30 October 2015

අවම බලය සහ උපරිම සුදුසුකම (හෙවත් සෝමා ඇන්ටිගේ කෑම කැවීම )

දේශපාල තාත්තාගේ 
චන්ඩි බන්ඩි පොලිස් පුතා 
හදනු නියා බාර කලා 
ස්වාධීන කොමිසමකට 

ඒ වුනාට 
අනේ තාම
ගාලු පාරේ 
බිම පෙරළන් 
බැටන් පොල්ලේ 
අවම බලය 
තැලුම් පාර 
නිල්  වෙනකන් 


***


සෝමා ඇන්ටි , පුරුදු පරිදි කෑම පිඟානක් බෙදා ගෙන තම මුණුපුරා පස්සෙන් දුවන්නේ කෑම ටික කවා ගැනීමටය . පුරුදු පරිදි ආතම්මලා මෙවැනි විටෙක බිල්ලෝ එන කතා , කරෝල වාඩී වලට ගෙන යන කතා කියා පොඩි එවුන් බය කරන්නෝය .  නමුත් සෝමා ඇන්ටි ටිකක් නිර්මාණ ශීලිය . ඇය කියන්නේ වෙනස්ම කතාය .

" පුතේ ,  මේ කට කෑවේ  නැත්නම් මයේ පුතා ව අල්ලාගෙන ගිහින් කොට දෙනියාවේ ඕ අයි සී කරයි ". පොඩි එකා කට ඇර  බත් පිඬක් කන්නේය .

" මේකත් කන්න පුතේ , නැත්නම් අල්ලාගෙන ගිහින් ජනාධිපති විමර්ශන කොමිසමට ගෙනියයි ". නැවතත් සිඟිති මුව ඇරෙන්නේය .

" පුතේ මේ අන්තිම කට,  මේකත් කන්න , නැත්නම් අල්ලා ගෙන ගිහින් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කෙනෙක් කරයි .."

"මට බෑ .."

"ඔන්න මම නොකීවා  කියන්න එපා , ඊට පස්සේ පුතාට එකේ ඉන්න නොසන්ඩාල කොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙයි "

පොඩි එකා ගේ දිවීම නැවතුණි 

"මොනාද පස්න ?"

"උන් අහයි , උඩ යන්නේ නැතිව හරහට අහස්  ගුණ්ඩු යවන්නේ කොහොමද කියලා . අහයි අහසේ තරු කීයක් තියෙනවද කියලා . අහයි සිංහ කොඩිය ගහලා ඇරපු චන්ද්‍රිකාව කෝ කියලා "

"ඉතින් මන් දල් ලෑ ලේ ."

"ඒක තමයි , එතකොට උන් පුතාට හූ කියයි .... කොළ බෝල වලින් ගහයි ..... "

"ආතම්මේ විච්ච විද්දාලේ කියන්නේ මොකක්ද "

"ඒක  ලොකු ඉස්කෝලයක් "

"මොන්ටිසෝලිය වගේ ?"

"නෑ නෑ , මොන්ටිසෝරි   ගිහින් , ඉස්කෝලේ ගිහින් , ඕලේවල් , ඒ ලෙවල් විභාග පාස් කරලා ඊට පස්සේ තමා  විස්ස විද්‍යාලේ යන්නේ "

"හූ හු ආතම්මාට අමතක උනා , මම විභාග පාස් කලලා නෑ නේ "

ඒ වුනාට දැන් ඒවා බලන්නේ  නෑත් ලු  පුතේ .....දැන් ගොඩක් දේවල් කරන්න ළමයින්ට දීලා නේ තියෙන්නේ ... රටේ දේවල් දෙන්න ළමයි හොය හොයා ඉන්නේ


20 comments:

  1. මම හිතන්නේ ළෝකයේ ඉන්න බුද්ධිමත්ම පොලීසිය..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ
      බුද්ධිමත් කමට ස්වාධීනත්වය මුසුව ඇත

      Delete
  2. එ් වූණාට දැං ඒව බලන්නෑලු පුතේ
    Classic...

    ReplyDelete
  3. එ් වූණාට දැං ඒව බලන්නෑලු පුතේ
    Classic...

    ReplyDelete
    Replies
    1. සෝමා ඇන්ටි මොනවා දන්නවද

      Delete
  4. උපරිම සුදුසුකම !

    ReplyDelete
    Replies
    1. Brilliant (ඔන්න ඒක පාවිච්චි කලා )

      Delete
  5. ඩොක්ට ෂිවාගෝ උපුටනයක් ලු!

    පණිවිඩකරු- සීයේ අපි නිකලස් සාර් රජුව බලයෙන් පහ කළා!

    සීයා - කවුද පුතේ අලුත් සාර්?

    ReplyDelete
    Replies
    1. පණිවිඩකරු- සීයේ අපි නිකලස් සාර් රජුව බලයෙන් පහ කළා! ලෙනින් දැන් මොස්කව් වල

      සීයා - මේ ලෙනින් කියන කෙනාද දැන් අලුත් සාර්?

      Delete
    2. කියලා වැඩක් නෑ . පොලීසියට ඉස්සෙල්ලම කියලා දෙන්න ඕනේ හරියට බොරු කියන්නයි , හොරෙන් එකක් දෙකක් අනින්නයි

      Delete
  6. මොන්ටිසෝලි ගැනනම් පුතා කොහොමත් දන්නව ඇති. විස්ස විජ්ජාලෙ පුස්තකාලෙ ගැනත් නොදන්නව වෙන්න බෑ. මොනව උනත් පවු පොඩි එකා. උගෙ වෙලාව හොඳ නෑ. නැත්නම් අද උසාවිය, නේවි එක වගේ බයක් සැකක් නැතුව ඉන්න පුළුවන් තැනක.

    ReplyDelete
    Replies
    1. රටේ හැම දෙයක්ම ළමයින්ට බාර දීගෙන දීගෙන යනවා වගේ පෙනෙනවා

      Delete
  7. //.දැන් ගොඩක් දේවල් කරන්න ළමයින්ට දීලා නේ තියෙන්නේ ... රටේ දේවල් දෙන්න ළමයි හොය හොයා ඉන්නේ//

    මදැයි ළමේකුට ෆෝන් එක දෙන්න කියලා වෙච්ච දෙයක්........


    ReplyDelete
    Replies
    1. ඔක්කොම සුජීගේ වැරැද්ද

      Delete
  8. ළමයි හොර වෙයිද මන්දා ඉගන ගන්ඩ ගුටිකන්ඩ වෙන හන්දා

    ReplyDelete
    Replies
    1. අර පරණ කතාවක් තියෙන්නේ හැඳි නොගාන හොද්ද ගැන . .. මේ දවස් වල පොලිසියෙන් හොඳි හැඳි ගානවා

      Delete
  9. Ara wahiniye some auntyth mara nirmanashiliyi ne.. 😁

    ReplyDelete
    Replies
    1. කියලා කට ගන්න හම්බ වුනේ නෑ නේ ?

      Delete
  10. http://nelumyaya.com/?p=4537

    ReplyDelete

Have commented