19 January 2013

සතුටු අංශු


මම රසායන විද්‍යාව පිළිබඳව දන්නේ අංශු මාත්‍රයකි . එනමුදු ආවර්තිත වගුවේ වම්  කොනක තමන්ගේ පාඩුවේ සිටින හයිඩ්‍රජන් අනු දෙකක් , ලං කර ගෙන ඔක්සිජන් අනුවක් , ජල අනුවක් සාදන සැටිත් . කාටවත් කරදරයක් නැති කාබන් අනුවක් ඔක්සිජන් හා එක්වූ කළ සදෙන විෂ වායුව ගැනත් ඉගෙන ඇත්තෙමි .

මේ 
අයුරින්ම සතුට සාදන මුලික පදාර්ථ අනු  ඇත්ද ?
 ජල අනුවක් එහි හයිඩ්‍රජන් ඔක්සිජන් අනුවලට විච්චේදනය කල හැකි මෙන් "සතුට" එහි මුලික තැනුම් ඒකක  වලට බිඳිය නොහැක . එය නිරීක්ෂණය කල හැක්කේ , හිග් ගේ බෝසෝනයක් මෙන් , තිබුණු බවේ සේයා ඔස්සේ පමණක්  යයි මට සිතේ. 

අපේ සතුටේ තැනුම් ඒකක මොනවාද .

ඔව් 
අයෙක් කියන පරිදි එය,  අපේ සංස්කෘතිය , සමාජය , හර පද්ධති වගේ බර වචන වලින් කියවෙන දේ මත  
 පදනම්  වෙනව තමයි .


හරි එහෙනම් අපි මෙහෙම කරමු . අපි බොහොම පොඩි කුලකයක් ගනිමු . අපි අපි ගැන හිතමු . ලංකාවටම  අදාල නොවුනත් වර්තමන මධ්යම පාන්තික කොළඹ ගැන හිතමු  (කොළඹ කිව්වට බස්නාහිර පළාතටම අදාලයි කියලයි මට හිතෙන්නේ ) . කොළඹ සිහිනය කුමක්ද ?   ඔවුන්ගේ සතුට හදන අංශු මොනවද ?
  • පර්චස් අටේ සිට දහය  දක්වා බිමක , අපේම කියලා  දෙමහල් ගෙයක් , තණකොළ වවපු පොඩි ලෝන් එකක්... පුම්බපු සෝෆා සෙට් එක .  ගමටම ඇහෙන්න දාන්න පුළුවන් සෙට් අප් එක සහ අනිත් ගෘහස්ත උපකරණ  (මාසේ ගානේ ගෙවන්න ගන්න පුළුවන් නේ කාඩ් එකට ),
  • චැනෙල් සීයක ටීවී කොනෙක්ෂන් එකක් .....
  • කාර් එකක් (ටොයෝටා,නිසාන් , කියා , )...නෝනාටත් වෙනම එකක් තියෙනවනම් මරු . පොඩි මරුටි , සුසුකි බට්ටෙක් ...ගෙදර යන ගමන් ෂොපින් කරලා , බෑග්  ටික ඩිකියේ  දා ගෙන  එන්න 
  • ළමයි දෙදෙනෙක් ..(පවුලේ නම ගෙනියන්න කොල්ලයි , නාකි උනාම බලාගන්න කෙල්ලයි)...
    කොළඹ ඉස්කෝල ,  බැරි උනොත්  ඔය පොඩි ඉන්ටනැෂනල් එකක් තමයි ....කොල්ලට ක්රිකට් ප්රැක්ටිස් (කොහොම හරි ඉස්කොලේ ටීම් එකට ගහන්න ). පස්සේ පිට රටක යුනි එකකට යවන්න 
  • උයන්න පිහින්න  ළමයි බලා ගන්න , ටිකක් වයසක ගෑනු කෙනෙක් 
  • බල්ලෙක්
    (ඇල්ශේෂන් පොමරෙනියම් නම් හරි ඕල්ඩ් ෆැෂන් ....ලැබ් බෙක් , ඩොබෙර්මන්  , ටෙරියර් , ඩල්මේෂන්  බොක්සර් එකෙක් හොඳා )
  • මහත්තයට ස්ට්රෙස් රිලෙටඩ් ලෙඩ (කොලස්ටරෝල් , ප්රෙෂර් ), එතකොට ජිම් යන්න ඕනේ නේ 
  • ඕල්ඩ් බෝයිස් ක්ලබ් එකක,  ක්රීඩා සමාජයක  සාමාජිකත්වය ....ද කොනේක්ෂන්ස් මැටර් යු සී ...

