12 October 2015

මේ අතරේ ....// In the meantime

ඒක නෙමෙයි දන්නවාද ?
 ලෑස්තියි 
දැන් 
ලණුවත් 
චියරින් ඉස්කොඩ් එකත් 
අත්සන් කරන්න ඇට්ලස් චූටි පෑනත් 
චුදිතයා විතරයි ඕනේ 
එල්ලන්න 

අල්ලපු ගමන් ඕකා 
දෙකක් ඇනලා 
යටි බඩට 
(දකුණු පැත්තට නීතිය 
වම් පැත්තට සාමය )
පස්චාත් තාපය ඇතිකරලා 
වාමාරලා 
පාපොච්චාරණ 

හිතේ සැකේ බය දුරු කරන්න 
පවිටු අදහස් නැතිකරන්න 
ධර්මිෂ්ට 
සමාජයකට මග පාදගන්න 
එල්ලන්න නෙමෙයි 
තියෙන්නේ ඕකුන්ගේ 
බෙල්ල කපන්න 

සෞදියේ වගේ ?

ඒත් ...සෞදියේ 
බෙල්ල කපනවා 
බලන අතරේ 
ගහනවලු 
පික් පොකට් 

.....මෙහෙත් එහෙමයි 

නෑ හ් ?!!!

15 comments:

  1. දෙන්නම් පොකැට්ටුව
    කැමැත්තෙන් දනට
    නොකා නොබී හරි...
    දුකක් නැතුව

    කපනවනම් බොටුට
    කටඇරන් බලන්නට
    වෙනකාගෙ හරි...
    මගෙ නැතුව

    ReplyDelete
    Replies
    1. සෞදියේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ...
      හුකෑස් හඪින් සිනා

      Delete
  2. I'm in Saudi
    and the last one - dead correct!!!

    ReplyDelete
  3. මරු කියන්නත් මොකද්ද වගේ.. ඒ උනාට මරු

    ReplyDelete
    Replies
    1. අද අද එයි...? 😊

      Delete
  4. මෙහෙ පික් පොකට් ගහන්නේ බෙල්ලත් කපලා

    ReplyDelete
    Replies
    1. හැබැයි සුටුස් ගාලා අපරාධ අල්ලන පොලිසිය නිසා ගානක් නෑ

      Delete
  5. එච්චරයි අඩු.... අපේ හාමිනත් එල්ලන්න ඕන මතය වෙනස් කොර ගත්තා කොන්ඩයගෙ කේස් එකෙන්... අපි කිව්වෙත් ඕකමයි... හොඳ වෙලාවට ඩී ඇන් ඒ තිබ්බේ...

    ReplyDelete
    Replies
    1. සිංහල රජ කාලේ ශ්‍රී විභූතිය නැවත ගෙන එමු
      බෙලි කපමු , උල තියමු , ඇතුන් ලවා පාගමු ?

      Delete
    2. අනික ඔබට වැරදිලා ලංකාවේ පොලිසිය අපරාධ කරුවන් අල්ලන්නේ , ඩී එන් ඒ වලින් නොව ඩක්වර්ත් ලුවිස් ක්‍රමය පාවිච්චි කිරීමෙනි

      Delete

Have commented