"මේ දැන් මතක තියාගන්නවා , මේ පින්තුරේ තියෙන කොලෙන් ඔතලා තියෙන්නේ ආධාර බත් එක අනිත් එක ඔයාගේ .. ඒකට මාළු කෑල්ල බෙදුවා . ගංවතුරු කාරයින්ට එලවුලුයි බතුයි ඇතිනේ " සොමි අක්කා සිලි මල්ලක බත් ගෙඩි දෙකම දැම්මා.
" එහෙම හොඳද ? " සෝමේ අයියා කෝච්චියේ එනකන් හිතුවේ ඒ ගැන .
කෝච්චියේ සීට් එකට හේත්තුවෙලා , පෝන් එකේ පේස් බුක්එකේ පහලට යනකොට, මෙන්න දැන්වීමක්
එක්තරා බෝතල් වතුර සමාගමකින් අඩු මුදලට ගංවතුර ආධාර සඳහා වතුර බෝතල් දෙනවලු .
කොම්පැනි නේ. මාසේ පඩියෙන්, තුන් වේල ගැට ගහන අපි වගේ නෙමෙයිනේ. වියදම වත් පියවගන්න ඕනෙනේ.
ඒත් එක්කම , රුපියල් දහය ගානේ , අඹ ගෙඩි සීයක් විකුණු විට ලැබෙන ලාබයද , රුපියල් දෙක ගණනේ අඹ ගෙඩි දාහක් විකුණු විට ලැබෙන ලාබයද වැඩි , පොඩි ඒකිගේ ගණන් පොතේ පැනයක් සෝමේ අයියාට මතක් උනා
madi
ReplyDelete/* රුපියල් දහය ගානේ , අඹ ගෙඩි සීයක් විකුණු විට ලැබෙන ලාබයද , රුපියල් දෙක ගණනේ අඹ ගෙඩි දාහක් විකුණු විට ලැබෙන ලාබයද වැඩි , */
ReplyDeleteආදායම විය යුතුයි.
ලාභය = ආදායම - වියදම
අඹ ගෙඩියක වියදම පොඩි එකී නොදනී!
අඹ ගෙඩියේ වියදම (acquisition cost) පොඩි එකී නොදැන්නත් වතුර බෝතලයේ නිෂ්පාදන වියදම (production cost) සමාගම දන්නා නිසා ඔවුන්ට ලාබය ගණනය කිරීමේ ගැටළුවක් නැත. Perhaps ඉකොනොමැට්ටා can help us here.
Deleteහිතන්න යොමු වීම තමයි විය යුත්තේ
Deleteඅන්තිම ටිකෙන් වතුර බෝතල් කොම්පැණිවල බොරුව පෙන්නල. නියමයි
ReplyDeleteමගෙ යාලුවෙක් වතුර ඒජන්සියක් කලා සංචාරක වෙලදුන්ට.රු,19 වෙලෙන්දන් විකුනන්නෙ 50/=අපිට ලැබුනෙ රු.12/=, මම හිතන්නෙ රු 10 ගානෙ 500mlොතලයක වික්කත් ලාබයි නිෂ්පාදනය කරන අයට
ReplyDeleteමටත් හිතෙන්නේ එතන සෑහෙන අධික ලාබයක් තියෙනවා කියලයි
Deleteහොඳින් හිස අතගා ඇන්න ටොක්කකි.
ReplyDeleteමොලේ හෙල්ලුලා නම් ඇති
Delete