02 March 2013

අපේ බුදුන් අපි වඳින්න























ආතම්මා  නා පිරිසිදු වී පන්සල් අඳින සුදු සාරියක්ද හැඳ  ලැස්ති වී සිටියාය . 
ඉරිදා ලංකාදීපයේ ලිපිය හා පින්තුර දුටු දිනයේ සිට අයව මේ චිත්‍රපටය නැරඹීමට රැගෙන යන මෙන් ඈ මට ඉල්ලීම් කලාය .


"අපේ සිදුහත් කතාව නේ , මහින්ද මහත්තයත් ගිහිල්ල තියෙන්නේ බලන්න ...හොඳම ඇති "
ඈ පන්සලේ දායක සභා රැස්වීමක් ද අමතක කලාය 


"හ්ම්ම්"


දැන් චිත්‍රපටිය නිමාවී නාමාවලිය තිරයේ දිග හැරෙමින් තිබේ . එනමුදු ඇගේ මුහුණ මොකක්දෝ සන්තාපයකින් පිරි ඇති සෙයකි.

"මොකෝ අත්තම්මේ ෆිල්ම් එක හොඳ නැත්ද "

************************************************************************

"මොකෝ ආතම්මේ ෆිල්ම් එක හොඳ නැත්ද "..
මුණුපුරා 
 මාව චිත්‍රපටිය බැලීමට ගෙන ආවේ මාගේ පෙරත්තයටය . මේ ප්‍රශ්නෙට කොහොම උත්තර දෙන්නද . මම අනන්තවූ නිමේශයකට සිතුවිලි අතර තනිවෙමි .















මල් පඳුරු වටේ 
ගී ගයමින් රැඟූ  
අසාධාරණයට එරෙහිව නැගී 
පනහකට සීයකට 
තනියම වග කියූ 
වන් ෂොට් ළමයා
ඇඳලාය
මහා රජුට සුදොවුන්
තේජසේ  බැරුවාය

උත්තර භාරතීය තනුවට
පා තබමින් සෙමින්
පැමිණියාය යසෝදරා
හින්දි නිලියක් වාගේය 
ලස්සනේ බැරුවාය
ඈත මෑත් වූ සළුවින්
පෙනුනි නැබද මදකට

කඩු  සටන්ද තිබුනේය
නළඟනන්ද රැඟුවෝය
කන්කළු සංගීතයට
අවුලවමින් නුරා

සිදුහත් කුමරෙක්ද සිටියේය
පින් පාට ඉතිරෙන
ආයිත්තම් වලින් සැරසුණු
ඩාන්සින් ස්ටාර් කුමාරවරු
පිරිවාරා 

ඒත්
දැනුනි මොකක්දෝ
දුරක්
මල් පුදා නැමදී
රුවට
මැටි පහනේ එළියෙන්  පෙනුණු
පුංචි මල් පැළේ
අපේ බුදු හාමුදුරුවන්ගේ 

***************************************************************************

" හොඳයි , පුතාට ගොඩක් පින් මේ නාකි මාව ගෙනාවට .." ඈ  අගේ රැලි වැටුන දකුණත මා කොපුල මත තබන්නීය

 " එත් මේක අපේ කතාව නෙමෙයි වගේ ...අපි යමු පුතේ , බුදු පහන පත්තු කරන්නත් තියෙනවා "


පලි
දෙවියන් , බුදුන් අප සිත් වල ගැඹුරුම තැනක ජීවත් වෙති . අපි බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ ප්‍රතිරූපය , අපි වාගේම වීමටය . එමෙන්ම කිසිම පළුද්දක් නැති වීමටය 


10 comments:

  1. මම තවම බැලුවේ නැහැ. නමුත්, කීප දෙනෙක් විවිධ අදහස් කියුවා. මෙහෙම දෙයකුත් තිබෙනවා. චිත්‍රපටියක් නිශ්පාදනය කරනවිට ඊට උචිත යැයි සිතා යම් යම් දේවල් අළුතින් එකතු කරනවා (උදා ජැක්සන්ගේ අභා). වෙනස් කරනවා. සමහර අයගේ රඟපෑම, කැමරාකරණය, අධ්‍යක්ෂණ්‍ය ආදී ලක්ෂණ නිසාත් අපිට වෙනසක් දැනෙනවා.
    අනිත් කාරණය තමා අපි බුද්ධ චරිතය තුළින් හඳුනාගෙන සිතේ පෙර මවා ගත් රූප රාමු සමග මෙවැනි නිර්මාණ ද සන්සන්දනය ද කරනනවා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete

