03 May 2017

පස්චාත් මැයි දින කතා

කතාව 1 
හැම දාම තැඹිලි කරත්තයක් හංදියේ තියාගෙන ,  වෙළඳාම් කරන ප්‍රාග්ධන හිමියෙක් ඊයේ මැයි දින පෙළපාලියේ ගියානේ .
ශ්‍රමය විකුනලාම යැපෙන කෝල් සෙන්ටර් කෙල්ලෙක් ෆුඩ් කෝට් එකක , ලම්ප්රයි එකක් දිග අරින ගමන් , ඒක දැක්කේ ටීවී එකේනේ .
ප්‍රාග්ධන හිමියෝ නේ 
කම්කරුවොනේ 
ටීවී නේ 


කතාව 2
හවස් වෙන්න වෙන්න පෙළපාලියේ ගිය එවුන් ගේ හෙවනැල්ල තාර පාර දිගේ දිගට ඇදුනා නේ .
අඩි ඩාස් ජෝගින් සපත්තු දා  ගත්ත නායකයෝ , ඒ හෙවනැල්ලට මුවා වෙලා නේ ගිරිය පුප්පන් කෑ  ගැහුවනේ 
හෙවනැලි නේ 
නායකයෝ නේ 
අඩි ඩාස් නේ 


කතාව 3 
ජේ ආර් මැයි දිනේට , නිතින් මුකේෂ් ගෙනල්ලා බජව් දැම්මනේ 
ඒ එස්පී ලියනගේ , උගේ පැක්ටේරියේ මැයි දිනේ ඌම ඔගනයිස් කරලා 
ඌම ඉස්ටේජ් එකට නැගලා 
ඌම කතාව පැවැත්තුවා නේ 
කැතයිනේ 
ජේ ආර් නේ 
ඒ එස් පී ලියනගේ නේ 
කැත කියනකොටනේ 


කතාව 4
කාගේ කාගේත් අරක්කු වැඩ කරේ  මහපාරෙනේ 
නිකන් හම්බුවුන ප්‍රයිඩ් රයිස් හවස් වෙනකොට ඔක්කාරෙට ආවනේ 
 අනේ සතෙන් සතේ එකතු කරලා ගෙවපු බස් එකේ , කොළඹ ආපු චන්දසේන 
කමිසේත් ඔලුවේ ඔතාගෙන 
පාරේ වැනි වැනි යන ගමන් නේ 
පාක් කරලා තිබ්බ ඇල්ටෝ බට්ටෙක්  අත ගෑ වනේ 
චන්දසේනනේ 
ෆ්‍රී ගල් නේ 
ඇල්ටෝනේ 



10 comments:

  1. කතාව 3 - ප.ලි.
    උන්නැහෙ නි.මු. ගෙන්නුව වගේම 87 මැයි දින රෑළි තහනම් කලා
    ඊට විරෝධතාවයන් පැවත්වූ ඛණිජ තෙල් ක්‍රියාකරුවකු වූ ආනන්දලාල් ජ'පුර ශිෂ්‍ය කිත්සිරිමෙවන් රණවක වෙඩි වැදී මියගියා..
    ජේ ආර් වරක් ඔහුට රපෝර්තු කල පොලිස් නිලධාරියෙක් ජ.වි.පෙ. ගැන කී දේ ප්‍රසිද්ධ වේදිකාව කීවා... "මුන් මෘගයො සර්" ඒ නිලධාරියගෙ කථාව ඇත්ත වුණත් නැත්ත වුණත් ජේආර්ට කොහොමත් රට ඇතුලෙ විරෝධතාවයන් දිරෙව්වෙ නෑ
    මේ හැම කාරණයක් නිසාම දෙකොණ දැල්වූ විලක්කුවක් තමා ඔහු ප්‍රේමදාස අත තිබ්බෙ...
    එතනින් එහාට වෙච්චි දේවල් ගැන ආයෙ මොනව කියන්නද :-(

    ReplyDelete
    Replies
    1. /* ඊට විරෝධතාවයන් පැවත්වූ ඛණිජ තෙල් ක්‍රියාකරුවකු වූ ආනන්දලාල් ජ'පුර ශිෂ්‍ය කිත්සිරිමෙවන් රණවක වෙඩි වැදී මියගියා..*/

      අභයාරාමයේ දී .......!!!

      Delete
    2. තිස්ස - ජේ ආර්ට විරෝධාකල්ප දිරෙව්වෙම නෑ. ප්‍රජාතන්ත්‍රවාදෙනේ.
      නිතින් මුකේශ් ගෙනත් සින්දු කියන එකයි ලෝකල් බයිලා ගහන එකයි අතර වෙනසක් තියෙනවද මන්දා

      රසික ඒ මේ අභයාරාමයමද?

      Delete
    3. "නිතින් මුකේශ් ගෙනත් සින්දු කියන එකයි ලෝකල් බයිලා ගහන එකයි" - :-)

      ඒකම තමා - අභයාරාමය කතිකා මධ්‍යස්ථානයක් සෑහෙන කාලයක් තිස්සෙ

      Delete
  2. මැයිදිනේ නේ..
    එක එකා ගත්තම ඔක්කොම දිනුම්ලු නේ..
    ඔයත් මේක නේ රැල්ලටම ලියල දැම්ම නේ.. :)

    ReplyDelete
    Replies
    1. අපිත් ඉතින් ට්‍රෙන්ඩිනේ.. ඔරැ වගේ නේ

      Delete
  3. AnonymousMay 03, 2017

    //ඊට විරෝධතාවයන් පැවත්වූ ඛණිජ තෙල් ක්‍රියාකරුවකු වූ ආනන්දලාල් ජ'පුර ශිෂ්‍ය කිත්සිරිමෙවන් රණවක වෙඩි වැදී මියගියා//
    ඊට විරෝධතාවයන් පවත් වන්ඩ කලින්ම, මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ගෙ පන්සල ඇතුලටම පොලීසියෙන් පැනල වෙඩි තියල ඒ අයව මැරුවේ. නඩුකාරය පොලිසියේ අයගෙ සාක්කි පරස්පරයි කිව්ව නිසා උසස්වීම් ලැබුනෙ නැහැ(ළු )

    ඒකෙ නඩුවෙදි මැරුනු අයගෙ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයෝ කීප දෙනෙක් පසුව කොල කොටි මරල දම්ම. ඒ නීතිඥ මඩුල්ලෙ ඉඳල රට පනල ජීවිතේ බේර ගත්තු කෙනෙක් පස්සේ කාලෙක මට මහා බ්‍රිතාන්‍යයෙදි හමු උනා.

    මිනිහට අහු උනා නම් එහෙම තැටිය රත් කරපු රොටිය කර වෙන්නේ මිනිහගේ අතින්

    ReplyDelete
  4. +++++++
    පිස්සු නේ?

    ReplyDelete
    Replies
    1. ඒත් බාගේටනේ
      හැටිනේ

      Delete

Have commented