16 February 2013

පිපෙන මගේ පුංචි හිතේ ... පුංචි පුංචි ආශා මේ

මට මතකයි 
නුඹ ගයනවා 
රහසින් මෙන් 
මගේ කනට
"මම කැමතියි
ඉගිල්ලෙන්න
නිල්  අහසේ උඩට උඩට

ඇඟිලි තුඩින වළා කුල්හි
පුංචි පුංචි කවි ලියන්න 
හොරෙන් ගිහින් පිටිපස්සෙන් 
අටවක හඳ  බදා ගන්න 
වෙන කිසිවෙකුටත් නොපෙනී
හිමින් සැරේ හාදු දෙන්න

පිපෙන මගේ පුංචි හිතේ  
පුංචි පුංචි ආශා මේ

සමන් පොට්ටු  අහුරක් වී
මදනල පෙර මග රැඳෙන්න
ඒ  සුවඳින්
නුඹේ සිතේ
ආශා දහසක් පිපෙන්න
ඉන්  එක කුසුමක් අරගෙන
මා බැඳී වරලස රඳන්න
ඒ  සුවඳින්
නුඹේ සිතේ දවස පුරා මා රැඳෙන්න 

පිපෙන මගේ පුංචි හිතේ  
පුංචි පුංචි ආශා මේ  

හිමිදිරියේ නියරේ දිගේ
හති  වැටෙන්න දුවන් යන්න
ලපටි ගොයම් අග රැඳී පිණි 
මගේ දෙපා පොඩි තෙමන්න
දේදුන්නේ පාට පාට 
සාරි ඇඳන් හැඩ බලන්න 
දොළ පාරේ
රැළි  අතරේ 

සාරි පොටක් පා කරන්න
එය පිටිපස්සෙන් පීනන 

තිත්ත රැනෙන් අහුරක් ගෙන 
කාටත්  නෑසෙන ගානට
නුඹ ගැන රහසක් කියන්න 



 පිපෙන මගේ පුංචි හිතේ 
පුංචි පුංචි ආශා මේ  "


වචන මගේ , හැබැයි අදහස නම්  පහත ගීතයේ ආභාසයෙන්.
  ඔබට මතකද දන්නේ නෑ මේ සින්දුව කාලයක් කරදරයක් වෙන ගානට ඇහුන . 



13 comments:

  1. සුන්දරයි සහෝදරයා.. අදයි දැක්කේ එන්නං දිගටම.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි , නැවත එන්න

      Delete
  2. තවමත් ඒ සිංදුවේ රසයට කැමති අය නම් ඒක කරදරයක් වෙන තරමට අහනවලු :D

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත

      Delete
  3. කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක්! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත . හැබැයි මට පුදුමයි මේ තාලේට සිංහල සින්දුවක් නොලියවුණු එක ගැන . නැත්නම් මට මිස් වෙලාද ?

      Delete
  4. නියරේ තණකොලවල තියෙන පිණි පතුලේ තැවරුනා දැනුනා.

    දැන් කුඹුරු වල දුවන්න හොඳ නෑ JP. මී උණ!

    ReplyDelete
    Replies
    1. හා හා හා . දවසේ කියමන . දකින දකින කුඹුරු වල දිව්වොත් නම් , මී උණ විතරක් නෙමෙයි

      Delete
  5. වරදක් නැහැ. ඔබ රෝජා ගීතයට කිසියම් සාධාරණයක් කළා කියලා හිතන්නත් පුළුවන්. හරියටම කියන්න බැරි ගීතයේ අදහස මතක නැති බැවිනි. එත් පද ටිකනම් හොඳයි.

    ReplyDelete
    Replies

    1. ස්තුතියි. සින්දුවේ අදහස නම් ටිකක් වෙනස් මම හිතන්නේ .... කෙල්ලෙක්ගෙ හිතක් ගැනනේ

      Delete
  6. ගීය ලස්සනයි. සංගීතයත් ඒ වගේමයි. වචන ඔබේ උනාට තේරුමත් ලස්සනට ලියලා.

    ඒ වගේම නිළියත් හැඩයි.:)

    ReplyDelete
  7. පාට පිරුනු හීන ලෝකයක්. ජීවිතේ සුන්දරයි. ඒත් එයින් මිදිල යථාර්තයට මුහුණ දෙනකොට ජීවිතේ කටුකයි, දුෂ්කරයි. කවියො ජීවිතයෙ දකින තරම් සුන්දරත්වයක් මිනිස්සුන්ට විඳින්න වෙලාවක්වත් උවමනාවක්වත් නැතුව යනව.

    ReplyDelete
  8. හරිම ලස්සනට ගලපා ලියා තියෙනවා. මේ ගීය එදා වගේම අදත් ලස්සනට ඇහෙන්නෙ අපි හැමෝම මේ සුන්දර වසන්තයට ආසා නිසා නේද? කාටත් පොදුයි මේ දේවල් වැස්සෙ තෙමෙන්න වහු පැටියන් පස්සෙ දුවන්න, තිත්ත පැටව් බලා ඉන්න කවුරුත් ආසා කරන්නෙ ලමා වියේ අපේ මතකයන් එක්කයි. දැරිවියකගේ සුන්දර හීනයන් මේ ගීයෙ ගැබ් වෙලා තිබුනේ.

    ReplyDelete

Have commented