24 March 2013

"පිස්සු ලාබයි " episode 1 : Facebook Marketing


ආයුබෝවන් නෝනා වරුනි මහත්වරුනි අවුල්වූ ලෝකෙක නව වෙලඳ ප්‍රවණතා ගැන හදුන්වා දෙන කතා කරන """"" "පිස්සු ලාබයි " වැඩසටහනට ඔබව සාදරයෙන් පිලිගන්නවා අදත් .  අද අපි කතාකරන්නේ අලෙවිකරණය අලෙවි ප්‍රවර්දනය ගැන . එහි නව ප්‍රවනතාවයක් වන සමාජ වෙබ් අඩවි හරහා කරන ප්‍රවර්දනය ගැන . අද අපිත් එක්ක මේ සාකච්චාවට එකතු වෙන්නේ මුහුණු පොත නැත්නම්  facebook ඉල්ලක්ක කරගත් Godama1Rupee Marketing Agency  ආයතනයේ වෙළඳ ප්‍රවර්දන විශේෂඥයෙක් 


නිවේදක : අපිට පොඩි විස්තරයක් කරන්න පුලුවන්ද ඔබේ ආයතනයේ මෙහෙයුම් ගැන


අලෙවි විශේෂඥ  

මෙහෙම හිතන්න. ධම්ම චින්තා අහන ගමන් ලැට් එකට දිව්ව  මිනිස්සු ..දැන් තේක බොන ගමන් ,  ශරීර කෘත්‍ය කරන ගමන් කරන්නේ facebook බලන එක . ඉතින් අපි දානවා ධම්මපද ගාථා   බයිබල් පාඨ කුරාන් පාඨ  .. ..ඇත්තම ඒවා වෙන්න ඕනෙත් නෑ  නිකන් හදලා  වගේ දාන්න   පුළුවන් .  මේ  ක්‍රමය යටතේ  sales agents ලා  ඕනේ නෑ . ඔබ පලවූ දෙයට  එකඟ වුනත් විරුද්ද උනත් ඔබ උදව් වෙනවා පණිවුඩය ඈතට ගෙනියන්න                 

මොන වගේ දේවල්ද මේ දවස් වල වැඩියෙන් විකිනෙන්නේ ?

 දුක ජාති ආලයදේශ ප්‍රේමය ආගම් වගේ දේවල් තමයි වැඩිපුර


 පොඩ්ඩක් වැඩිදුර විස්තර කරන්න පුලුවන්ද එය


ඔව්. දැන් බලන්න අපි දානවා පින්තුරයක් පුංචි ළමයෙක් ගේ.  ප්ලාස්ටර් ටිකක් අලවල මුනේ                  බට  ටිකක් ඔබල නහයේ  .එතකොට ඔබේ හිතේ ඇති වෙනවා දුක . දුක ඕනේ නේ ජීවිත වලට  ...දුක නැති කර ගන්න සල්ලි වියදම් කරනවා මිනිස්සු. 

තව අපි ආරම්භ කරලා තියෙනවා , අවමගුල් දැන්වීම් සේවයක්  ..මරණයක් වුනාම දැන් පත්තර කන්තෝරුවට යන්න ඕනේ නෑ . දුරකථන ඇමතුම් දෙන්න ඕනේ නෑ . දැම්ම status  update  එකක් "ලොකු මාමා මළා මළගෙදර බදාදා " කියල එච්චරයි .අනික මිනිස්සුන්ටත් ලේසියි ,සුදු ඇඳගෙන මල ගෙවල් වල යන්න ඕනේ නෑ . එකට කොමෙන්ට් කරා එක්කෝ  "සාතිශය සංවේගය  " , "දුක තමයි රන්ජනී " , " අහෝ දුකකි ඉරකි තිතකි " කියලා
 .එච්චරයි .
 

ඔබ ආයතනය හරිම නිර්මාණශීලි බව නම් පෙනෙනවා අපිට කියන්න පුලුවන්ද ඔබ ලඟදි කරපු
සාර්ථක
 campaigns එහෙම 

මේ දවස් වල අපි දුවනවා දේශප්‍රේමය වැඩවීමේ ව්‍යාපාරයක් . මේක ට අනුග්‍රහය දක්වන්නේ සුළු    ජාතික පක්ෂ කීපයක් . " සිවුරෙන් ඇද  නංවමු දේශප්‍රේමය"  කියලා . අපි කෙටි  videos කිහිපයක්
ෂූටින් කරගෙන යනවා මේ දවස් වල දකුණු ඉන්දියාවේ .
          

