29 March 2013

My full toss , my sixer හෙවත් නොපැරදීමේ සහ දිනීමේ වෙනස .

ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් කටට  දෙකට බත් එක ගිලලා , බැට්  එක උස්ස ගෙන පාරේ ක්‍රිකට් ගහන්න ගිය කාලයක් තිබුනා .
මැච් එක මහා පාරේ . කෙලින් පාරේ,   ගොරකා ගහට එහාට ගැහුවොත් හයයි . හරහා පාරක් එල්ල කලොත් ඉතින් විනාසයි කාගේ  හරි වත්තක . ක්‍රෝටන් ඇල්බීසියා  ගස් වලින් මායිම් වෙන් වෙච්ච ඒ දවස් වල,  ගේට්ටු නැති නිසා , වත්තට ගිහිල්ලා බොලේ අරන් එන එක එච්චර වැඩක් නෙමෙයි . හැබැයි ඉබ්‍රහිම් අන්කල්ගේ වත්තට ගියොත් වැඩේ අමාරුයි.  ගේට්ටුව වහලා , තාප්පෙන් පනින්න ඕනේ .හැබැයි ඒ වැඩේට නසීම් අයියා ස්ව කැමැත්තෙන් ඉදිරිපත් උනා . 

ඒකට  හේතුවක් තිබුනා . අර සින්දුවේ වගේ       "   ....ට උන්නේ එකම දුවයි "....අන්තිමේදී නසීම් ඒ කෙල්ලව බැඳලා ඒ ගෙදරම පදිංචි වුනා .
නැවත  කතාවට එමු , නැත්නම් slow over rate  වෙලා දඩයක් වැදෙන්න පුළුවන්

අපේ කණ්ඩායමේ ක්‍රිකට් හරියට ගහන්න පුළුවන් අය  හිටියේ දෙන්නයි . අනිත් ඔක්කොම මං වගේය .
 හැල්මේ දුවලා ඇවිත්  දමලා ගහනවා බොලේ .  කෙලින් වැටුනොත් හරි .
පන්දුවට පහර දෙන්න ගියාමත් ඇස්  දෙක වහලා  දෑත බදලා ගහනවා , වැදුනොත් හයයි . හැබැයි ගොඩක් වෙලාවට ,  the delivery completely defeats the batsman. ඉන් පස්සේ පලාතම දෙදරන හු හඬ .
.
මෙහෙම හිටපු අපිට එක දවසක් ආව චැලේන්ජ් එකක් , ලේන්  දෙකකට එහා ටීම් එකකින් .
මුලින් අපේ කණ්ඩායමේ හැකියාව ලොවටපෙනීම ගැන අපේ හිත්  වල පැතිරිච්ච ආඩම්බරය , අපේ ප්‍රතිවාදීන් ගේ දක්ෂතා ගැන වටින් ගොඩින් ආපු ආරංචි නිසා තුනී වෙන්න ගත්තා .
 " ඉස්කෝලේ ටීම් එකට ගහන එවුනුන්ත් දෙතුන් දෙනෙක් ඉන්නවා ලු ". 
දැන් මොකද කරන්නේ . අපි පුළුවන් තරම් පුහුණු වුනද , තරඟ  දිනය ලං වෙන්න වෙන්න , මෙය නොකෙරෙන දීගයක් බව අපි කාට කාටත් තේරෙන්න  ගත්තා .

" මොනවා වුනත් පැරදුනොත් නම් පාරේ ගිහින් හමාරයි , පුතෝ ".ඉතින් අපි සම්මත කර ගත්තෙමු  සැලැස්මක් . 
තරඟය දවසේ උදේ පාන්දර අපි ගියා පිට්ටනියට. හිතට දහිරිය අරන් හිටගත්තා  පිටිය මැද , රුපු යුදට වන දස මහා යෝධයන් වගේ .
පැයක් , දෙපැයක් කාලය ගෙවී ගියා . ප්‍රතිවාදී පිල ආවේ නෑ . 
එන්නේ කොහෙද , අපි ගියේ තරඟය තියේන පිට්ටනියට නොවෙන කොට . 

ආපු එකේ , අපි පුහුණු වීමේ තරඟයක් ගහලා. අරලිය ගස් උඩින් , ටෙනිස් බෝල ප්‍රක්ෂේපනය කරලා . ප්‍රතිමල්ලවයන් නැතුව , තනියම පිට්ටනියක අපිම එවපු පුල් ටොස් පන්දුවලට  හයේ හතරේ ඒවා නෙලලා ,  දවල් වෙද්දී  ආපහු ආවා නොපැරදී . 

 දිනීම හා නොපැරදීම අතර මෙන්ම පැරදීම හා නොදිනීම  අතරද ලොකු වෙනසක් ඇති බව මම එදින උගත්තෙමි .

පලි  
මුලින් කෙල්ල කොල්ල හැටියට රඟ පාලා , ඊට පස්සේ කෙල්ලගේ අම්ම තාත්තා හැටියට රඟ පාලා , දැන් වෙන වෙන  චරිත රඟ පානා  ලලිතා  ඇන්ටියි  , කරුණාපාල උපාසක සීයයි , අනුන්ගේ මළ ගෙදර තමන්ගේ  වගේ ඔරෙන්ජන් බාර්ලි බෙද බෙදා කරුණාව පෙන්නනවා .

