04 October 2015

මෙව්වා පාලනේ , මෙව්වා එක හදන හැටි හෙවත් yahapalanising the budget

එකමත් එක රටක   මෙව්වා මණ්ඩලය රැස්වුයේ ඉදිරි වසරට රජයේ මෙව්වා එක ගැන සාකච්චා කිරීමටය . රටේ ජනාධිපති තුමා කතාවට මුල පිරුවේය 

" දැන් මේ අපි ප්‍රජානන්නත්තරවාදය , යහමින්පාලනේ අරවා මේවා කියලා හරියන්නේ නෑ  රටේ සංවර්ධනේ  කෙරෙන්න , ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්න එළකිරි බජට් එකක් හදන්න ඕනේ ... කියන්න බලන්න තියෙන යෝජනා "

සෞඛය ඇමති තුමා : සර් දැන් බලන්න මේ මිනිස්සු තෙල් සීනි  මිරිස් එතකොට මස් බටර් චීස් අරවා මේවා වැඩිපුර කාලා ලෙඩ වෙනවානේ . ඉතින් ඔය ඔක්කොටම බදු ගහන්න ඕනේ මිනිස්සුන්ට කන්න බැරි වෙන්න . ගුණ කෑම විතරක් මිළ  අඩු කරමු .....මම දොස්තරනේ මම දන්නවා 

ඒත් ඔහේ දත් දොස්තර නේද ? හරි කමක් නෑ ... එහෙම බලපුවම කන්න මොකුත්ම ඉතිරි වෙන්නේ නෑ නේ ..එතකොට මොනවද එතකොට මිනිස්සුන්ට ගුණ කෑම  හැටියට ඔබතුමා යෝජනා කරන්නේ 

සර් මම යෝජනා කරනවා ගෝවා , පතෝල  සහ පුවක් 

සමාජ සුභ සාධක නියෝජ්‍ය ඇමති : සර් අපි බදුත්  වැඩි කරලා ඕවා කන එවුන්ට මරණ දඬුවමත් දෙමුද 

ඒක  මම පාර්ලිමේන්තුවට යොමු කරනවා . වෙන මොකුත් යෝජනා තියෙනවද ?

ප්‍රවාහන ඇමති : සර් , මේ මිනිස්සු ගේ ව්‍යායාම අඩු නිසාත් ලෙඩ වෙනවා , ළඟ කඩේටත් යන්නේ වාහනේ . මම යෝජනා කරනවා සර් මේ වාහන ඔක්කොටම අම්බානකට බදු ගහමු කියලා එකෙකුටවත් යන්න බැරි වෙන්න .

එහෙම නෙමෙයි අයිසේ ඔය ත්‍රී වීල් , මොටෝ සයිකල් වලට එහෙම ඕනේ නෑ නේද 

පිස්සුද සර් ඒවා තමා වැඩියෙන්ම හානීදායක 

සමාජ සුභ සාධක නියෝජ්‍ය ඇමති : සර් බදුත්  වැඩි කරලා ඕවා යේ යන එවුන්ට  මරණ දඬුවමත් දෙන්න  තියෙන්නේ 

අනේ ඕයි මේ .... මට නම් මෙව්වා නෑ මේවා , අපේ මෙව්වා පාලනේට 
ගැලපෙනවද කියලා හිටන්,   වෙන මොනවද තියෙන්නේ යෝජනා ?

මාධ්‍ය අමාත්‍ය : සර් දැන් මේ බලන්න පත්තර වල තියෙන හරියක් තියෙන්නේ අපරාධ . එතකොට ටීවී එකේ තියෙන හරියක් තියෙන්නේ මෙගා , රේඩියෝ එකත් ගන්න දෙයක් නෑ  . මිනිසුන්ගේ මනස දුෂණය වෙනවා , මෙව්වා එක මෙව්වා වෙනවා 

ඒක හැබෑව , ඉතින් බජට් ම නොවුනත් මොනවද ඒ ගැන තියෙන යෝජනා 

නෑ  නෑ  සර් බජට් තමා . ගහමු සර් බදු ඕවටත්  , මිනිස්සුන්ට ඔය ජරාව බලන්න බැරි වෙන්නම 

අයිසේ දැන් මෙහෙම ගියහම , මිනිස්සුන්ට වෙන්නේ පතෝල කාලා , රෑට අරක කොරල නිදා ගන්න නේ 

වනිතා කටයුතු ඇමතිනි : සසස ර් ර් ... 

