08 June 2017

සෝමේ අයියාගේ ගංවතුරු ආධාර බත් එක සහ කොම්පැනි ගංවතුරු ආධාර වතුර බෝතලේ

මේ , හෙට උදේට වැඩිපුර බත් එකක් බැඳලා දෙනවා .. ඉස්ටෙටමේ ගංවතුර ආධාර එකතු කරනවලු " කියලා සෝමේ අයියා කියපු නිසාම සොමි අක්කා උදේ පාන්දරම නැගිටලා බත් පාර්සල දෙකක් බැන්දා .

"මේ දැන්  මතක තියාගන්නවා , මේ පින්තුරේ තියෙන කොලෙන් ඔතලා තියෙන්නේ ආධාර බත් එක අනිත් එක ඔයාගේ .. ඒකට මාළු කෑල්ල  බෙදුවා . ගංවතුරු කාරයින්ට එලවුලුයි බතුයි ඇතිනේ " සොමි අක්කා සිලි මල්ලක බත් ගෙඩි දෙකම දැම්මා.

" එහෙම හොඳද ? " සෝමේ අයියා කෝච්චියේ එනකන් හිතුවේ ඒ ගැන .


කෝච්චියේ සීට් එකට හේත්තුවෙලා , පෝන් එකේ පේස් බුක්එකේ පහලට  යනකොට,  මෙන්න දැන්වීමක්

එක්තරා බෝතල් වතුර සමාගමකින් අඩු මුදලට ගංවතුර ආධාර සඳහා වතුර බෝතල් දෙනවලු .

කොම්පැනි නේ. මාසේ පඩියෙන්, තුන් වේල ගැට ගහන අපි වගේ නෙමෙයිනේ. වියදම වත් පියවගන්න ඕනෙනේ.

ඒත් එක්කම , රුපියල් දහය ගානේ , අඹ ගෙඩි  සීයක් විකුණු විට ලැබෙන ලාබයද , රුපියල් දෙක ගණනේ අඹ ගෙඩි දාහක් විකුණු විට ලැබෙන ලාබයද වැඩි , පොඩි ඒකිගේ ගණන් පොතේ පැනයක් සෝමේ අයියාට මතක් උනා

9 comments:

  1. /* රුපියල් දහය ගානේ , අඹ ගෙඩි සීයක් විකුණු විට ලැබෙන ලාබයද , රුපියල් දෙක ගණනේ අඹ ගෙඩි දාහක් විකුණු විට ලැබෙන ලාබයද වැඩි , */

    ආදායම විය යුතුයි.

    ලාභය = ආදායම - වියදම

    අඹ ගෙඩියක වියදම පොඩි එකී නොදනී!

    ReplyDelete
    Replies
    1. අඹ ගෙඩියේ වියදම (acquisition cost) පොඩි එකී නොදැන්නත් වතුර බෝතලයේ නිෂ්පාදන වියදම (production cost) සමාගම දන්නා නිසා ඔවුන්ට ලාබය ගණනය කිරීමේ ගැටළුවක් නැත. Perhaps ඉකොනොමැට්ටා can help us here.

      Delete
    2. හිතන්න යොමු වීම තමයි විය යුත්තේ

      Delete
  2. අන්තිම ටිකෙන් වතුර බෝතල් කොම්පැණිවල බොරුව පෙන්නල. නියමයි

    ReplyDelete
  3. මගෙ යාලුවෙක් වතුර ඒජන්සියක් කලා සංචාරක වෙලදුන්ට.රු,19 වෙලෙන්දන් විකුනන්නෙ 50/=අපිට ලැබුනෙ රු.12/=, මම හිතන්නෙ රු 10 ගානෙ 500mlොතලයක වික්කත් ලාබයි නිෂ්පාදනය කරන අයට

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ එතන සෑහෙන අධික ලාබයක් තියෙනවා කියලයි

      Delete
  4. හොඳින් හිස අතගා ඇන්න ටොක්කකි.

    ReplyDelete
    Replies
    1. මොලේ හෙල්ලුලා නම් ඇති

      Delete

Have commented