29 June 2013

මහත්තයාව අඳුරනවද ?

අද ශනිදා නිසා , නිවාඩු පාඩුවේ ලියන්න , කියවන්න තියෙන දවස . ටික දවසකට කලින් ගහපු රැල්ලක් සතිය මැදදී නෙත ගැටුනත් , හිතේ උඩට ආපු මතකයන් ලියන්න ලැබුනේ අද .

ඒ 89, 90 කාලේ . මතකනේ , එක එක කල්ලි බෙදිලා වල්  ගලවපු කාලේ . 
කෙනෙකුට ගිරාපලා,   වල් හැටියට පෙනේනකොට තව කෙනෙකුට කෙසෙල් පඳුර, වල්  හැටියට පෙනුනා .

කොහොමෙන් කොහොම හරි උනේ  , එක අඹ ගසක් නිසා හැම අඹ ගහක් වගේම , පස්සේ කාලෙක පොරොවෙන් කපන්න වෙයි කියලා හිතුන නිසා  ලපටි පැල ගොඩකුත් මේ ශ්‍රමදාන ව්‍යාපාර ඔස්සේ සුද්ද වීම . 
"මහත්තයා" , ගමේ සුළු සුළු හොරමක් කරගෙන , ගෙදර වියදමට වෙල් වයින් ටිකක් පෙරා ගෙන , දැහැමින් සෙමින් කල් ගෙවපු  මනුස්සයෙක් .  අවුරුද්දේ මාස හයක් , වැලිකඩ මහගෙදරත් , අනික් මාස හය ගමෙත් ඔහු කාලය ගත කළා . 

ගමේ මොන අපරාදයක් උනත් පොලිසිය කලේ මුලින්ම මහත්තයාව අල්ලාගෙන ගිහින් කුඩුවේ දැමීම. ඉන් පස්සේ තමයි අවශ්‍ය නම් පරීක්ෂණ...

කොහොමෙන් කොහොම හරි පොලිසියේ "ශ්‍රමදාන ලැයිස්තුවට " මහත්තයාගේ නමත් ඇතුළු වුනා . මේ ශ්‍රමදානෙට ආවේ පිටින් කට්ටියක් . 

ගොම්මන නැගෙන වෙලාවක ,දැන් ජීප් එක නවත්තාගෙන ඉන්නවා , වංගුවක....
මෙතනින් යන්න එනවා , අපේ කතානායකයා , ටිකක් මුඛරි කටක් තිබුන , එහෙත් අන්තෙටම අහිංසක "ලියනගේ:" ..


ඉස්සරහ අසුනේ ලොකු මහත්තය ඔහුට කතා කරනවා 
"ඕයි , මේ පැත්තේ ඉන්නවද, මහත්තය කියලා හොරෙක් ?"

ලියනගේ ගේ  මොලයට පෙර , ඔහුගේ කට ඉස්සර වෙනවා 
"සර් , හොරෙක් නම් මහත්තයෙක් වෙන්න බෑනේ , අනික් අතට මහත්තයෙක් නම් හොරෙක් වෙන්නත් බෑ "

 
"මොකක්ද කිව්වේ $%^#$$ ^&%^&" ...


එතනින් එහාට වුන දේ හිත ගන්න පුලුවන්නේ ...ගමේ පන්සලේ හාමුදුරුවොයි , ග්‍රාම  සේවක මහත්තයයි , දහම් පාසලේ ලොකු මහත්තයයි පොලිසියට දුවලා ගිහින් තමයි යන්තම් බේරා ගත්තේ .


  කතාවේ මොරාල් එක :
සමහර හොරු මහත්වරුය , සමහර මහත්වරු හොරුය ...මේ ලෝක ස්වභාවයයි .
නමුත් "සර් ", "මැතිතුමා" වැනි ගෞරවාන්ත ආමන්ත්‍රණ යන්හිදී මේ ගැටලුව ඇති නොවේ

6 comments:

  1. සැබෑ මහත්වරු හොරු නොවේ, ඒත් හොරුන්ට මහත්වරුලෙස සිටිය හැක. නමුත් ඔවුන් මහත්වරු නොව මහත්හොරුය.

    සිතුම් සයුර

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. හැබැයි එරොප්පෙන් ආපු ඔරිජිනල් මහත්වරුත් කලේ , එක විදියක හොරකම නේද ලෝකේ වටේම ?

      Delete
  2. Officer and a gentleman නේ? එකනේ "මොකක්ද කිව්වේ $%^#$$ ^&%^&" ...

    කාලකන්නි යුගයක් ගැන ලියවුනු ලස්සන සටහනක්.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ගැන නම් කතා කරලා වැඩක් නැ.

      Delete
  3. මහත්තයාට මොකද වුනේ?

    ReplyDelete
    Replies
    1. මහත්තයා මහතා මහ උලු ගෙදර මම හිතන්නේ

      Delete

Have commented