29 October 2015

තනි රූල් ඉරි අතර , ජීවිතය ලිවීම

සුදු 
හිස් පිටු පුරා 
ඇඳි තහංචි රේඛා 
තනී  රූල් 

ලංවී බලන් 
නොවේද දිස් 
දෙඉවුරක් ගං 
අනන්තයකට විහිදුනු 

නෙක් රහස් සැඟවුණු 
බෙණ යැති  අඳුරු 
කුඹුක් ගහත් 
දියටම නැමුනු 

මතකයක 
පිලිහිඩු  නීල සළු ද 
පෙරී ආ අව්  රැසේ 
වේලෙන්නට වැනු 

වාක්‍ය 
බැමි බිඳ 
වචන 
ගලා යයි ඔහේ 
විටෙක දොළ පාරක්ව 
විටෙක සැඩ  රළ නගා 
දෙගොඩ තලා 
නොගලා 

ඒත් 

පරිස්සමෙන් 
මග හරිමින් 
ප්‍රශ්නාර්ථ , කොමා 
නැවතීමේ තිත් 

මේ රූල් ඉරි 
අතරය එල්ලුවේ 
මා 
තීන්ත වේලෙන්න නියා 
එක එකම වදනක් 

ජීවිතය .

6 comments:

  1. ජීවිතේ තියෙන්නෙම වෙන කරල කොටු ගහපු රූල ගොඩක් ඇතුලෙ
    ඉද හිටල පිට පයින අය ඒ ඒකාකාරිත්වය නැතිකරනව නෙහ්

    ReplyDelete
    Replies
    1. ඔව් . හැබැයි සහෝ මම ලිව්වේ "ජීවිතය .(නැවතීමේ තිත )"

      Delete
  2. මට ටිකක් විතර වෑල්..
    ආයමත් කියවලා එන්නම්

    ReplyDelete
    Replies
    1. ලියපු මම ද මන්දා වෑල්

      Delete
  3. ඩබල් රූලේ ලියලා බලපං..
    වෙනසක් තියෙයි ;)

    ReplyDelete
    Replies
    1. ඩබල් රූල් සංකීර්ණ වැඩියි

      Delete

Have commented