07 September 2013

කොටියන් කූඩු කිරීම ,small fears සහ මඩ වගුරේ සතා

සතියක් කියන්නේ පොඩි කාලයක්ද? දවසම හතක්  නේ . මේ කාලය තුල කතාම කීයක් නම් ඇහෙනවද , මතක් වෙනවද ,  හිතේ ලියවෙනවද .

පහු ගිය සතියේ එහෙම ලියවුන කතා කීපයක් තියෙනවා , කියවලාම බලන්නකෝ .


කූඩුවට දාන්න කොටියෙක් (හෙවත්  සත්‍ය කූඩු කිරීම )
මට මේ කූඩුව  හම්බ උනේ  පෞද්ගලික සත්තු වත්තක් කරන යාලුවෙක් ගෙන් . එකේ හිටි නාකි වැලහින්න මැරුණට පස්සේ , ඔහු ඒ කූඩුව , විකුණා දැමීමට තීරණය කළේය . අනික දැන් trend  එක නිදහස් අවකාශ වල සතුන් නිදැල්ලේ ප්‍රදර්ශනය කිරීම නේ .

මා එය  මිලදී ගත්තේ , මා සිතේ ළමා කල සිටවූ සිහිනයක්  සැබෑ  කර ගැනීමටය . ඒ හුරතලයට කොටියෙක් ඇති කිරීමයි . ලොරියක පටවා  ගෙන එය ගෙනවිත් , වලස් ගඳ යන්න හොඳින් සෝදා මම එය වත්තේ පහළ  සෙවන ඇති තැනක තැබීමි .
සිසිරයේ එක්  හිමිදිරියක , කොටියා අල්ලා ගැනීමේ මෙහෙයුම දියත් කලෙමි. හතළිහක් පමණ වූ දඩයම් නඩය , උගුල් අමුණා , දඩයම් බල්ලෝ යොදා දවස් හතක්  පමණ මහන්සියකින් පසු , එක් කොටි නාම්බෙක් බොරු වලකට හසු විය .

එදා මගේ ජිවිතයේ සතුටුම දවසක් . මේ මහා සද්දන්ත සත්වයා ගෙන විත් කුඩුවට දමා ඌ වේගයෙන් ඔබ මොබ සක්මන් කරන හැටි මම පැය  ගණනක් බලා  සිටියෙමි . මට දැන් ඕනෑම වෙලාවක කොටිය බලන්නට පුළුවනි. ඌ මගේ කුඩුවේ රාමුව ඇතුලේය .  එදා රෑ මට හොඳින් නින්ද ගියේය .

උදේ පාන්දරම මා නැගිට්ටේ , මගේ අලුත් හුරතලාට කෑම දීමටය . කුට්ටි කැපු මස් බාල්දියත් ගෙන කූඩුව  ළඟට ගිය ම‍ට ඇස් අදහා  ගත නොහැකී විය . 

කූඩුවේ දැමු කොටියා , පූසෙක් වී ඇත්තේය .....


moral එක :
මහා  වෙර විරියෙන් සොයා ගන්නා  සත්‍යය , තමන්ගේ ආකල්ප කූඩු වේ හිර කල විට , එහි සැර  බාල වී පුසන්  බවට පත්වේ 
________________________________________________________________________

small fears 
All the ceremonies are over , now it is time to face the music .
The Yokosuna stands in his starting stance . In full Sumo attire , knees bent , and eyes focused. On the other side , his opponents are restless. An army of kids

The bell rings and like rain it starts .First with gentle blows separated by gaps of two breaths.   , As time rolls on ,  the frequency of the blows increase. Now it sounds like the pitter patter of a  summer rain in full glory . It feels like rain before a typhoon on his skin . Piercing like thousand needles .  Still he reminds him self that they are small blows , each  one of them . Nothing that could unsettle him 

Moments later , he has fallen .

Moral : small fears one by , topples the most confident of beings 
________________________________________________________________________


මඩ  වගුරේ  චායාව (හෙවත් මම )
ඊයේ රෑ හොඳටම වැස්සා . ගිම්හානයේ අග ඔහොම තමයි . අගු පිලේ හීතලට ගුලුවෙලා නිදාගත්ත මා අවදිවුනේ  මහා බරක් නිසා . බැඳලා තියෙන දම්වැල නිසා මට දොට්ට පහලියට  යන්නත් බෑ , මෙතන වැඩේ කලොත් උදේට ගෙදර හාමිනේගේ හැඳි මිටෙන්  ගුටිත් කාල , දවසම කෑමත් නැතිවෙනවා . ඔහෙලට කියන්න , බල්ලෙක් උනාම තියන ප්‍රශ්න ..

