30 June 2013

පන්සිල් ( හරිම සිම්පල් ප්ලැන් එකක් )

ගිහියෙක් හැටියට පන්සිල් රැක ගත්තා  නම් ඉතින්,  ඒ ඇති අප්පා ...

එහෙම කිව්වට ඒකත්  ඉතින් ලේසි නෑනේ ..

මොකද ඒක  ලේසි නැත්තේ , ඒක  සිම්පල් ප්ලැන් එකක් . 
ඔන්න බලන්න,  මුලින්ම පානාතිපාත වේරමණී .... එක හරි නේ .මොකෝ මම මිනි මරන්නේ , දඩයමේ යන්නේ නෑ නේ .

එතකොට මදුරුවෝ ?

මෙහෙමයි,  බුදු හාමුදුරුවන්ගේ කාලේ මේ ඩෙංගු තිබ්බේ නෑ  නේ ... මදුරුවෝ ඔට්ටු නෑ .

හ්ම් , හරි එතකොට අදින්නා දානා වේරමණී ?

ඒකත් හරි , මොකෝ  අපි හොරකමේ යනවයි ?

එතකොට එදා අපි රඹුටන් ගන්න කොට , අර රඹුටන් ගෙඩි දෙකක් දා ගත්තේ සාක්කුවේ.

ඒක හොර කමක්ම නෙමෙයිනේ  බබා ...මොකෝ ඒ මිනිහා ගිනි ලාබයක් තියාගෙන නේ විකුනන්නේ , ඇත්තටම බලනකොට අපි වැඩියෙන් ගෙවලා .

එතකොට මුසාවාදා වේරමණී ?

 මෙහෙමයි ඉතින්, ඉඳලා  හිටලා පොඩි බොරුවක් දෙකක්  කිව්වට කමක් නෑ  ... white lies ..ඔලුව බේර ගන්න , ප්‍රශ්න වලක්වා ගන්න නේ . ධර්මේ උනත් පොඩ්ඩක් කාලේ අනුව වෙනස් කර ගන්න වෙනවා .

ඒකත් එහෙමද ?  එතකොට සුරාමේරය මජ්ජ පමා දට්ටානා වේරමණී ?

ඒක  ඉතින් ගත්තත් හීනියට පොඩි social drink  එකක්නේ බබා. මොකෝ බේබද්දෝ වගේ හැම දාම බොනවයි ..මද පමණින් කමක් නෑ  ...පමාවට හේතු නොවන ලෙස නම් කමක් නෑ, එහෙමනේ තියෙන්නේ  .

ඔයාගේත් තර්ක ..අනේ මන්දා ... කෝ බලන්න  එකක් මිස් උනා නේද ?  ...
තුන්වෙනි එක ....කියන්න බලන්න ඒක කඩනවද කියලා 

මම දැන  ගත්තා  ඔතෙන්ට තමයි එන්නේ කියලා අන්තිමේ  දී  

29 June 2013

මහත්තයාව අඳුරනවද ?

අද ශනිදා නිසා , නිවාඩු පාඩුවේ ලියන්න , කියවන්න තියෙන දවස . ටික දවසකට කලින් ගහපු රැල්ලක් සතිය මැදදී නෙත ගැටුනත් , හිතේ උඩට ආපු මතකයන් ලියන්න ලැබුනේ අද .

ඒ 89, 90 කාලේ . මතකනේ , එක එක කල්ලි බෙදිලා වල්  ගලවපු කාලේ . 
කෙනෙකුට ගිරාපලා,   වල් හැටියට පෙනේනකොට තව කෙනෙකුට කෙසෙල් පඳුර, වල්  හැටියට පෙනුනා .

කොහොමෙන් කොහොම හරි උනේ  , එක අඹ ගසක් නිසා හැම අඹ ගහක් වගේම , පස්සේ කාලෙක පොරොවෙන් කපන්න වෙයි කියලා හිතුන නිසා  ලපටි පැල ගොඩකුත් මේ ශ්‍රමදාන ව්‍යාපාර ඔස්සේ සුද්ද වීම . 
"මහත්තයා" , ගමේ සුළු සුළු හොරමක් කරගෙන , ගෙදර වියදමට වෙල් වයින් ටිකක් පෙරා ගෙන , දැහැමින් සෙමින් කල් ගෙවපු  මනුස්සයෙක් .  අවුරුද්දේ මාස හයක් , වැලිකඩ මහගෙදරත් , අනික් මාස හය ගමෙත් ඔහු කාලය ගත කළා . 

ගමේ මොන අපරාදයක් උනත් පොලිසිය කලේ මුලින්ම මහත්තයාව අල්ලාගෙන ගිහින් කුඩුවේ දැමීම. ඉන් පස්සේ තමයි අවශ්‍ය නම් පරීක්ෂණ...

කොහොමෙන් කොහොම හරි පොලිසියේ "ශ්‍රමදාන ලැයිස්තුවට " මහත්තයාගේ නමත් ඇතුළු වුනා . මේ ශ්‍රමදානෙට ආවේ පිටින් කට්ටියක් . 

