24 October 2015

ආච්චි මළ බව පමණක් කීම හෙවත් What to say when you don't have anything to say

" මේ උ*තෝ  ,  නානපාල ..... මේ ආපන්  ...." 

නල්ලතම්බි මහතා තමන් දන්නා සිංහලෙන් නානපාල ඇමතුවේය (නල්ලතම්බි මහතාට "හ" යන්න කියවෙන්නේ නැත . එක්කෝ ඔහු ඊට අ යන්න  හෝ උ යන්න ආදේශ කරන්නේය නැතිනම් අමතකම කර දමන්නේය ).

මේ සිද්ධිය මා සේවය කළ  මුල්ම ආයතනයේ , ඊට  ගිය අලුත  සිදූවූ වකි . 

ඥානපාල නොහොත් නානපාල එහි සේවයට අලුතින් එක්වූ තරුණ ගැටයෙකි . ඔහු පුහුණු ලිපිකරුවෙකි .  ආයතනයේ කොල්ලන්ගේ බසින්ම කියතොත් , උනන්දුවෙකි . (යාන්තමට මුහුණ කට හෝදා  ගන්නට කිව්වොත් , බාල්දියක් ගෙන නාන තරමටම උනන්දුවෙකි .)

නල්ලතම්බි මහතා මානව සම්පත් අංශයේ පලමු ශ්‍රේණියේ නිලධාරියෙකි . වසර දහයක පමණ සේවා අත්දැකීම් ඇති ඔහු , නිවුනු ගති ඇත්තෙකි . කිසිවෙකින් කලබල නොවන්නෙකි .  ඔහු අපේ බොස්ය . දරුවන් නොසිටි ඔහු , තම බිරිඳ සමග පදිංචි වී සිටියේ වැල්ලවත්ත පැත්තේ කුලී ගෙයකය. ඔහු රාජකාරිය දේව කාරිය සේ සැලකුවේය . උදේ සිට සවස් වෙන තෙක් තම යටතේ සිටින සේවකයන්ට පරාල  ඇනයක් වෙන ඔහු , හවසට ඔවුන්ව කැඳවා ගෙන වයිට් හෝස් එකට ගොස් 
කිහිපයක් ළඟ නවා ගෙන , ඉන් පසු සරස්වතී එකෙන් තොසේද අරන් දෙන්නේ තමන්ට ලැබෙන  සොච්චමිනි . ඕනෑම දුකකදී ඔහු මුල් තැන ගත්තේය . ඔහුගේ බොක්ක රත්තරන් බව සියල්ලෝම දත්තෙමු. එහෙයින් , කෙතෙක් කටුක වුවද , පෙරලා හොම්බට එකක් අනින්නට සිතිවිලි ජනනය වුවද , ඔහු ඇනුම් බැනුම් ඉවසා සිටියෙමු .

මේ සිද්ධිය සිදු වෙන දිනයට සතියකට පමණ පෙර ,  head office එකෙන් (ප්‍රධාන කාර්යාලයෙන් ) විගනණාධිකාරීන් හෙවත් ඔඩිටරයෝ අප ශාඛාවට පැමිණියහ . දැන් ලෙජර් , ෆයිල් දිග හැර ගෙන මහා audit එකකි.  අප ආයතනය අන්තර්ජාතික ආයතනයකි , එහි විගණනය කරන කාණ්ඩයම පැමිණෙන්නේ විදේශයකිනි .ඔවුන්ට සිංහල නොතේරේ . ඔවුන් ඉන්නා විට පොතේ හැටියටම වැඩ කරන ලෙසත් , සුපුරුදු නීති අස්සෙන් රිංගීම, කෙටි වෙට්ටු දැමීම ආදිය නොකරන ලෙසත් මොනවා හරි හොරෙන් කියන්න ඕනේ නම් සිංහලෙන් කතා කරන ලෙසත් අපේ බොසා අපට මුලින්ම උපදෙස් දී තිබුණි .
දිනක්, එක ඔඩිටරයෙක් , අපේ නානාව අල්ලා ගෙන  වවුචර් පෝස්ටින්  හෙවත් බැරවීම්,  ලෙජරයේ  සටහන් කිරීමේ ක්‍රියා පටිපාටිය විස්තර කරන ලෙස ඉල්ලා සිටියේය .

අපිට නල්ලතම්බි කට පාඩම් කෙරවූ පරිද්දෙම්ම,  නානා , කට පාඩමින් ඒ ටු ඉසෙඩ් කීවේ, කිසිදු අපහසුවක් නැතුවය .

"Very  good , anything else ? " (බොහොම හොඳයි , වෙන මොකුත් කියන්න තියෙනවද ....) ඔහු ඇසුවේ කට්ට කමටද , මනුස්ස කමටද කියා මම නොදනිමි

"Yes sir , although the process is like that , practically ...." (ඔව් සර් ... ඔය ප්‍රොසෙස් එක ඔහොම තිබ්බට , ප්‍රැක්ටිකලි කරන්න ගියාම .....)
නානා සැරසෙන්නේ වැඩේ කන්න ය . මූ  දැන් පොතේ තියෙන විදිය කියා අවසන් කර, ඇත්තටම  අපි වැඩේ කරන විදියත් කියන්න සැරසෙන්නේය .

