17 October 2015

කලින් ගෙදර යාම // Coming home unannounced

හිටපු ගමන් මම එනවා 
හතරයි හතලිස්පහේ 
රතු ඉරට හොරෙන් 

යතුරු හිලට ඇහැ තියා 
බලන නුඹ 
දෙඇස් පොඩි 
විස්මිතව 
පිපෙනවා 
බලන්නට 

දොර ඇරෙන පමාවට 
රළ  නගන 
හද ගැස්ම 
අහන්නට 

අත් පොඩි ගෙලවටා 
වෙලෙන 
උණුහුම් සුවය 
විඳින්නට 

හිටපු ගමන් මම ගෙදර එනවා 
නොකියාම 
කලින් 

දිනෙක 
උඹත් අවුත් 
නොකියාම 
පුදුම කරාවී  
මා 

***

I disrupt order 
now and then
and come home early

To see your eyes sparkle 
as you look through 
the peep hole

To hear your gasp 
on the other side 
of the door

To see feel
your embrace 
warmth

Someday 
you will 
surprise me too

when you come 
unannounced 

8 comments:

  1. Beautiful.

    ReplyDelete
  2. Awesome. This is about a daughter who is now a grown up, right?

    ReplyDelete
    Replies
    1. Thank you. Yes it is . but she is still in high school and with us . But won't be long though . And that frightens the ^&* out of us at times too.

      know you can relate

      Delete
  3. මමත් කලින් ගෙදර එනදවසට මේ අත්දැකිම විදිනවා පොඩි මෙන්ඩාගෙන්

    ReplyDelete
    Replies
    1. උපරිමයෙන් අත්විඳින්න , කාලය ගලා යයි ... මතක ඉතිරිවේ

      Delete
  4. ඉස්සර තාත්තා එනකන් අපි බලාගෙන ඉන්නවා
    දැන් අපු එනකන් තාත්තා බලාගෙන ඉන්නවා.

    ReplyDelete

Have commented