ඒ 89, 90 කාලේ . මතකනේ , එක එක කල්ලි බෙදිලා වල් ගලවපු කාලේ .
කෙනෙකුට ගිරාපලා, වල් හැටියට පෙනේනකොට තව කෙනෙකුට කෙසෙල් පඳුර, වල් හැටියට පෙනුනා .
කොහොමෙන් කොහොම හරි උනේ , එක අඹ ගසක් නිසා හැම අඹ ගහක් වගේම , පස්සේ කාලෙක පොරොවෙන් කපන්න වෙයි කියලා හිතුන නිසා ලපටි පැල ගොඩකුත් මේ ශ්‍රමදාන ව්‍යාපාර ඔස්සේ සුද්ද වීම . "මහත්තයා" , ගමේ සුළු සුළු හොරමක් කරගෙන , ගෙදර වියදමට වෙල් වයින් ටිකක් පෙරා ගෙන , දැහැමින් සෙමින් කල් ගෙවපු මනුස්සයෙක් . අවුරුද්දේ මාස හයක් , වැලිකඩ මහගෙදරත් , අනික් මාස හය ගමෙත් ඔහු කාලය ගත කළා .
ගමේ මොන අපරාදයක් උනත් පොලිසිය කලේ මුලින්ම මහත්තයාව අල්ලාගෙන ගිහින් කුඩුවේ දැමීම. ඉන් පස්සේ තමයි අවශ්‍ය නම් පරීක්ෂණ...
කොහොමෙන් කොහොම හරි පොලිසියේ "ශ්‍රමදාන ලැයිස්තුවට " මහත්තයාගේ නමත් ඇතුළු වුනා . මේ ශ්‍රමදානෙට ආවේ පිටින් කට්ටියක් .
ගොම්මන නැගෙන වෙලාවක ,දැන් ජීප් එක නවත්තාගෙන ඉන්නවා , වංගුවක....
මෙතනින් යන්න එනවා , අපේ කතානායකයා , ටිකක් මුඛරි කටක් තිබුන , එහෙත් අන්තෙටම අහිංසක "ලියනගේ:" ..
ඉස්සරහ අසුනේ ලොකු මහත්තය ඔහුට කතා කරනවා
මෙතනින් යන්න එනවා , අපේ කතානායකයා , ටිකක් මුඛරි කටක් තිබුන , එහෙත් අන්තෙටම අහිංසක "ලියනගේ:" ..
ඉස්සරහ අසුනේ ලොකු මහත්තය ඔහුට කතා කරනවා
"ඕයි , මේ පැත්තේ ඉන්නවද, මහත්තය කියලා හොරෙක් ?"
ලියනගේ ගේ මොලයට පෙර , ඔහුගේ කට ඉස්සර වෙනවා
ලියනගේ ගේ මොලයට පෙර , ඔහුගේ කට ඉස්සර වෙනවා
"සර් , හොරෙක් නම් මහත්තයෙක් වෙන්න බෑනේ , අනික් අතට මහත්තයෙක් නම් හොරෙක් වෙන්නත් බෑ "
"මොකක්ද කිව්වේ $%^#$$ ^&%^&" ...
එතනින් එහාට වුන දේ හිත ගන්න පුලුවන්නේ ...ගමේ පන්සලේ හාමුදුරුවොයි , ග්‍රාම සේවක මහත්තයයි , දහම් පාසලේ ලොකු මහත්තයයි පොලිසියට දුවලා ගිහින් තමයි යන්තම් බේරා ගත්තේ .
කතාවේ මොරාල් එක :
සමහර හොරු මහත්වරුය , සමහර මහත්වරු හොරුය ...මේ ලෝක ස්වභාවයයි .
නමුත් "සර් ", "මැතිතුමා" වැනි ගෞරවාන්ත ආමන්ත්‍රණ යන්හිදී මේ ගැටලුව ඇති නොවේ
සමහර හොරු මහත්වරුය , සමහර මහත්වරු හොරුය ...මේ ලෝක ස්වභාවයයි .
නමුත් "සර් ", "මැතිතුමා" වැනි ගෞරවාන්ත ආමන්ත්‍රණ යන්හිදී මේ ගැටලුව ඇති නොවේ
සැබෑ මහත්වරු හොරු නොවේ, ඒත් හොරුන්ට මහත්වරුලෙස සිටිය හැක. නමුත් ඔවුන් මහත්වරු නොව මහත්හොරුය.
ReplyDeleteසිතුම් සයුර
ඒකත් ඇත්ත. හැබැයි එරොප්පෙන් ආපු ඔරිජිනල් මහත්වරුත් කලේ , එක විදියක හොරකම නේද ලෝකේ වටේම ?
DeleteOfficer and a gentleman නේ? එකනේ "මොකක්ද කිව්වේ $%^#$$ ^&%^&" ...
ReplyDeleteකාලකන්නි යුගයක් ගැන ලියවුනු ලස්සන සටහනක්.
ඒ කාලේ ගැන නම් කතා කරලා වැඩක් නැ.
Deleteමහත්තයාට මොකද වුනේ?
ReplyDeleteමහත්තයා මහතා මහ උලු ගෙදර මම හිතන්නේ
Delete