නල්ලතම්බි ඉස්සර වූයේ  මෙවිටය

දන්නා සිංහලෙන්, අර උක්ත කී අයුරෙන්,  නානා ඇමතු ඔහු..

"...උඹේ ආච්චි මැරුණා කිව්වම ඇති . මැරිච්ච විදිය කියන්න ඕනේ නෑ,  ...." කියා තම ප්‍රකාශය අවසන් කළේය

එදා හවස තෝසේ අඹරන වෙලාවේ මේ කතාව නැවතත් ඇදී  ආවේය .

 "නෑ බොස්  මම , අපේ මුළු ප්‍රොසෙස් එකම කියන්න හැදුවේ ..." නානා උත්තර බඳින්න තතනත්ම , නල්ලතම්බි ඔහුව නැවත්තුවේය

"අයිශේ නානපාල  , මේක ඔඳට ඉතට ගන්න  ... මේක ගෝල්ඩන් ඇඩ්වයිස් එකක් පුතා , ඔයා කැරියර් එකේ උඩට යනකොටත් මේක අමතක කරන්න එපා ...උඹට නිකන් කට තියන් ඉන්න බැරිනම් , බුල්ටෝ එකක් කටේ දා ගන්න .... කියන්න ඉම්පෝටන් දෙයක් නැත්තන්  මොකුත් කියන්නේ නැතුව කට වාන් ඉටපන් ...."

නල්ලතම්බි , පසු කලෙක විශ්‍රාම ගත්තේය . එවිට ඔහු නිලධාරී 2වෙනි ශ්‍රේණියට උසස් වීමක් ලබා තිබුණි . 
නානා , අද එතෙරය . ලොකු තැනකය . නානා විතරක් නොව එදා ඒ මේසයේ තෝසේ හා සාම්බාරු එකට ඇඹරු බොහෝ දෙනෙක් අද වෘත්තීමය ලෙස බොහෝ දුර ගොස් ඇත .

නල්ලතම්බි ගේ ඒ උපදෙස බොහෝ දෙනෙකුට තවම මතක ඇත. එහි වටිනාකම මගේ වෘත්තිමය දිවියේ බොහෝ තැන්  වලදී අත්දැක ඇත්තෙමි, පිළිපැද ඇත්තෙමි  .  නිසි තැනදී කිව යුත්ත කීමෙන් මෙන්ම , කට වසා ගෙන සිටීමෙන්ද බොහෝ ප්‍රථිපල  ලබා ගෙන ඇත්තෙමි .

මෙය අපි වැන්නවුන්ට පමණක් නොව , රජෙකුට, ජනාධිපති කෙනෙකුට වුව මනා උවදෙසක් යයි සිතුනේ, පහුගිය දාක දුටු පුවත් සිරස්තලයකිනි .

" රණ විරුවන් අධිකරණයට කැඳවීම වැරදියි , ඒ ගැන මම කනගාටු වෙනවා , මේ ගැන මම දන්නෙවත් නෑ: සේනාධිනායක" කියා එහි සටහන් වී තිබුණි.

24 comments:

  1. මම කමෙන්ට් එකක් නොදමා කට වහගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. හාහාහා
      මීළඟ පෝස්ටුව "ඉල්ලන් කෑම " ගැන

      Delete
  2. ඕල්ඩ් ඉස් ගෝල්ඩ්.

    ReplyDelete
    Replies
    1. නල්ලතම්බි ජනාධිපති උපදේසකයෙක් කරන්න හිතෙනවා

      Delete
  3. නල්ලෙ ට තිබ්බ නානය අද ඔය කියපු උන්නැහේට නැත් හැටි

    ReplyDelete
  4. සුපිරි උපදෙසක්. ජීවිතයටම වටිනා පාඩමක්.

    ReplyDelete
    Replies
    1. බොහෝ අයට මේ පාඩම අමාරැයි ඒත්

      Delete
  5. මටත් සෑහෙන්න කෙලවෙලා තියෙනවා ඔය නානපාල වගේ කතා කිරීම නිසා!

    ReplyDelete
    Replies
    1. අනේ මේ ඔයා නොනානපාල නේද ?

      Delete
    2. බණ කියෙව්වට මටත් අනන්තවත්

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  6. සමහරුන්ට කට ඇරියාම තමා කෙලවෙන්නෙ...

    ReplyDelete
  7. මම කිව්වේ බං..... මේ යකා ඇත්තටම චැප්ලින්

    ReplyDelete
    Replies
    1. වෙනස චැප්ලින් සයිලන්ට්

      Delete
  8. I learned this from Bambi the cartoon. "If you don't have something nice to say, don't say anything at all."

    Sometimes we suspect some dudes must be stupid. And then they open their mouths and clear all the doubts.

    ReplyDelete
    Replies
    1. Not going ask you about watching bambi cartoons. Done worse

      Delete
  9. " ඔහේව පත්කොරගත්තු එක වැරදියි, ඒ ගැන අපි කණගාටුවෙනවා " කියල කියන්ට වෙන දවසක් උදානොවේවා කියල අපි ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  10. හොද උපදෙසක්................... කාටත්.

    ReplyDelete
  11. අපිත් ඉතින් ඕක හොඳට ප්‍රැක්ටිස් කරනවා....

    ReplyDelete

Have commented