20 September 2013

රාවණ කුලප්පුව

"මචං , අපේ පොඩි එකාගේ ඉස්කෝලේ ටීචර් කියලා අතීතයේ සිටි ශ්‍රේෂ්ට රජ කෙනෙක් ගැන රචනාවක් ලියන්න කියලා . "

"ඉතින්? "

"මෙච්චර දුටුගැමුණු , පැරකුම්භා  ඉඳිද්දී මූ  හෙන පොරේ රාවණා ගැන ම ලියන්න ඕනේ කියලා . බැරිම තැන වයිෆ් කියලා ඕනේ එකක් කර ගන්න කියලා ."

මෙන්න ඒ රචනාව ......................


මගේ ප්‍රියතම රජතුමා රාවණ ය . ඔහු එකමත් එක දාක අතීතයේ ලංකාවේ රජ කළේය . එතුමත් , අපේ ඇමති මාමලා වගේ ගමන් බිමන් ගියේ එලිකොප්පර් වගේ එකෙකිනි . එතුමාගේ එලිකොප්පාරේ බාන්නට රට වටේ එයාපෝට් තිබුණි . තව ටික කලකින් අපේ රට නැවතත් ඒ ශ්‍රී  විභූතියට ලඟා වන්නේය . හැම තැන කූල්  ඉස්පොට් වෙනුවට එයාපෝට් හැදෙන්නේය .

රාවණා රජතුමා මහා බල සම්පන්න රජ කෙනෙකි . ඔහු බොහෝ සාස්තර දත්තේය . වෙද කම , කඩු ශිල්ප දැන සිටි බව අපේ සීයා කියා දුන්නේය . සීයාට මතක නැති උනාට , ඔහුට "ගස්ලභ් " කියා පැපොල් මවන්නටත් පුළුවන්ය .  ඔහුට කන්නට ඕනේ උනාම "ගස්ලභ්". "මැන්ගොහ් " " බනානඃ " , "අන්නාසිහ් " කියා පෘට් සැලඩ් එකක්ම මවාගෙන කන්නට ඇත .
දවසක් දා ඉන්දියාවේ කොල්ලෙක් රාවාණ  රජතුමාගේ නංගිට පාට්  එකක් දැම්මේය . කොච්චර චන්ඩි උනත්  රජ පවුල්වලට සම්බන්ධ ගෑණු  ළමයින්ට විහිලු කිරීම ශරීර සෞඛ්‍යයට හානිකරය . සිගරට් පැකට් වල  කොච්චර එහෙම ලියලා තිබුනත් සිගරට් බොන අපේ තාත්තා  මෙන්ම , චණ්ඩින්ට ද එය සිහියට එන්නේ නැත . 
රාවාණ රජතුමා ඔහුගේ එලිකොප්පරෙන් ගොස් , චන්ඩියා ට කණට ගසා , චන්ඩියාගේ ගල් ෆ්රෙන්ඩ්, සීතා  ව  උස්සාගෙන ආවේය . අපේ අල්ලපු ගෙදර  අයියා , මාලි අක්කාව මොටෝ සයිකලේ දාගෙන ,  ගෙදර අර ගෙන ආ දවසේ අපේ අම්මා කීවේ  , අන්න දඩු මොණරෙන් සිතාව ගෙනාවා කියාය . හැබැයි ටික දවසකින් මාලි අක්කටනම් බබෙක් හම්බ විය (අපේ අම්මා , නිසි බලධාරියා , විසින් කපා හරින ලදී ). අද මෙන්ම එදාද ලංකාවේ එවැනි අතවර කිසිත් සිදුවුයේ නැත .  සීතාගේ මානව හිමිකම් උල්ලංඝනය වූ වා යැයි  රාමා කිවේය .
"අඩෝ පුළුවන් නම් ඇවිල්ල පෙන්නපන් උල්ලංඝන " රාවණ  රජු ගේ සෙන්පතියෝ කෑ  ගැසුහ ., (නිසි බලධාරියා , විසින් කපා හරින ලදී )

සීතාගේ කොල්ලා , කට්ටිය ලෑස්ති කරගෙන ලංකාවට ආවේය . ඒ සීතාගේ  මානව හිමිකම් උල්ලංඝනය වෙලාද කියා බලන්නය . එවැනි දේ කිසි දිනක ලංකාවේ සිදු නොවේන්නේය .  ඔහුත් සමග ආ හනුමන් , "සීතාව දුන්නේ නැත්නම් ගිනි තියා ගන්නවා කියා ,"  තම වලිගයට ගිනි තියා ගත්තේය . (නැවතත් මේ ගිනි තබා ගැනීම ප්‍රචලිත වී ගෙන එයි . ගිය සුමානේ මම නාන්න බෑ  කියා ගිනි තියා  ගන්න තර්ජනය කලද අපේ අම්මා මා බලෙන් ඇද  ගෙන ගොස් නෑව්වා ය .  මාගේ මානව හිමිකම් උල්ලංඝනය විය . " දැන් උල්ලංඝනය වුන එකේ සබන් ටිකකුත් ගා ගන්න " අපේ අම්මා කීවාය .)

