06 March 2014

වෙජිටේරියන් මර්සි ගේ , මස් හොදි තියරිය // Leaving the pieces in the dish

මර්සි , මම කොල්ලා කාලේ වැඩ කරපු කන්තෝරුවේ වැඩ කල , ටිකක් තල්තැනි කතක් . කතුරක් වගේ කටක් හිමි ඇය  උම්බල කඩ වත් නොකන්නිය.  පුර්ණ ශාක භක්ෂිකාවක් . ෆුල්ම ෆුල් වෙජිටේරියන් .  

අපේ කැන්ටිම කරපු ඇනස්ලි , හැම කැන්ටිම්  කරුවෙක් වගේම , බැනුම් අහන්නම උපන් කෙනෙක් . අපේ පුරුවේ ණයකට ඔහුගෙන් කන්නත් , ඔහුගේ පුරුවේ පවකට අපෙන් බැනුම් අහන්නත් මෙලෙස හමුවූ බව එදා අපේ හැඟීම විය .

ඇනස්ලිගේ කැන්ටිමේ තිබ්බේ හරිම සිම්පල් ප්ලැන්  එකක් . උදේට පාන් ගෙඩිය හතරට කපලා , පාන් කාලේ කෑලි . පුංචි දීසි  වලට වෙන වෙනම දාපු පරිප්පු , මාළු කෑල්ලක් , මස් කෑලි පහක් . ප්ලාස්ටික් බාල්දියක , වෙනම උයපු ගොරක වැඩි හොදි , පිටිපස්ස කුස්සියේ  . මස් කරි , මාළු කරි ඕන එකකට අර හොද්ද දාලා දෙනවා . හැබැයි ඇහුවොත් අම්මා තාත්තා පල්ලා දිවුරනවා නෑ වෙන වෙනම මස් හොදි මාළු හොදි උයනවා කියලා .

ඔන්න මර්සි එනවා උදේට කන්න 

"ආ මර්සි මිස් ගුඩ් මොර්නින්ග් "

"ඇනස්ලි , මට දෙන්නකෝ පාන් කාලකුයි මස් හොදි එකකුයි , හොඳ කෑලි දාන්න "

පෝලිමේ සිටි මම   "මර්සි අක්කේ , ඔය වෙජිටෙරියන් නේද "

"ඔව් . ..මම හොදි විතරයි කන්නේ "

"ඉතින් එහෙනම් කෑ ලි දාන්න කිව්වේ "

"මෙහෙමයි මල්ලි කෑලි නැත්නම් හොද්දේ රහක් නෑනේ . මම කෑලි  ඉතිරි කරනවා "

"අඩේ මාරයි නේ "

"මාර නෑ . ගොඩක් දේවල් එහෙම තමයි . ඔය ඩිමොක්‍රසි , මීඩියා  ෆ්‍රීඩම් , එතකොට ෆ්‍රී ස්පීච් , එතකොට සමානාත්මතාවය ඔය ඔක්කොම එහෙමයි . ඒවා තියෙන්න ඕනේ හොද්දට වටිනාකමක් එන්න . මස් හොද්දක් , මස් හොද්දක් වෙන්න .හැබැයි ගොඩක් වෙලාවට අපි ඒවා කන්නේ නෑ , කන්න බෑ"


පලි :
ඇගේ  තියරියේ ගැලපුම අද මට වැඩියෙන් දැනේ . අපි සංකල්ප මය වශයෙන් අවැසි යයි සිතන බොහෝ දේ , අවසන අපි දීසියේ  ඉතුරු කර , ගොරක වැඩි හොද්ද සමග පාන් ගිලිනවා නේද යයි විටෙක මට සිතේ . එය අපිට පුරුදු වී ඇත , ඇතැම් විට මස් කෑලි  කෑවොත් අජීර්ණ  ද  විය හැක .

24 comments:

  1. මේක කියවලා මට හිනාගිය තරම්. ඇත්තටම මං හිනාවුනේ මටම වෙන්න ඕන. මර්සි බොහොම අවබෝධයෙන් යුතු කාන්තාවක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇගේ චින්තනය ටිකක් වෙනස්

      Delete
  2. බලාගන යනකොට අද සමාජයේ වැඩි දෙනෙක් දුහන්නේ ඔය තියරියෙන් තමා

    ReplyDelete
  3. තල්තැනි කියන වචනේ මම ඇහුවාමයි JP. තලත්තෑනි නෙවෙයිද?

