08 June 2013

Airports and bad habits // ගුවන් තොටුපල හා නරක පුරුදු
























Airports are strange places,  if I may say again .

They are transit points where you are stuck in time . Amidst others, but always your own journey . And they on their own journeys.
I have a bad habit  of observing people and trying to figure out their own stories . In a way every one’s got a story and may be every one is a part of a big story . Whatever it is,  I just sit here , and wonder, of the stories .

Of the Moroccan who is reading the Quaran . He takes his eyes away to touch his face in praying . First forehead then the  eyes.
Of the nervous girl , with the Violin case, tapping her finger tips on her knees ,nervously , to a tune in her head  . She stops to let out a sigh

Of the mother and her two sons . “Sit down , Mark and behave please “ she says

Of the Business man / potential drug dealer / smuggler looking at the photographs in his phone and smiling to him self

Of the lady , Calling home on her worn out mobile, speaking in Sinhala .

Stories jump out , twist in my mind and interweave connections that may or may not be .

As I said this is a bad habit
_______________________________________________________________

ගුවන් තොටුපල වනාහි අමුතු තැනක් . 
කාලයේ අම්බලමේ, මිනිස්සු හිරවුන.  එකිනෙකාගේ වන්දනාවේ අතරමග මදකට (තම තමන්ගේ ජිවිත සමග) එකට නැවතුනු

මට තියෙනවා නරක පුරුද්දක්.
මේ වගේ තැනක හිරවුනාම , කෝච්චියේ , බස් එකේ , ගුවන් තොටුපළවල් වල , මම  මිනිස්සු දිහා  ඔහේ බලාගෙන ,ඔවුන්ගේ කතන්දර ගැන හිතන්නට පටන් ගනිමි . 

කුරානය කියවමින් යදින , මොරෝක්කානුවා ගේ කතාව
තම දඟ කාර පුතුන් දෙදෙනා ආම්බන් කර ගන්නට , මහත් ආයාසයක් ගන්නා තඹ හිසකේ ඇති තරුණ මවගේ කතාව (" මාක් ඉඳ ගන්නයි කිව්වේ " බැරිම තැන ඈ ටිකක් තදින් කියන්නීය )

කැළඹුණු සිත එක තැන තබා ගන්නට තම උකු ළේ තබා ගෙන සිටින ,  වයලීන  පෙට්ටියට තට්ටු කරන යුවතියගේ කතාව .

තම දුරකතනයේ ඇති චායාරු දෙස බලා , සෙමින් සිනාසෙන මැදිවියේ මිනිසාගේ කතාව 

රහසින් මෙන් සිංහලෙන් දුරකතනයේ එහා පැත්තේ කෙනෙකුට කතා කරන ඇගේ  කතාව (" අක්කේ මම චෙක් ඉන් කළා . ඔව් එම්ප්ලෝයර් ගෙනත් බැස්සුවා . මම මාස දෙකක පඩි කලින් ඉල්ලා ගත්තා . කෙල්ල කොහොමද,? කාමරේම ඉඳලා එපා වෙලා ඇති දැන් . මම ටවුමෙන් කරාඹු දෙකක් අරගෙනම එන්නම් ...")

මේ කතා මා මනසේ යන්තමින් මෙන් ඇඳී , සෙමින් සෙමින් හැඩ  තල මතුවී,  වර්ණ ගැන්වී , පුර්ණ සිතුවම් වී  හමාරය.  දැන් ඒවා එකිනෙක සබැදී එක්  ලොකුම ලොකු වියමනක් වෙන්නට පටන් ගෙනය.

කලින් කීවා  වාගේ මෙය මහා නරක පුරුද්දකි 

6 comments:

  1. සුපිරි නිර්මාණයක්.JP විශේෂයෙන්ම මමත් ඔය විනෝදාංසෙ කරන නිසා.

    අනික සිංහල එකයි ඉංග්‍රීසි එකයි වෙනස් වෙලා ත්යෙන හැටි මම කල්පනා කලේ. JP හරිම දක්ෂයි ඒ වැඩේට.

    ඉංග්‍රීසි එකේ 3වන පැරා එකේ දෝශ දෙකක් දැක්කා.

    Violene (violin)

    She stops the let out a sigh (to)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...වැරැදි හැදුවා..හැබැයි මට පොඩි හිනාවකුත් ගියා. ඔබ තුල සිටින ගුරුවරයාව මතක් වෙලා

      Delete
  2. පුංචි සටහනක් වුව හදවත කම්පනයක් ඇති කළ ලියැවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින්. මට පෙනෙන විදියට ඔබටත් ඒ නරක පුරුද්ද තියෙනවා වගේ

      Delete
  3. සමහර වෙලාවට අභිනිෂ්ක්‍රමණය කරන්න හිතෙනවාත් ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්රතිචාරයට , සිදුහත් කුමාරයා වගේ නෙමෙයි මම නම් කොහේ ගියත් ගෙදර එන්න බලා ගෙනයි ඉන්නේ

      Delete

Have commented