26 February 2017

චතුරලා , අපි සහ බක්කි පරෙයි

I පෙර කියවීම 

සමහර සබ්ජෙක්ට්ස් ගැන ලියන්න කල් ගත්තම , ඒ ප්රස්තුථ  කල් ඉකුත් වෙනවා .

ඒත්  සමහර සබ්ජෙක්ට්ස් ගැන දිගට හිතපුවහම , ඒවා විසි කරන්න ලෝභ හිතෙනවා . එතකොට කරන්න වෙන්නේ දෙහි වගේ , ලුණු දාලා අව්වේ වේලලා ලුනුදෙහි හදන එක .


චතුරලා 
හීනෙන්වත් නොසිතු 
සිතුම් ..
කල්පයක්වත්
පුරා නොහි 
පෙරුම් .
කෙරුම් ප්රවාද 
බදාම අනා 
කාස්ටක අව්වේ 
උන බම්බු පලංචි දිගේ 
කරතබා උඩට ඇද 
උන්ගේ පැතුම් 
හීන මන්දිර 
තනන
කොට කම්කරු 
අපි 

ඉනික්බිති 
ඒ මන්දිර පවුරු මෙපිට 
දොරටු අබියසට වී
හීතල කිරිගරැඬ
දෙවොල් තුළ 
බොල් පිළිම 
නිදිවරා රකින 
උස සිකුරිටිත් 
අපි 

***


 බා බා ගාද්දී 
උන් 
නවතා ගුවන් කරනම්
මෙලවූ මිට 
පොරි යයි රැවටී
උන් පා අබියස
දනිහෙට පහලින් 
එක්වෙන 
රොක්වෙන 
බක්කි පරෙයියෝ

11 comments:

  1. 👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽

    ReplyDelete
  2. බක්කි පරෙයියෝ කියන්නේ මක්කුන්ද... :(

    ReplyDelete
    Replies
    1. අපි වගේ එවුන්ට

      Delete
  3. අනේ ප්ලීස්..
    දැන් වත් මම ගැන කතා කරන එක නවත්වනවද? මේවා අහල මට එපාම වෙලා. මම දේශපාලනයෙන් සමුගන්නව..😪😪.

    මීට,

    චතුර සේනාරත්න.

    ReplyDelete
  4. සහතික ඇත්ත...

    ReplyDelete
  5. උඹට දැන්ද තේරුනේ ජේපී.....(විහිලුවට )

    අඩුම ගානේ හෙට ඉපදෙන එකෙක්වත් මේක ඉගෙනගනිත්වා.
    මීට
    හොරෙක් පරද්දන දායක වෙලා, ආපහු හොරු රජ වීම නිසාමත්, පල් හොරුන් නැවත රජ කරවීමට වලිකන හොරුනුත් දැක, ඔලුව මඥ්ඥං වී සිටින
    මම අරූ වෙමි.

    ReplyDelete
    Replies
    1. මට වෙලාවකට හිතන්නේ අපි මේ හොරකම කියලා හිතන ඈන්ගල් එක වැරදිද මන්දා කියලා

      Delete
  6. //බා බා ගාද්දී
    උන්
    නවතා ගුවන් කරනම්
    මෙලවූ මිට
    පොරි යයි රැවටී
    උන් පා අබියස
    දනිහෙට පහලින්
    එක්වෙන
    රොක්වෙන
    බක්කි පරෙයියෝ// අපොයි
    මම චතුර ගැන දාපු ඒවා ෂෙයාර් කළේ නැහැ. දැන්වීම් වාසිය දෙන්නේ මොකටද. ප්‍රධාන ප්‍රශ්න යට ගියා නේ ෆේස් බුක් එකේ හෙම.

    ReplyDelete
    Replies
    1. ඒකට මම 100% ක් එකඟයි . මොකෝ කබ්බෝ ෆෝම් කරන්නේ

      Delete

Have commented