    2. නෑ කියන්නේ නෑ මම . ඒත් ඉතින් මේ අත්තම්මාට හිතිච්ච හැටි නේ . ඇගේ හිතේ ඉන්නේ බුදු කුටියේ බුදු හාමුදුරුවෝ ...උතුරු ඉන්දියාවේ ඉපදුනාට අපි වගේම මහා කළු සිංහල ..

      Delete
  2. මේ චිත්‍රපටය ගැන කියවපු විවේචන එකකින් වත් මට ඒක බලන්න ප්‍රියක් ඇති වුනේ නෑනෙ JP!

    කොහොමත් අපි බලාපොරොත්ත්‍ටු වෙන්නෙ අපේ බුදු පිළිමෙ වගේ වෙන්න තමයි ලෝකෙ අනිත් බුදු පිළිමත්! අපේ බුදු පිළිම වගෙ ලස්සන නෑ ඔය අනිත් රටවල් එකකවත් බුදු පිළිම නේ? කියන එක මම කොච්චර අහලා ඇත්ද! :)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. චිත්‍රපටියේ වරදක්‌ කියල මම කියන්නේ නෑ . හැබැයි ඉතින් අපි අපේ ශාස්ත්රුවරුත් අපි වගේම වෙන්න ඕනේ කියලා බලාපොරෝත්තු වෙනවනේ . එකත් වරදක් නෑ මොකෝ දෙවියෝ බුදුන් කියන්නේ අපේ හිත ඇතුලෙම ජීවත් වෙන කට්ටියක් නේ

      ඊශ්‍රායාලයේ ඉපදුනු යේසුස් වුනත් රෝමන් කාරයෝ , සුද්දෙක් විදියට ප්‍රතිරුපනය කලානේ ...

      Delete
  3. බුදු හාමුදුරුවන්ගේ විතරක් නෙමෙයි ඕනෑම චරිතයක් දෙස වෙනස් විදියට බලා නිර්මාණ කිරීම වරදක් නොවෙයි .

    මෙතන ප්‍රශ්නය තිබෙන්නේ " අපේ බුදුන් අපි වඳින්න" කියා කියා පෙරහරේ යන සැදැහැවත් උපාසිකාවන් මේකේ ප්‍රධාන ප්‍රේක්ෂක කොටස බවට පත්වීමයි .

    ReplyDelete
    Replies
    1. ඔබ එක අතකින් හරි . මම කලින් කිව්වා වගේ කළා කෘතියේ වරදක් නොදකිමි .

      හැබැයි මෙහෙමත් හිතන්න . ෆ්‍රෙඩි සිල්වා දුටු ගැමුණු රජ්ජුරුවන්ට ඇන්දා නම් පොඩ්ඩක් මොකක්දෝ නොගැලපෙන ගතියක් තියෙනවා නේද ....වෙන සිල්වා කෙනෙක් නම් ඇන්දා තමයි :).

      අනික අපේ බුදුන් අපිට ඕනේ විදියට දකින්න , ඕනේ කෙනෙකුට නිදහස තියෙනවා ....නවකතාවක් චිත්‍රපටියක් කරපුවාම එකේ චරිත තේරීම ගැනැත් විවිධ මතවාද ඇතිවෙන එකේ , අපේ හිත ඇතුලෙම ජීවත් වෙන බුදුන් දෙවියන් තිරයේ දැක්කාම ....

      අත්තම්මාට උනේ ඒකයි

      Delete
  4. Nicely written ... brace yourself that it was not done in Hollywood .. imaging Julia Roberts as Yasodara and Leanardo De Caprio ( may be) as Siduhath .. Morgan Freeman as his dad .. and da horse jump over Mississippi .. few rappers wrapping " maha piritha " ... :) .. BBS will be calling for Obama's head :)

    ReplyDelete
    Replies
    1. Well Keanu Reeves was Siddartha once , as I remember ...

      For ...BBS ...reserve my comments

      Delete

Have commented