    මේකේ ඉතුරු චරිත සැමුවෙල් සහ බර්ටි නෙවෙයි කියලා ෂුවර්ද? ඇයි ගැමුණු?

    ඇත්තෙන්ම එගිටේරියන්ලත් ඉන්නවනේ. බිත්තර කන, චිකන් නොකන.

    ReplyDelete
    Replies
    1. බ්ාබර්ටි මම :)
      තලත්තැනී තමා ඩූඩ් මට ඉස්පෙලින් මිස්ටේක් එකක්

      Delete
  4. ගොරක,...
    හ්ම්, ආ,...මාර රහයිනේ ද ගොරක කෑලි හැපෙන කොට?
    මතක් කරනකොටත් කටට කෙල උණනවා.

    ReplyDelete
    Replies
    1. මෙහෙම නේද කකා
      සමහරු ගොරකා තෝ‍රලා අයින් කරලා කනවා. සමහරුන්ට වැරදිලා ගොරකා කැවෙනවා . සමහරු ගොරකා තෝ‍රලා කනවා

      Delete
  5. අපිට වෙලා තියෙන්නේ... කොහොමත් මස් හොද්දේ මස් නැති එක.. මස් රහට ඒ වගේම හැපෙනවා.. ඒත් ඒ මස් නෙමෙයි... සෝයා....

    ReplyDelete
    Replies
    1. හරියටම හරි ලොක්කා එක එක රසැති සෝයා

      Delete
  6. නියමෙට ගැලපෙන කතාව.

    ReplyDelete
  7. සමහරු ගොරකා කෑලි හප හප ඉන්නවා මස් කියලා හිතලා...

    ReplyDelete
  8. පට්ට පට පට.මම් අහම්බෙන් ආවෙ.දැන් හැමදාම එනව.හොද සයිට් එකක්.බ්ලොග් රෝලටත් දාගත්තා

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ යකාත් ඇවිත් :) ආයුබෝවන් කියලා පිලිගන්නවා. ආයෙත් එන්න

      Delete
  9. අපිනම් ගොරකද මන්ද මස් කියල කන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් බොහෝ විට

      Delete
  10. වෙලාවකට හැමෝම ඔහොම තමා කියලා හිතෙනවා..

    ReplyDelete
  11. මස් හොදි කන කතාව කිවම මතක් උනේ අපේ මාමව , එයත් මස් කන්නේ නැහැ හැබැයි මස් හොදි කනවා.. එයා රට ඉද්දි එයාගේ යාළුවො එක්ක සින්දු කියපු කැසට් පීස් එකක් එවුවා.. (අවුරුදු 15 කට එහා වෙන්න ඕනේ ) ඒකෙ එක තැනක යාළුවො සින්දුවක් කියනවා අපේ ආච්චි අම්මට .....

    "කෑලි නොකයි හොදි කයි ඔබේ අතුල පුතා....ගොරක කෑලි තෝරයි මස් අපිට තියා "
    අවුරුදු ගානක් අතීතෙට ගියා මං... කෙසේනමුත් ඔයා කතාව තුලින් කීවදේ පැහැදිළි

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්න කතාවකට කතාවක් පෑහෙන හැටි.
      අපේ පියාත් කාලයක් මැද පෙරදිග සේවය කලා. ඔහුත් ලoකාවට එන කෙනෙකු අතේ ඉඳ හිට කැසට් පීස් එවුවා. පැයක් පුරා ඔහුගේ කට හඬ. සින්දු නම් නෙමෙයි , නිකන් කතා කරනවා . අපි ආපහු ආපහු ඒවා අහනවා. මට ඒක මතක් උනා

      Delete
  12. අපේ පන්සලට එන ගෑනු උදවිය පාටිවලදි ඔය වැඩේ කරනවා මම දැකලා තියෙනවා. ඇයි සමහරු vegetarian. ඒත් බිත්තර විතරක් කනවා... :)

    ReplyDelete
    Replies
    1. පොකු දන්නේ නැත්ද, මස් හොද්දේ කෑලී බෙදාගත්තේ නැතුවහම පින් වැඩියි.
      අනික කුකුලා නැති කොටුවේ බිත්තර කෑවට පව් නෑ ලූ.
      ඒ වගෙමයි හාල් මැස්සෝ,කූනිස්සෝ සම්බෝල කෑවත් වෙජිටෙරියන්

      Delete

Have commented