ජාතිආලය  අන්තර්ජාලයේ ලියනා 
වාක්‍යකට සීමා වෙද්දී , ජාතිවාදයද අන්තර්ජාලය පුරාවට පිළිලයක් සේ පැතිර යනවා .  

අපි ? , මේ හැමටම විරුද්ද අපි . අපි ඉතින් , තනියෙන් පිට්ටනි වලට  ගිහින් අපේම  පුල් ටොස් වලට අරලිය ගස් උඩින් හයේ ඒවා ගහලා,  පැරදුනේ නෑ  කියලා හිත හදා ගන්නවා

13 comments:

  1. >>දිනීම හා නොපැරදීම අතර මෙන්ම පැරදීම හා නොදිනීම අතරද ලොකු වෙනසක් ඇති බව මම එදින උගත්තෙමි<<

    මේක ගැන දවසක් නිවාඩු දාලා කල්පනා කරන්න දේවල් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට අපි නොපරදි හිටියට දිනුම තව ගොඩක් ඈත නේද?

      Delete
  2. //දිනීම හා නොපැරදීම අතර මෙන්ම පැරදීම හා නොදිනීම අතරද ලොකු වෙනසක් ඇති බව මම එදින උගත්තෙමි//

    මේක ගැන මටත් හිතුනේ ඩූඩ් කියපු ඒකමයි. සෑහෙන්න හිතන්න පුලුවන් කථාවක් ඒක. ජීවිතේ කාලයක් තියෙනව, පරදිනව කියන වචනෙවත් අහන්න අකමැති. ඒත්, පැරදිලා කියල පෙනුනත් ඇත්තටම අපි දිනලා කියල හිතෙන කාලෙකුත් ජීවිතේට එනවා...

    ReplyDelete
    Replies
    1. දිනන්නම ඕනේ නෑ සමහර වෙලාවට . ඔබ දැක නැත්ද වන් ටීම් ක්‍රිකෙට් ?

      Delete
  3. අපේ ආතල් අපිටම තමා ඉතින්

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ

      Delete
  4. අපේ පොඩි කාලෙ වගේමයි බෝලෙ නැති උනහම බෝලෙ හම්බ වෙනකම් කඩුලු අතරෙ දුවනවා..තනි අතින් කැච් එකල් "ඇල්ලුවොත්" පිලම අවුට් ! මරු නීති අප්පා තිබ්බෙ !

    ReplyDelete
  5. වෙනි
    අපේ ග්‍රවුන්ඩ් එකේ තිබ්බ ලිඳ කුත් . බෝලේ ලිඳට වැටුනම , බාල්දියෙන් ඈදලා අරන් උඩ පන්දුව රැක ගන්නේ

    ReplyDelete
  6. මේක ජේ: පි : ට වැදගත් ද දන්නේ නැහෙ , කෝකටත් කියනං :)

    It was 1989 during the height of JVP insurgency , we played a married unmarried match in the close by paddy filed (වෙලේ කිරිකොට් ) , on 4th of Feb , celebrating the “day time” independence ( nights were lawless , ruled by various types of “ cats” and “ Boys” ) .. JVP had a standing orders for that day .ජාතික කොඩි ඔසවන්නන්ට දඩුවම මරණය ... ජේ. ආර් මරමු ... !!! ( දේ : ජ :වියා :)” .. Yet we raise the Lion and started the match ( I was in grade 10 then) .. little we knew , in half an hours time , about 20 soldiers from the nearby Army detachment ,led by two Captains , came to join the match .. Armed to the teeth, who could say no.. they provided us with lots of food , drinks (අති විශේෂ සහ ගල් for the married team :) ) , of course an armed protection. That day most of my friends were so proud to be next to an armed soldier and some make it a promise to join in the uniform , many of them did so , including myself and went to fight the War( that is another story) .. In the evening when everyone dispersed we were left to our own elements.. gripped in fear of the “ Boys” .. Next day there were posters all around, one right next to our gate, calling for our heads, traitors.. few weeks later paddy fields were turned red .. bodies were floating all over .. it was matter of who will fire first … sadly Cricket was banned for next two years in our little village ( or rather no one had time for it ) .. .. .. Survival was the name of the game …. Few of us managed to scratch some guts and started chasing the oval shape ball.. :)..

    ReplyDelete
    Replies

    1. මැච් එකක් ගිය දුරක් . මට වැදගත්ද කියන එක නෙමෙයි මිත්‍රයා වැදගත් ම කතාව වැදගත්ද කියන එකයි . පළමුව ක්‍රිකට් දෙවනුව ජීවිතය . එහෙමත් කාලයක් . දේශප්‍රේමින් කවුද කියන එක පැටලුනු

      Delete
    2. I must confess though , few years later , we played cricket in uneven sandy pitches ( worst than the Bullring ) .. .. Amongst the Palmyra trees :) එලියට ගිය බෝල නම් කවදාවත් ගන්න බැරිඋනා .. ගියොත් ඔලුවේ හිල් .. … එලියට ගැහුවොත් සති දෙකකට Cricket තහනම් !!

      Delete
    3. I do not know what to say... May be young ones on the other side played cricket with them. ..I have the utmost respect for what a soldier does, don't take me wrong....but the concept of war is outdated .....but you guys did what you did , so I did not have to...

      Delete
    4. Am not overly proud of what I did ….. that was my job , I got paid for it …it was like any other job, only that KPIs were bit challenging .. … I totally agree with you that war is an outdated concept …. we should move on and make amends. .. ..Unfortunately not many see that way though……

      keep up the good work :)

      Delete

Have commented