12 March 2014

ඩමී , ඩබල් ඩමී හා ලේයර්ඩ් ඩබල් ඩමී// Signaling left and turning right

ඩමී කියන්නේ වෙට්ටු දැමීමටය . සතුරෙක් නැත්නම්, වන සතෙක් පස්සෙන් පන්නාගෙන  එනවා නම් සරළ රේඛාවක් සේ දුවනවාට වඩා වෙට්ටු දම දමා දිවීම වඩාත් ඉෆෙක්ටිව් ය .

ඩමී දැමීමේත් ශාශ්තරයක් ඇත . අහවලා  ඩමී දැමීමේ විශාරදයෙකි .ඔබේ දැනුම පිණිස එවැනි ක්‍රම කිහිපයක් පහත දැක්වේ .

ඩමී
ක්‍රම දෙකකි . දකුණට සිග්නල් දමා වමට හැරවීම එක ක්‍රමයකි . චන්දයක් අතරේ , ජිනීවා පෙන්වීම තවත් ක්‍රමයකි .

ඩබල් ඩමී
ඒ අතරේ , ඒෂියන් කප්  පෙන්වීම මේ ගණයට අයත් වේ .

ලේයර්ඩ්  ඩබල් ඩමී
ඒ අස්සේ ඒෂියන් කප් ෆයිනල් එක බැලීමට ලොක්කා යන බව කීයා, මිනිසුන් කුල්ලප්පු කර,  අනෙක් සියලු දේ අමතක කරවීම .

පලි : ඩමීයෙන් ඩමීය උතුම් ඩමීයයි.
යන බව කියා , මිනිසුන් කුලප්පු කර,  නොයා සිට ප්‍රශංසා  ලැබීම 

ප්‍රයිස් ලස්  ය (priceless)

10 comments:

  1. හැබැයි එය ගියොත් පැරදෙනවාය යන මිත්‍යාව අනුමත කිරීමක් නේද?

    ReplyDelete
    Replies
    1. ඒකත් ඩමියක් නොවේද ?

      Delete
  2. ඩමීයෙන් ඩමීය උතුම් ඩමීයයි. ( හේ භගවාන් )

    ReplyDelete
  3. මම නම් හිතන්නේ කප් එක දින්නේ ලොක්කගෙ පිනටමයි...

    අනේ අර දිනේෂ් චන්දිමාල්ව ආයෙත් ටීම් එකට දානවනම්, අපිටත් චාන්ස් එකක් දෙන්න කියන්න.. මටත් පුළුවන් කොහොම හරි ළකුණු 7-8 ක් ගහගන්න..

    ReplyDelete
    Replies
    1. නැත්නම්. වාසනාවන්ත රජවරු රජ කරන කොට එහෙම තමා

      Delete
  4. කාලයට තාලයට ගැලපෙන ඩමී සොයා ගැනීමේ අරුම පුදුම දස්කම් ඇති ...

    ReplyDelete
    Replies
    1. අම්මපා පුදුම දස්සතාවයක් අපේ මාමාගේ

      Delete
  5. අද මුළු සමාජයම ඩමියෙන් තමයි යන්නේ. මාමි ඩමී...
    ඩමියෙන් තොර ලෝකයක් කොයින්දෝ....

    ReplyDelete
    Replies
    1. ඩමි පිට ඩමි පිට ඩමි

      Delete

Have commented