22 September 2013

Frozen music // ගල් ගැසුණු ගීත

Music's genes carry remnant strands of the original live performances. For a long time there was no way to store it .
But after a while things did change . First came Vinyl ,  then tapes a, CD's and finally the MP3's . Music got frozen. Within scratches on a disc, within  magnetic arrangements, within rows of one's and zeros of a computer code , music was hidden.

But a song is not the frozen tunes , that are repeated the same way over and over again . It is not only the tunes and melodies and the words that makes a song . All the little variations , the little mistakes ,your state of mind  and the atmosphere are necessary to paint that soundscape  in your mind .

(Think of  an  amaawaka night , a starry sky and the sound of a pal kavi , heard  in  the  distance  .)






From a great rock song where all emotions explode , to a classical performance where selective emotions are released in measured doses , to a  performance of restrained emotions where much is said in the silence in between the verses , the original song can not be resurrected from the frozen remnants.

Thus the song you heard is not what came from the recording, but the song in your head. in that case when you take the performance out of a song , what does remain ?

____________________________________________________________


ප්‍රාසාංගිකත්වය , සංගීතයේ  මුල් ජානවලම සැඟවී ඇත . දිගු කලක් එය කල් තබා ගන්නට ක්‍රමයක් මිනිසාට තිබුනේ නැත .

නමුත් කාලයාගේ අවෑමෙන් අපි  තැටි වල සීරුම්  පාරවල් මැද  සංගීතය රැඳවෙමු . තැටියටම  සින්දු දෙක තුනකි . ඉන්පසු  කැසට් වල දෙපැත්තක් පිරෙන්න සින්දු  , චුම්බකත්වයේ පිහිටෙන් ඇලෙව්වෙමු . සීඩී , mp3 ඔස්සේ දැන්  වැඩේ සංකීර්ණ වී ඇත .

නමුත් ගීතයක් කියන්නේ ඒ ගල් ගැසුණු නාද රටා පමණක්ද ? කියන වාරයක් වාරයක් පාසා වෙනස් වන නද තල , පොඩි පොඩි වැරදීම් , ට්‍රැක්  පැනීම් , අවට පරිසරයේ බලපෑම , ගායකයාගේ සිතුවිලි , අහන අපේ සිතුවිලි මේ සියල්ල එක් විය යුතු නොවේද  ඒ අත්දැකීම සම්පුර්ණ වීමට .

අමාවක රැයක  ඈත හේනකින්  ඇහෙන පැල්  කවියක සිට , කොළඹ නුවර බස් එකේ වැයෙන  ගීයකටද  මෙය පොදු නොවේද .

ඉහත ඇති වේදිකාවක පිපිරෙන rock ගීතයක් , පහත ඇති ,  කියන දේ ට වඩා නොකියන දේ වැඩි,  ගීතයත් නරඹන්න .



ඔබට ඒ ඇසුනේ ඔබේ මනසේ ඇඳුන ගීත නොවන්නේද

එසේනම් ගල් ගැසුණු රොඩ්ඩෙන් කෙසේනම් , පණ  දෙන්නද ගීතයකට ?




6 comments:

  1. මගෙත් ඔලුවේ දවසම ප්ලේ වෙන සින්දුවක් තියෙනවා . ඒක උදේට තමයි තීරණය වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඩුඩ් මේක කොහොම කියවන්නද කියලා මම බැලුවේ

      Delete
  2. පෙම්බර මධු මගේ මං කැමතිම සින්දුවක්. ඒක උර්දු සින්දුවක කොපියක් කියල දැනගත්තු දවසේ මට ඇතිවුනේ පුදුමාකාර දුකක්.

    ReplyDelete
    Replies
    1. මම දැනන් හිටියේ නෑ. දැන් මටත් දුකයි

      Delete
    2. පෙම්බර මධු මමත් කැමති සිංහල ගී කීපයෙන් එකක්. ඒක ඇහෙනකොට වෙනම ලෝකෙට යනවා වගේ. :)

      Delete
    3. "පෙම්බර මධු කාගෙද?" හෙවත් ඉච්ඡාභංගත්වය - Can a video bring this much anomy?

      http://kathandara.blogspot.com.au/2011/08/can-video-bring-this-much-anomy.html


      Delete

Have commented