තව අපි ශ්‍රී ලංකා පොලිසියේ අනුග්‍රහයෙන් කරනවා දුටුවාද  අපේ හීන් බාප්පා සිරිපාදේ නැතිවූ ?" කියලා . මේ ක්‍රමය යටතේ අපරාධයක් උනාම පොලිසියට  දුවන්න ඕනේ නෑ.  . දැම්ම status update එකක්  " අපේ ගෙදරට හොරු පැන්නා එන්න වහාම කියලා " .පළාතේ පොලිසියෙන්  ඔබට  ඒ අවස්ථාවට මුහුණ දෙන්න අවශ්‍ය මුලික උපදෙස් දෙනවා ක්ෂණිකව   කොමෙන්ට් එකක් හැටියට ." එල .හොරු අල්ලා තදින් බඳින්න. . අපි එන්නම් උදේට " වගේ  

දැනට සමාජයේ තියෙන ලොකු අඩුවක් තමයි අපිට එක්සිත්ව එක්සත්ව වෛර කරන්න  දුෂ්ටයෙක්නැති වීම.  ඒ අඩුව පුරවන්න අපි කෙටි campaign  එකක් කළා " ඇයි මාව මීට කලින් දැකල නැත්ද ,  නේ යනවා මනුස්සයෝ යන්න .."  කියලා . ඒ වගේ දේවල් තමයි ඉතින් අපි කරන්නේ


අවාසනාවකට වගේ අපිට ලැබී ඇති කාලය මින් අවසානයි . මේ වැඩසටහනට සහබාගි වූ ඔබට          

බෙහෙවින්ම ස්තුතියි .  නැවතත් වාරයක හමුවෙමු අවුල්වූ ලොවක වැඩියෙන්ම විකිනෙන දේ
ගැන කතා කරන්න 
"පිස්සු ලාබයි " සමගින් 

16 comments:

  1. Ha.. Ha.. This is soooooo trueeeeeeeeeeeee..

    ReplyDelete
  2. මේක පිස්සුවක් නෙමෙයි, මේ හැටි. නිර්ධන පංති මානසිකත්වය එක්ක එන ඊලඟ හැගීම් තමයි ඔය වැඩි හරියක්. මාලිංග එක්ක ඔට්ටු වෙන්නෙ ඇයි? ඌ දුප්පතා දැන් සල්ලි හම්භ කරනවා. නමුත් අපි????
    අනික්වත් එහෙමයි......
    දේශප්‍රේමය..... දනට වසර කීපෙකට කලින් කෝ ඔය දැන් ඉන්න දේශප්‍රේමීන්. මේ හැමෝම ඒ කාලෙත් වැඩිහිටියෝනෙ....
    ඇයි මේ ...
    මේක තමයි අපේ මානසිකත්වා. අපිට බැරි නම් කාටත් බෑ.
    අපිට නැත්නම් කාටත් එපා.

    අපි කොහේට ද යන්නෙ???

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නේ "වලේ අපි " මානසිකත්වය වගේ එකක් වෙන්න ඕනේ . ඒ කියන්නේ වලේ ඉන්නකන් අපි ඔක්කොම සහයෝගෙන් , හැබැයි එලියට යන්න හැදුවොත් අදාල ගන්නවා .

      මම කියන්න හැදුවේ , අපි ඔක්කොම , විකිනෙන , විකුණන , රැවටිලා මිලදී ගන්න කට්ටිය කියලා

      Delete
  3. මම මේ blog එකේ කියවපු ඉතාම හාස්‍යෝත්පාදක අපි අපිටම හිනාවෙන ලිපිය.
    :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩුඩ් . යටි පෙළත් හොඳ ඇති සිතමි

      Delete
  4. කාලෙකින් කියවපු හොඳම සටහනක්.

    ReplyDelete
  5. ඉතා අනර්ගයි..උත්කෘශ්ටයි..එලම කිරි මචන්..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . සුදු පැකට්ටුවේ ඒවා නේ

      Delete
  6. meka thama athtatama siddha wenne. ape samajaya dawasin dawasa wala pallata yanawa. mama ada jathika puwath pathaka dekka thattha eyage duu warunta sex vedio balanna polambawapu siddiyak. ithin api katada mewa kiyanne. kawda mewata waga kiyanne...

    ReplyDelete
    Replies
    1. මට තේරෙනවා ඔබ කියන දේ . ඒත් මට හිතෙනවා මේවට මොකුත් නොකරන අපිත් මේවට වග කියන්න ඕනේ නේද කියලා

      Delete
  7. සම්පූර්ණ ඇත්ත JP
    අපි ඔක්කොම විකිනෙනවා, විකුනනවා බොහෝ වෙලාවට කුණු කොල්ලෙට.
    මේකත් හරියට ඉරිදා පොළ වගේ . පොළ බදුගත්ත මිනිහ තමයි හම්බ කරන්නේ අනිත් වෙලෙන්දොයි බඩුගන්න අයයි ඔක්කොම අර මිනිහට හොයල දෙනවා .
    වෙළෙන්දෝ සහ බඩුගන්න අය ඔක්කොම අන්තිමට විකිණිලා.

    ඔක්කොටම වැඩියෙන් කණගාටුවට කරුණ තමයි කොයි තරම් සියුම් තැනක් කොනිති ගැහුවත් (Pinch) ඒක නොදැනෙන තරමටම හිරි වැටිලා තිබීම

    ReplyDelete
    Replies

    1. මම කැමතියි ඔබ කියන පොළ අයිතිකාරයා අන්තිමේදී වෙළෙන්දාවත් හූරා කන කතාවට . ඒක මට තව ලියවිල්ලකට මානයක් පෙන්නනවා වගේ ..
      අපිටනම් කොනිති පාරවල් දැනේ , ලියවෙන්නේ ඒ නිසා වෙනි

      Delete
  8. Humor at it's best! And at the same time, it gives food for thought too. good job JP :)

    ReplyDelete

Have commented