07 April 2017

මැණිකේ මම ආයේ ගෙදර එනවා

මෙන්න මේ පැයේ  ජනප්‍රියම ගීතය ... සාදර අනුග්‍රහය කොළ නිල් පැකට්ටුවේ  යහපාලන පෆ් ... බිස්කට් දෙකට මැදිවෙච්ච , ක්‍රීම් බිංදුව  මිරිකෙච්ච ... යහ පාලන පෆ් 

පපර පපර පප  පා ,පපර පපර පප  පා 

මැණිකේ මම ආයේ ගෙදර එනවා 
මට බේල්  හම්බු වෙනවා //

කොච්චර මැතිකම් දැරුවත් , කළකම් දවසක පලදෙනවා 
කනකොට සනීප උනාට කුම්බලා අජී රණේ වෙනවා 
පායන කාළේ ආවම තණ කොළ ගහත් ගහක් වෙනවා 
ට්‍රෙන්ඩ් එකට දැන් හැම එකාම දැන් වැලිකඩ ගොස් එනවා 
නැතිනම් කොන් වෙනවා 


ස්ටේජ් එකට නැගිලා , අඬලා සෙල්පි ගසාලා 
මාංචු කේක් කපාලා , ඩලස්ලා ගම්මන්පිලලා 
මාස තුනක් වෙන්නත් ඇවිල්ලා , මුන්ට දැන් මං අමතක වීලා  
බලද්දී තනිව හිතාලා , ඇත තනියම මට කෙලවීලා 

මැණිකේ මට මේවා මතක් වෙනවා 
මට හරි කේන්ති යනවා 
මැණිකේ මම ආයේ ගෙදර එනවා 
මට බේල්  හම්බු වෙනවා

නොකා නොබී ඉස්පිරිතාලේ මා කළ මාරාන්තික උපවාසේ 
තැඹිලි පැනින් මා දෙතොල් තෙමන්නට එදා වගේ ඔබ නෑ ආවේ 
කවර්  කරන්නට , පුවත් මවන්නට දෙයක් අවස්ස වූ මේ මොහොතේ 
එදා මෙන් අදත් , මොනවා කීවත් , රනිල් තමයි පිහිටට ආවේ 

මැණිකේ මම ආයේ ගෙදර එනවා 
මට බේල්  හම්බු වෙනවා

10 comments:

  1. හැක් හැක්

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි (හැක් හැක්)

      Delete
  2. මේ මහ කන්ද බැලුවා රහසින් මදෙස.....

    ReplyDelete
    Replies
    1. කන්ද මූ දිහා බලාගෙනම තමා ඉන්නේ

      Delete
  3. https://www.youtube.com/watch?v=UjvMQv8rhyQ

    ReplyDelete
  4. https://www.youtube.com/watch?v=J467jzLlDcc

    මේ සින්දුවත් නරකම නැහැ ජේපී.

    ReplyDelete
  5. ඊයේ බාන්න බැරි වූ ඇපල් අද බාගත්තේ කොහොමද මන්දා?

    ReplyDelete
    Replies
    1. ඇයි අහලා නැද්ද සින්දුවක් තියෙන්නේ
      හොඳ කළ ආ දා
      පයට මිණි මුතු පෑ ගේ
      ඊයේ බැරි වු
      ඇපල් බා ගත හැකි වේ

      කියලා

      Delete
  6. නියමයි...හරියට ඒ වගේම හිතල කියල වගේ

    ReplyDelete

Have commented