ඔව් මොකෝ 

අපිට කාන්තාවන් ගේ අයිති වාසිකම්, සුබසිද්ධිය සහ ඇති විය හැකි පීඩනයන්  හිතන්න වෙනවනේ ...ඉතින්  කියපු අරකත් වැඩිය නොකරන්න බද්දක් ගහන්න කියලා මම යෝජනා කරනවා 

19 comments:

  1. So funny. Hope they read your blog.

    ReplyDelete
  2. ගමේ ගෙදරකට සෙනේ ඇතුව උන් බලු කුක්කට මොන බදු ද අනේ
    තනේ තියෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්න වේවිද ඉදිරි දිනේ!
    (Puran appu movie)

    ReplyDelete
    Replies
    1. අලුත් වර්ෂන් එක

      සිංහල හාලේ බත කා ඉවරයි
      බ්ලඩ් සුගර් හොඳටම වැඩිවී නේ

      Delete
  3. සමාජ සුබසාධන ඇමති-ඒ වගේම සෑර් එක කරන උන්ටත් මරණ දඩුවම දෙන්ට ඕනේ!

    ReplyDelete
    Replies
    1. බැඳලා ඉන්න එවුන්ට ඔන්න ඔහේ ඉන්න දෙමු ... කොහොමත් බරවැඩ සහිත ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නේ

      Delete
  4. පිස්සුද? මම හිතනේ නැහැ දැන් ඉන්න වනිතා කටයුතු ඇමතිනිය එහෙම කියයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඇයි එයා එහෙම "කරුණාවන්ත " කෙනෙක් ද ?

      Delete
  5. නියපොතු කන එකත් ශරීර සෞඛ්‍යට හොඳ නෑ. එනිසා ගහමු නියපොතු කෑමේ බද්දක්. බදු ගහල(බඩු නොවේ) හොඳ සෞඛ්‍යය පුරුදුත් ප්‍රමෝට් කරමු.

    ReplyDelete
    Replies
    1. උන්වත් එල්ලමු

      Delete
  6. මේකනං සුපිරි............. අයෙ කියල වැඩක් නෑ........... පට්ට..........

    ReplyDelete
  7. තුන් වේලට අමතරව වෙනමොනව හරි කෑවොත් ඒකටත් බදුගහමු.එතකොට කන එක අඩු වෙනවා.බඩු මිල වැඩිය දැනෙන්නේ නැ.
    වැඩිපර ජිවත්වෙනවටත් බදුගහන්න ඕන.
    ඉගෙනගන්නවටත් බදුගහන්න ඕන.
    බදු ගහලා ගහලා අන්තිමට අපිටත් ගහන්න ඕන හරක් ගාලට යවන්නේ නැතිව පාර්ලීමේන්තුවට යැව්වට.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ අදහස්

      Delete
  8. ෆීලිං හුකැස්
    කියල තමා කියන්න වෙන්නෙ..
    ඩෝග්ස් ලගෙ වැඩේ ඩොංකිලට දුන්නම මේම වෙනා ජේපී...
    වැඩිය ඕන නෑ පොල්තෙල් සීන් එක ඇරං බලන්න. පොල්තෙල් වලිං ලෙඩ නොහැදෙන වග ඔප්පු කරලම තියෙද්දි ඊට වඩා හානිය්‍ක් කරන පාම් තෙල් වගේ වට මොනාත් නොකර පොල්තෙලටම කෙලවල දාන්න හදන්නෙ
    ලංකාවෙන් කොයි තරං පොල්තෙල් හා ඒ ආශ්‍රිත නිශ්පාදන අපනයනය කරනවද
    ඕව කියල වැඩක් නැති ඒව

    ReplyDelete
    Replies
    1. මහේෂ්ට තේරුනේ නෑ .... දැන් ඔය කොන්ඩයෝ, අන්ඩයෝ පොල් තෙල් අරන් වෙන වෙන අවලම් වැඩ කරන එක නවත්තන්නනේ ඔය

      අර ෆීලින් හුකැස් කෑල්ල නම් මරු

      Delete
  9. පුවක් කන්දත් බෑ.. පට්ට ගණන්..

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා බෑ , ගුණයි .. දොස්තර කෙනෙක් කියන්නේ

      Delete
  10. ස්ත්‍රී දූෂණයටත් බද්දක් ගහමුද? තව පුළුවන් මියගියොත් ඥාතීන්ට ගෙවන්න සිදුවෙන විදිහට, අනතුරුදායක ලෙස රිය පැදවීමේ බද්දක් ගහන්න

    ReplyDelete
  11. යකඩෝ මීක මෙච්චර කල් මග ඇරුනේ කොහොමද මල් හතයි ඈ ....

    ReplyDelete

Have commented