කෙසේ හෝ මහා ෆයිට් එකක් ඇති විය . කෑ ගැසූ සෙන්පතියෝ හොයා ගන්නට නැති විය . රාවණ  රජුට තනියම සටන් කරන්නට විය.  රාමා සීතාව  රැගෙන ගියේය . රාවණ  රජතුමා මරණයට පත් විය .

2012 දී රාවණ  රජතුමා යලි නැගිටින බව අන්තර්ජන්ජාලයේ තිබුණි . හැබැයි ඔහු නැගිට්ටේ නැත . අපේ සියා නම් කිවේ "කුම්භාකර්නයගේම සහොදරයනේ " කියලාය .

අපේ අපොන්සු මාමා , මේ ඉතිහාස කතාව ගැන වටිනා චිත්‍රපටියක් සාදා ඇත . එහි මේ ඉතිහාස කතාව මනාව ඉදිරිපත් වේ . රාවණ රජු ට ඉන්නේ අපොන්සු මාමාමය . කුස පබාවතී එකේ කුස රජතුමා , අර "සුරංගනා  ලොවින් ඇවිල්ලා " එකේ  දුටු ගැමුණු රජතුමා වගේම , අපොන්සු මාමා ගේ   රාවණ රජතුමා ද අපේ රජවරු ගැන මහා ප්‍රෞඩ , ගෞරවාන්විත හැඟීම් සිතේ ඇති කරවයි . තේජස උතුරා යන්නේය .

නමුත් මිනිස්සු අපොන්සු මාමාට බනින්නෝ ය . මෙදා  රාවණට එරෙහි වී ඉන්නේ රා .බ ය . ඇයි  කියා හරියටම දන්නේ නැත්තෙමි . ඒ  අපොන්සු මාමා , කලින් විහිලු චරිත කරපු නිසායි අපේ අම්මා කීවාය.

"රජ ඇමති වරු ජෝකර්ලට අඳින්න හොඳ නම් , ජෝකර්ලා රජ්ජුරුවන්ට අන්දහම  මොකද"  කීයා කිවේ අපේ තාත්තාය .




පලි : පොඩි උන්, උන්ගේ  නොතේරෙන කමට ලියන දේවල් ............


ප ප ලි : මෙය ලියන්නට මේ  සටහන ද හේතු විය
http://reargate.blogspot.hk/2013/09/blog-post.html

37 comments:

  1. හී හී...පොඩි එකාගේ රචනාව නම් මරු.

    ReplyDelete
  2. //"රජ ඇමති වරු ජෝකර්ලට අඳින්න හොඳ නම් , ජෝකර්ලා රජ්ජුරුවන්ට අන්දහම මොකද" කීයා කිවේ අපේ තාත්තාය .//

    කියලා වැඩක් නැත!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. එක ගමකට එක වැඩක්, දෙවන අදියර
      දෙසතියකට වරක් අලුත් ජෝක් එකක්

      Delete
  3. පට්ටයි මචෝ... හොදි ඕ......................න් නෑ.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . හැබැයි හොදි නැතුව පාන් බෙදිමත් , උල්ලංඝනයක්ද දන්නේ නෑ

      Delete
  4. සුපිරි කියලනේ කියන්නේ. කොහොමත් මාතලන් පස්සේ ආවොත් ඉතිං මේ වගේ සුපිරි එකක්ම තමයි හම්බෙන්නේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .

      පණිවිඩය කිව්ව මාතලන්ටත් ස්තුතියි

      Delete
  5. මාතලන් අයියගේ පාරෙන් ආවේ.

    හිකි හිකි. පොඩි එකාට මාර දේවල් නෙව හිතෙන්නේ... කාලෝචිතයි ඈ.. මේ දාස් වල මර මර සීන් යන්නේ.. ටෙලි විසෝන් එකේ මාර ජෝකර් ලා නෙව.

    ///////"රජ ඇමති වරු ජෝකර්ලට අඳින්න හොඳ නම් , ජෝකර්ලා රජ්ජුරුවන්ට අන්දහම මොකද" //////
    ඕකම තමයි මට රිපීට් කොරන්න තියෙන්නේ...?

    මම - Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. ඊට එහා ජෝක්ස් , තිරෙන් එහා

      Delete
  6. අප්පට සිරි..රෝස් පාන් වගේ පොස්ට් එක නිකං කන්න පුළුවන් මචෝ...