ගොම්මන නැගෙන වෙලාවක ,දැන් ජීප් එක නවත්තාගෙන ඉන්නවා , වංගුවක....
මෙතනින් යන්න එනවා , අපේ කතානායකයා , ටිකක් මුඛරි කටක් තිබුන , එහෙත් අන්තෙටම අහිංසක "ලියනගේ:" ..


ඉස්සරහ අසුනේ ලොකු මහත්තය ඔහුට කතා කරනවා 
"ඕයි , මේ පැත්තේ ඉන්නවද, මහත්තය කියලා හොරෙක් ?"

ලියනගේ ගේ  මොලයට පෙර , ඔහුගේ කට ඉස්සර වෙනවා 
"සර් , හොරෙක් නම් මහත්තයෙක් වෙන්න බෑනේ , අනික් අතට මහත්තයෙක් නම් හොරෙක් වෙන්නත් බෑ "

 
"මොකක්ද කිව්වේ $%^#$$ ^&%^&" ...


එතනින් එහාට වුන දේ හිත ගන්න පුලුවන්නේ ...ගමේ පන්සලේ හාමුදුරුවොයි , ග්‍රාම  සේවක මහත්තයයි , දහම් පාසලේ ලොකු මහත්තයයි පොලිසියට දුවලා ගිහින් තමයි යන්තම් බේරා ගත්තේ .


  කතාවේ මොරාල් එක :
සමහර හොරු මහත්වරුය , සමහර මහත්වරු හොරුය ...මේ ලෝක ස්වභාවයයි .
නමුත් "සර් ", "මැතිතුමා" වැනි ගෞරවාන්ත ආමන්ත්‍රණ යන්හිදී මේ ගැටලුව ඇති නොවේ

23 June 2013

අද පෝය

අද පෝය .
රෑට 
රවුමට හඳ පායාවි 
සඳ එළියේ සිහිලෙන් 
හිතක්  සැනහෙවී 

ඒත් 
හෙටින් පහු 
සඳ
 අව පස යාවී 
හිතට 
රැයින් රැය 
කළුවර උනාවී 

ඉනික්බිති 
අමාවක 
රෑ අහස 
කට්ට කළුවර උනාට 
පුරහඳ මතකය 
එක කොනක දිලේවී 

22 June 2013

Yashodhara kept her eyes closed || යශෝධරා සිටියාය දෙනෙත් වසා ගත් වනම

The deep sigh
immense as the
silence
that it ripped through

The stretched gaze
that fell
soaking the span

in a dull glaze
like the Esala moon  itself
She heard


Like the waves  

that lap 
at a solemn rock
Love, washes
the painful lump 

within one’s being 
and like the sea foam itself
it takes a few grains away  
each time
She felt it 

on her nape 

As the door shut behind

in to the night
the footsteps would
melt 

the chill crept in
swiftly
in it's usual stealth

She heard it all

Yet
Yashodhara

kept her eyes
closed wide shut





_____________________________________________________

ඇසුනද 
සුසුම  
මහා හඬින් , දිග හැරුන 
නිහැඬියාව ඉරා 
නිහැඩියාවටත් වඩා  බර 

දැනුනද 
දිගු බැල්ම 
කුටිය පුරා පැතිරුන 
පාළු 
ඇසළ සඳ එලිය සේම 
  
ගැඹුරුම තැනකින් 
පටන් ගෙන
කශේරුව දිගේ දිව ගොස්
ගෙල පිටුපස
නතරවුණ 
සෙනෙහය
සංසාරයක් පුරා පැතිරුණු
රළින් සැනහෙන
ගිරිකුලක් මෙන්
වැලි කැටයෙන් කැටය
රළ රැගෙන යන

යොමා දෙසවන
අඩි හඬට
රාත්‍රියටම දිය වෙන
යශෝධරා සිටියාය
දෙනෙත් වසා ගත් වනම 

16 June 2013

බබාට නමක්

කුමකට සෙවුවාදැයි  විටෙක සිතේ 
මුලකුරු වලට ගැලපෙන්නට 
හරියට ඝන පිහිටු
"ශ" යනු , "ර" යනු  ඇති 
පොෂ් වගේ ඇහෙන
නමක්
අසාංඛය වූ ලැයිස්තු වල .
සෙනෙහෙ,  හිතේ පිරි
"චුටි දුවේ" යයි
තොල් මුමුණන්නැහේ 

12 June 2013

After the fall // වැටුනෙමි


Like a black hole
the gravity of shame
pulling all in
contracting
to the size
of a single atom
to nothing , thereafter

Licking my wounds, I sit.

The smell of blood
draws
Hyenas , laughing 
mockingly 

I hide my face , behind a dim grin .




කළු කුහරයක් මෙන් 
සංකෝචනය වෙන 
පරමාණුවක තරමට 
අවසන එයත් නැති වෙන

තැලුම් සීරුම්  , අතගාමින් සිටිමි මම.