තව මොනවද ?


පලි :
මෙය කොළඹ සිහිනය උනාට , සයුරු ගණනක් එතෙරින් සිටින අයද (ඇතැම් විට ට්රැක් පැනපු වෙලාවට අපිද) , මේ සිහිනම සැබෑ කරන්නට තතනමු ...බැරි වූ කළ තැවෙමු ..ශ්‍රී ලාංකිකත්වයද ..පෘතජ්ජන බවද එහෙමත් නැතිනම් හිසේ පැලපදියම් වූ නිදන්ගත රෝගයක සේයාවක්දැයි නොදනිම් .
එනමුදු අත්දැකීමෙන් දනිමි , "අසල්වැසියාට වඩා ලොකු එකක් " තරඟයෙන් මිදුන විට , මහත් නිදහසක් දැනේ .

7 comments:

  1. මේ හැම දෙයක්ම හරිම අහිංසක ආසාවන්.

    ReplyDelete
    Replies
    1. අහිංසක බව සාපේක්ෂයි නේද? තමන්ට හානියක් නොවේනම් ප්‍රශ්නයක් නැත . එකඟයි , හීන අවශ්‍යයි ජීවත් වෙන්න .

      Delete
  2. මාත් බැලුවා මේ මගෙ ලිස්ට් එකමද කියලා. අර මහත්තයට ස්ට්රෙස් රිලෙටඩ් ලෙඩ ත් ඔය ලිස්ට් එකට ආවේ ජිම් එක නිසාද?
    මට ඔය ලිස්ට් එකේ නැති සමහර දේවලුත් තියෙනවා වගේ.
    අර සර්වන්ට් නම් මම අකමැතිම දෙයක්.

    ReplyDelete
    Replies
    1. මෙහෙකාරියක් ...ඔව් , සංකල්පයක් හැටියට වැරදියි තමයි .. කෙල්ල පොඩි දවස් වල අපේ ගෙදරත් හිටියා හැබැයි ....මෙහෙ ආපුවහම ගත්ත දැඩි තීරණයක් , එහෙම කෙනෙක් නොතබා ගැනීම

      Delete
  3. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ ගොඩක් අයගේ සිහිනය අඩු වැඩි තරමින් ඔය කිව්වා 'අංශු' වලින් සමන්විතයි නේද?

    එහෙම ලෝකේ වෙනත් විදිහට සතුට සොයා යන්නේ හරිම ටික දෙනයි. මම ලඟදි කියෙව්වා ඇමෙරිකාවේ ගමින් ගම සංචාරය කරන පවුලක් ගැන. මෙන්න මෙයාල : http://1337stream.com/manifesto/
    අම්මයි තාත්තයි පුංචි පුතයි දුවයි.
    ට්‍රේලර් එකකින් රට වටේ යන එක තමා එයාලගේ ජීවිතය. එහෙම යන අතරතුර තාත්ත අන්තර්ජාලය ඔස්සේ වෙබ් අඩවි නිර්මාණය කරනවා රැකියාව ලෙසට...

    ReplyDelete
    Replies
    1. එක එක අයගේ එක එක ආසාවන් නේ

      Delete

Have commented