    ReplyDelete
    Replies
    1. රෝස් පාන් වගේ ...ඇහුවමයි
      ඒ කියමනත් මරු

      Delete
  7. එලමයි සුපිරි

    ReplyDelete
  8. මාරයි පොඩි එකාගේ රචනාව.අනේ මටත් බැරි වෙයිද දැන් නෑ "ගස්ලහ්" කියලා ගස්ලබු ගෙඩියක් මවලා දෙන්ඩ....

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ

      Delete
  9. නියමයි අයියා...
    පොඩි ඒකාට හොඳට රචනා ලියන්න පුළුවන්නේ..මට මතක් වුනා කථාවක් ඒ වගේ පොඩි ඒකෙක් ලියපු රචනාවක්..අහලා තියෙනවාද දන්නා පොඩි ඒකෙක් ගිරවෙක් ගැන රචනාවක් ලියපු ඒකක් ගැන..

    මෙන්න මෙහෙම..

    ගිරවා කෙළ පාටය..
    ඌට හෙටක් ඇත.. එත් මටවත් අපේ තාත්තාටවත් කාටවත් හෙටක් නැත..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් . පොඩි එකාගේ බලාපොරොත්තුවත් ලොකු වෙලා ඉතිහාසය සම්බන්ද චිත්‍රපටියක් කරන්න ..හැබැයි මේ යන විදියට එයාට කරන්න රජ කෙනෙක් ඉතුරු වෙයිද දන්නේ නෑ ලංකාවේ . මොකද ඒ රැල්ල නැගල යනවනේ

      අපි කාටවත් ඉතින් හෙටක් නෑ වගේනේ

      Delete
  10. නියමයි අයියා..
    පොඩි ඒකා හොදට ලියලා තියෙනවා රචනාව.. මට මතක් වුනා පොඩ් ඒකෙක් ගිරවෙක් ගැන ලියපු රචනාවක්.. අහලා තියෙනවාද දන්නැ...
    මෙන්න මෙහෙම..

    ගිරවා කෙළ පාටයි..
    ඌට හෙටක් ඇත.. ඒත් අපිට හෙටක් නැත..

    ReplyDelete
  11. නියමයි අයියා

    ReplyDelete
  12. නියමයි අයියා...
    පොඩි ඒකා හොදට ලියලා තියෙනවා රචනාව.. මට මතක් වුනා පොඩි ඒකෙක් ගිරවෙක් ගැන ලියපු රචනාවක්.. අහලා තියෙනවාද දන්නැ..
    මෙන්න මෙහෙම..

    ගිරවා කෙළ පාටය..
    ඌට හෙටක් ඇත..
    ඒත් අපිට හෙටක් නැත..

    ReplyDelete
  13. \\\\ දැන් උල්ලංඝනය වුන එකේ සබන් ටිකකුත් ගා ගන්න " අපේ අම්මා කීවාය .)\\\\

    අම්මත් දෙවෙනි නැහැ වගේ...

    අම්මටයි පුතාටයි ඔයාටයි ඔක්කොමටම ඔන්න වැටක් ගහනවා..


    +++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. අන්න සහන්ට අහු උනා ....
      කොලුවාගේම අම්මා නේ

      Delete
  14. හැබැයි මේ කොලුවාට ඇත්තේ තාත්තාගේ අභාශේ වන්නට පුළුවන. එල

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඉවාන් ;)

      Delete
  15. මරු ලියවිල්ල සහෝ! එළ!

    එතකොට දඩුමොනරේ පැත්තක දාලා 'ලැම්බෝගිනි' යක යන්න ඕනේ වුනාම ඒක මවාගත්තේ මොනවා කියලද?

    ReplyDelete
    Replies
    1. ලැම්භොහ් ඝිනි !!

      Delete
  16. තමන් රාවණා කියලා හිතාගෙන ඉන්න එකාට මේ ලිපියේ කොපියක් යවපන් පොඩි එකෝ.

    ReplyDelete
    Replies

    1. ස්තුතියි මේ පැත්තේ ආවට. ඒ උනාට අනේ විචාරක මහත්තයෝ තාම මේ සිස්සත්වෙ වත් ලියුව නැති පොඩි එකා

      Delete
  17. අනර්ඝයි ඈ......

    ReplyDelete
  18. සිගරට් පැකට් එකේ ලියා ඇති අවවාදය සිහිගන්නන ලියවිල්ලකි.

    ReplyDelete
    Replies
    1. කොච්චර ලියලා තිබ්බත් අපි...

      Delete
  19. රාවණාධිරාජයාට අපහාස කර මීවනපලානේ ජයරත්නයන් ගේ උදහසට ලක් නොවෙනු.

    ReplyDelete
    Replies
    1. පොඩි එවුන් බ්ලොග් කියවන්නේ නෑනේ. ෆිල්ම් තමයි බලන්නේ. උන්ගේ නොතෙරේන කමට සමා වෙන්න

      Delete
  20. පට්ට මචෝ. මරේ මරු

    ReplyDelete

Have commented