ලේ පුසුඹ  දිගේ විත් 
හයිනාවන් 
සිනා වෙත් උළුක්කුවට 

සඟවා ගමි  මා වත , ව්‍යාජ විරිත්තීමකට  මුවාවී .



PS:
A true story. සත්‍ය කතාවක් ඇසුරෙනි 

08 June 2013

Airports and bad habits // ගුවන් තොටුපල හා නරක පුරුදු
























Airports are strange places,  if I may say again .

They are transit points where you are stuck in time . Amidst others, but always your own journey . And they on their own journeys.
I have a bad habit  of observing people and trying to figure out their own stories . In a way every one’s got a story and may be every one is a part of a big story . Whatever it is,  I just sit here , and wonder, of the stories .

Of the Moroccan who is reading the Quaran . He takes his eyes away to touch his face in praying . First forehead then the  eyes.
Of the nervous girl , with the Violin case, tapping her finger tips on her knees ,nervously , to a tune in her head  . She stops to let out a sigh

Of the mother and her two sons . “Sit down , Mark and behave please “ she says

Of the Business man / potential drug dealer / smuggler looking at the photographs in his phone and smiling to him self

Of the lady , Calling home on her worn out mobile, speaking in Sinhala .

Stories jump out , twist in my mind and interweave connections that may or may not be .

As I said this is a bad habit
_______________________________________________________________

ගුවන් තොටුපල වනාහි අමුතු තැනක් . 
කාලයේ අම්බලමේ, මිනිස්සු හිරවුන.  එකිනෙකාගේ වන්දනාවේ අතරමග මදකට (තම තමන්ගේ ජිවිත සමග) එකට නැවතුනු

මට තියෙනවා නරක පුරුද්දක්.
මේ වගේ තැනක හිරවුනාම , කෝච්චියේ , බස් එකේ , ගුවන් තොටුපළවල් වල , මම  මිනිස්සු දිහා  ඔහේ බලාගෙන ,ඔවුන්ගේ කතන්දර ගැන හිතන්නට පටන් ගනිමි . 

කුරානය කියවමින් යදින , මොරෝක්කානුවා ගේ කතාව
තම දඟ කාර පුතුන් දෙදෙනා ආම්බන් කර ගන්නට , මහත් ආයාසයක් ගන්නා තඹ හිසකේ ඇති තරුණ මවගේ කතාව (" මාක් ඉඳ ගන්නයි කිව්වේ " බැරිම තැන ඈ ටිකක් තදින් කියන්නීය )

කැළඹුණු සිත එක තැන තබා ගන්නට තම උකු ළේ තබා ගෙන සිටින ,  වයලීන  පෙට්ටියට තට්ටු කරන යුවතියගේ කතාව .

තම දුරකතනයේ ඇති චායාරු දෙස බලා , සෙමින් සිනාසෙන මැදිවියේ මිනිසාගේ කතාව 

රහසින් මෙන් සිංහලෙන් දුරකතනයේ එහා පැත්තේ කෙනෙකුට කතා කරන ඇගේ  කතාව (" අක්කේ මම චෙක් ඉන් කළා . ඔව් එම්ප්ලෝයර් ගෙනත් බැස්සුවා . මම මාස දෙකක පඩි කලින් ඉල්ලා ගත්තා . කෙල්ල කොහොමද,? කාමරේම ඉඳලා එපා වෙලා ඇති දැන් . මම ටවුමෙන් කරාඹු දෙකක් අරගෙනම එන්නම් ...")

මේ කතා මා මනසේ යන්තමින් මෙන් ඇඳී , සෙමින් සෙමින් හැඩ  තල මතුවී,  වර්ණ ගැන්වී , පුර්ණ සිතුවම් වී  හමාරය.  දැන් ඒවා එකිනෙක සබැදී එක්  ලොකුම ලොකු වියමනක් වෙන්නට පටන් ගෙනය.

කලින් කීවා  වාගේ මෙය මහා නරක පුරුද්දකි 

02 June 2013

බලාපොරොත්තුවේ මළගම හා ගමේ ඩිපෝවේ බස් එක


අනිත් අය ලියන දෙයින් , අපිටත් විටෙක ලියන්නට නිමිති එක වෙනවා .
මේ එහෙම ලිය වුන කව් දෙකක් .
පලමුවන්නට නිමිති උනේ මා ලියු සටහනකට,  කෙනෙක් තැබූ කොමෙන්ටුවක් .click here

 අනෙක කතන්දර කාරයා  ලියු සටහනක් හා එහි කෙනෙක් තැබූ කොමෙන්ටුවක් click here




_______________________________

කාලයක් පණ  ඇද 
මියගිය
වියපත් බලාපොරොත්තු
මිහිදන් කිරීමට මත්තෙන්  
වැලපෙමින් සිට
වලට පැන්නේය 
ආත්මය ද


____________________________

වන්දනාවේ
අතරමග 
ගමේ ඩිපෝවේ බස් එකක් දැක 
හිත ගියා ආපහු


____________________________

01 June 2013

What is your soul filled with

The bag that is your soul
is filled with tears
of course
that is why
it oozes
through the cracks
until eventually
some skin grows
over it