඒ පැත්තේ උන්ට හරියන එව්වා..

    ReplyDelete
    Replies
    1. මෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා ... සමහර පළාත් වලින් පාර්ලිමේන්තුවට එව්ව අයගේ හැටියට , උන්ව ගෙනාවේ පොඩි චන්දෙට ඉදිරිපත් කරන්නද දන්නේ නෑ

      Delete
    2. අනේ මේ මොකක් කියනවද... මම මොනවා හිතන්නද. ඔට්ටේලියන් නොවැ .. එන්ට කියන්ට එන්ට කියන්ට.. මෙහෙන් ගියපු බුරුතු පිටින් අය එහෙ ඉන්නෙකේ ආයේ මොකට අපි මොනවා හිතන්නද... එකම වැඩේ මේක පිට උන්ට යන එක. අපේම එකෙක් උන්න නම් කමක් නැහැ. අර රැවුලක් එහෙම තියෙන අර අර... නෑ නෑ ... එයා නෙවෙයි. එයා නන්දිකඩාල් වලදී වෙඩි කෑවා / තියාගත්තා නේ.. එයා වගේ වෙන එකෙක්.. පළාත, වන්සේ එහෙම බලනවා ඈ

      දැන් බැරිද ඉස්සර ගියපු වන්දනා නඩ වලට නවතින්න හොඳවයින් රෙස්ට් දෙකක් තුනක්, විශ්‍රාම සාලා එහම හැදුවනම්... අනේද කියන්නේ.. අන්න ආයෝජන

      Delete
    3. එළදෙන්නු ගෙනාවේ ලංකාවේ දේශාපාලනයේ කාන්තා නියෝජනය අඩු නිසා ඒකටත් පිළියමක් වශයෙන්ලු. නැත්තම් ගේන්නේ හරක් නේ.

      Delete
    4. ඉස්සර බ්ලොග් පැත්තේ ආවා නේද වනිතා කියලා කෙනෙක්
      ඔබ මේ වගේ කතා කියලා අහුවුනානම් ඈට...

      Delete
    5. උපහාසය හා අපහාසය අතර වෙනස තේරුම් ගන්න පුළුවන් වෙයි කියල හිතන්නේ ජීවිතේ පළපුරුදු කෙනෙක්නම්. නැත්නම් ඉතින් කෙළියා තමයි.

      Delete
    6. හා හා හා .
      හැබැයි පුතෝ දැක්ක විදියට නම් ඒ බවලත් පරානේ ටිකක් භයානකයි ... කාන්තා විමුක්තියෙන් දෙන්නේ කෙලින්ම යටි බඩටම

      Delete
  6. මේක ඇත්තටම වුන සිද්ධියක්ද? මොකද, මා දන්නා නිවසක, ගෘහ සේවය සඳහා මැද පෙරදිගට ගිය කාන්තාවක්, 1977 දී, වෑල්ව් වලින් ක්‍රියා කරන, බිම තබන මෝස්තරයේ රූපවාහිනියක් ගෙනාවා. බලාපොරොත්තු දල්වාගෙන, නිතර පිස දමා, දූවිලි ගසා, තියාගෙන හිටියා, 1978 දී ITN එක පටන් ගන්න තුරු. පටන්ගත්තට පස්සේ, ඇන්ටෙනාවක්, බූස්ටරයක්, වයර්, GI පයිප්ප, ගෙනල්ලා හයිකරලා බැලුවා. අනේ මොකවත් පෙනෙන්නේ නැහැ. සද්දේ ඇහෙනවා. හේතුව, ඒ රූපවාහිනී යන්ත්‍රය හදලා තියන ක්‍රමය (NTSC) ලංකාවේ විකාශනය කරන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මේක සත්‍ය කතා එකක් නෙවෙයි දෙකක්ම ඇසුරෙනි .