ඉතින් වෙන මොනවා කරන්නද මම  ගෙදර අය කොහොම හරි නැගිට්ට ගන්න උඩු බුරලන්න ගත්ත . 

විනාඩි පහළොවකට විතර පස්සේ , ලොකු ළමය ඇවිල්ලා , "චික් මේකා  හින්ද , සෙනසුරාදා වත් ටිකක් නිදා ගන්න බෑ " කියලා  දම්වැල ලිහුවා .  මම සුටුස් ගාල ඉගිල්ලුනා .
හොඳ පඳුරක් සොයා , මහා බරෙන් නිදහස් වෙලා  ටිකක් සක්මන් කරන කොට තමයි මම මේ මඩ  වගුරේ අමුතු සතාව දැක්කේ .

මම කන් හොලවනකොට ඌ කන් හෙලෙව්වා , මම බුරනකොටම බිරුවා .... මම පොඩ්ඩක් ඔලුව එහාට ගත්තා , ආයිත් එබිලා බැලුවා . ඌ එතනම ... මම කොහොමද මුව මෙච්චර දවසක් දැක්කේ නැත්තේ  ? 
දෙතුන් සැරයක් මේ පරීක්ෂණය කලාට පස්සේ මම නිගමනයකට ආවෙමි . 

මා මඩ  වගුරට එබෙන සැම විටම ඌ සිටින බැවින් , මඩ වගුරේ සතා , මා නොබලන විටද , සදා කාලිකවම එතැන  සිටින්නට ඇත ..

moral එක :  චායාව මම නැති විට ඇතැයි සිතිම මෙන්ම, මම සැම විටම පවති යැයි සිතිමද මායාවකි





7 comments:

  1. ඊසොප්ගේ උපමා කතා, සෙන් උපමා කතා වලට පස්සේ ඔන්න දැන් JPගේ උපමා කතා කියලා වර්ගයකුත් ඇවිත් වගේ.

    ReplyDelete
    Replies
    1. ශැහ් මට ඕක ඔලුවට ආවේ නෑනේ මාතෘකාවට දාන්න... කතා හොඳයිද?

      Delete
    2. ඉතින් දැන් දැම්මෑකිනේ ටැග් එකක් හැටියට.

      ඇත්තෙන්ම JP මේවා ගැඹුරු කතා. අර වර්තනය හන්දා ළිඳේ ගැඹුර අඩු වෙලා පේන්නේ. අන්න ඒවගේ. ගැඹුරක් පේනවා. නමුත් සැබෑ ගැඹුර දැනෙන්න ළිඳට වැටෙන්නම ඕනෙ.

      Delete
    3. ඔව් ඔව් අර සින්දුවකත් තියෙන්නේ ලිඳේ ගැඹුර කළේ දන්නේ නෑ කියලා

      Delete
  2. JP මේ කතා දෙකේම moral එක නම් කතාවත් එක්ක හරියටම ගැලපෙනවා.
    ///moral එක :
    මහා වෙර විරියෙන් සොයා ගන්නා සත්‍යය , තමන්ගේ ආකල්ප කූඩු වේ හිර කල විට , එහි සැර බාල වී පුසන් බවට පත්වේ ///

    මේක නම් අද සමාජය තුල නිතරම පෙනෙන්න තියෙන සත්‍යයක්.අපි කවුරුත් අඩු වැඩි වශයෙන් දැණුවත්ව හෝ නොදැණුවත්ව මේ කූඩුවේ හිරවෙනවා.හිරවුනාට පස්සේ ඒකෙන් නිදහස් වීම නම් ඉතාම අසීරු බව සමහර උගතුන්, බුද්ධිමතුන් දිහා බැලුවාම පේනවා. අධ්‍යාත්මිකව වැහැරුණු ස්වභාවයක්.

    ReplyDelete
    Replies
    1. එච්චර දුර නොගියත් ,අපි අපි හිතන විදියත් අපේ ආකල්ප කූඩූ වල හිර වෙනවා නේද කියලා හිතෙනවා

      Delete
    2. සහතික ඇත්ත!

      Delete

Have commented