      පරණ කතාව නම්. නගරේම වගේ උනත් මුල් කාලේ අපේ ගෙවල් පැත්තට ටීවී පෙනුනේ නෑ . ඇත්තටම කැඩිච්ච ටීවී එකක් තියන් උන්නු කෙනෙක් හිටියා අපේ ගෙවල් පැත්තේ . දවසටම විකාශනය කරන්නෙත් පැය දෙකයිද කොහෙද . ඉතින් කොහොමත් ඕක නිවලා නේ තිබ්බේ . හැබැයි වැඩේ තිබ්බේ ඒක කැඩිච්ච එකක් කියලා දැන ගෙනත් ඒ මනුස්සයා සතියට තුන් හතර පාරක් ඕක ටියුන් කරනවා . ඇන්ටෙනා එකකුත් හයි කරලා තිබ්බා . අර මල් මල් කවර වලින් ඕවා වහලා තියෙන එක ගොඩක් අය කලානේ ( බොරු කියන්නේ මොකටද අපේ ගෙදරත් එහෙම තමා ) . පස්සේ කාලෙක ඒ ටීවී පෙට්ටිය ගලවලා එළියේ අව්වේ දාලා තිබ්බා ... මොකද කියලා බලපුහම , මීයෙක් පැටවූ දාලා .

      අලුත් කතාව මේ මත්තල පැත්තේ එයාපෝට් ..... :) :) :)

      Delete
  7. රූපෙ මාමට නම් නිකම් හම්බවුන නිසා ටී.වී. පෙට්ටියෙ මදේ අයින් කරල දාල හාල් දානට වගෙ ගත්තත් අවුලක් නෑ. ණයට අරන් හදපුවට මොකද කොරන්නෙ? ඔප්ෂන්ස් කිපයක් නම් තියනව. ෆෝමිලා වන් ට්‍රැක් එකක් හැදුවෑකි. අහෙම නැත්තන් අර උපේස්සා යෝදි කිව්වැහෙ සරුන්ගල් තරඟ තිබ්බැකි. නැත්තන් මොණරු වෙඩි තැබීමේ තරඟ වගෙ උනත් අවුලක් නෑ. International Peacock Shooting Competition...something like that?

    ReplyDelete
    Replies
    1. ඒකෙත් හැටි ඒකත් IPSC.

      මයුරා firing range.


      හැබැයි ඔය නිකන් හම්බවෙන ඒවා තමා භයානකම

      Delete
  8. කනේ පාරක් දිලා කණ පැලෙන්න..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. අනේ නෑ , ඔහේ හිතෙන දේ , ලියා තැබුවා :)

      Delete
  9. මත්තලක් ගාවන්නෙ නැතුවම මේක ලියන්නයි තිබ්බෙ බං.
    වැඩේ තියෙන්නෙ ණයට රූපවාහිණී ගේන එවුන් කියනව කවදහරි ලයිට් ලැබෙන්නෙ නැතෑ කියල. ආයෙ කියනව මෙහෙමත්,
    රූපවාහිනියක් තියනව නං ලයිට් දෙන්නත් ඉඩ තියනවනෙ. නැත්තං විකාශනයක් අලුතෙන් පටන්ගන්නත් අදාල බලධාරීන්ට හිතේවිනේ.....

    ReplyDelete
    Replies
    1. රාජ් ..දැන් කිව්වම මටත් හිතුනා ... ඕනෑවට වඩා වැඩේ දිරවන්න පහසු කරන්න ගියාද කියලා

      අර දෙවැනි තර්කය නම් මරු . තව එවුන් කියනවා , අපි ඔන්න ටීවී ගත්තා දැන් ඔයගොල්ලන්ගේ වග කීම අපිට් ලයිට් දෙන එක කියලා

      Delete
  10. රූපසිංහගෙ නමත් දාගන්න ඇති ඒකට නේද?

    හොඳම කතාවකුත් කියල තිබුන කවුද පරණ වන්දිබට්ටයෙක්. මේ ආණ්ඩුව කරන්න ඕනෙ වී ගබඩාවක් කරල නාස්ති කරල අපහාස කරන එක නෙමෙයි අහස් යානා ගෙන එන ක්‍රමයක් කරන එක කියල. (මේ ආණ්ඩුවත් ආස්චරයමත් වෙන්න වෙයි ඒකට ) ඒවගේම කියල තිබුන ජාතික සම්පතක් නාස්තිකරන්න එපා කියල ( සල්ලි සම්පතක් නෙමෙයි වෙන්න ඇති නේද? සල්ලි නාස්තිකරල හදපු ඒක සම්පතක් )

    ReplyDelete
    Replies
    1. රට වටේම එයාපෝට්ම තමා හදන්න ඕනේ
      උඩින් ගියත් සල්ලි නේ

      Delete
  11. බට් යූ නීඩ් අ ඩිෂ්.. සුද්දගේ වටිනාම වචනේ අහක දැම්මම ඔහොම තමයි.. රූපසිංහ ට අප්සෙට් ඇති රුපවති මල් වාස් එක තිබ්බම නෙහ්? මොනවා කරන්නද ඉතින්?

    ReplyDelete
  12. දන්නැති නිසා අහන්නේ. ඕකෙ නයිකෑම් තිබුනද?

    ReplyDelete
    Replies
    1. ඩුඩ් මම අර විචාරකට කියපු කතාවේ ටීවී එකේ නම් නයි කෑම තිබ්බා
      මී පැටව්!!

      Delete
  13. ඉස්සෙල්ලම කියන්න ඕන පට්ටම ක්‍රියේටිව් පෝස්ට් එකක් කියන එක...

    මම මෑතක දැක්කා මේ ආන්ඩුවෙන් මඩකළපුවේ එකක් හදන්න යනවා කියලා.. පොඩි එකක්..

    එයිට වඩා නරකද මාතර හයි වේ එක ඔතෙන්ටම දාලා.. අළුතෙන් එන ඉන්වෙස්ටස්ලා එහේට යැව්වා නම්.. තව යටිතල පහසුකම් වැඩිකරලා... මොකෝ හාබර් එකකුත් තියෙනවනේ.. ඒකෙන් බලාපොරොත්තු උනෙත් ඒ වගේ දෙයක් නේ..

    බලන්නකෝ ඉතින් ඩිෂ් එකත් කොහොම හරි ඉල්ල ගත්තා නම් රූපසිංහට මෙහෙම වෙන්නේ නෑ නේ... එහෙනම් රූපසිංහ ඒ පලාතටම පොරක් වෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි
      එහෙම බෑනේ එහෙනම් හකීම්ට හම්බන්තොටින් ඉල්ලන්න දෙන්න වෙනවා

      ඩිෂ් එකේ හාල් ගරන්න හරි තිබ්බා

      Delete
  14. අර කිව්වා වගේ මත්තල නැතුව තිබ්බ නම් මරු... අනික JP ට මතකනේ රූපේ මාමා කිව්වේ පාර උඩහ කඩේ මුදලාලි තුනපහ සිල්ලර නිකන් දෙනවා කියල රූපේ මාමට, TV ඒක බලන්න කඩේ පහුකරන් මිනිස්සු එනකොට එයාගේ වෙළදාම වැඩි වෙනවා කියල .

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ මුදලාලි කඩේ අරන් තැනින් තැනට යනවා

      Delete
  15. //කකුල් දෙකටම කලිසම් ඇන්ද නිසාත් ය.//
    ඇයි ඉස්සර තනි කකුලටත් කලිසම් ඇන්දද?

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ නම් කකුල් දෙකම එක කලිසම් කකුලට දාලා තියෙනවා

      Delete
  16. අපේ පැත්තේ වුන සිද්ධියෙන් මේක වෙනස් වෙන්නේ බොහොම පොඩියට. මං කියන මෑන්ගේ ගෙදර ටීවී එකක් තිබ්බා. ගෙදර ඔක්කොටම පිරිමහගෙන බලාගන්න පුළුවන්. එහෙම තියෙද්දිත් මූ ගෙනාවා අලුත් ටීවී එකක්. හේතුව, පරණ ටීවී එක ගෙදරට හම්බෙලා තිබ්බෙ ගෑණිගේ අම්මාගෙන්. මූට නැන්දම්මාව පෙන්නන්න බැරි නිසා මාන්නෙ නිසයි ටීවී එකක් තියෙද්දිම අලුතෙන් උගෙම කියල එකක් ගේන්න හිතුවේ. ගෙනල්ලා තියාගත්තෙත් උගෙම කාමරේ. මූ ටීවි එක ගෙනාවෙත් ගෙවන්න, මාස් පතා. ගෙනල්ලා ටික දවසක් ගියාමයි දන්නෙ ටීවී එකේ චැනල් මුකුත් පේන්නේ නෑ කියලා. දැන් පරණ ටීවී එක බල බල අලුත් ටීවී එක පැත්තකට දාලා මාසෙ අන්තිමට ණය වෙලා හරි වාරිකය ගෙවනව.

    ReplyDelete
    Replies
    1. මේ ඌ, අපිමද කියලත් හිතෙනවා

      Delete

Have commented