19 December 2013

කුහුඹුවන්ගේ පුරුදු හා බීරි සන්නාලියාගේ උපක්‍රමය

මේ දවස් වල පොඩ්ඩක් අන්තර්ජාල සම්බදතා අවුල් සහගතයි . ඉතින් කෙටි කතා දෙකක් දාන්නම්, හප හපා හිත හිතා ඉන්න .

කුහුඹුවන් ගේ පුරුදු 

කුඹීන්ට  අහර ඇති  තැනක් හමු වූ විට උන් මුලින්ම කරන්නේ  ගුලේ සිට එතනට යනකං  පෝලීම්  දෙකක් හදන එකලු . එකක් නෙමෙයි දෙකක් . ගුලෙන් එලියට එන කුඹී  එකින් එකා අනිත් කුඹීන් ගේ කීමට සවන් දීලා . මුවෙන් මුව මුණු මුණු ගාලා , තමන්ගේ කැමැත්තට අනුව එක පෝලිමකට එකතු වෙනවාලු
මෙහෙම ගිහින් එක මොහොතකදී එක පෝලිමක අනිකට වඩා  දිග වෙනවා . එවිට අර අනිත් පෝලිමේ කට්ටිය ඇවිත් , දිග පෝලිමට එක් වෙනවලු , (අනේ අපි අනිකේ හිටියේ නෑ  වගේ) .

අපේ ජිවිත වලත් පෝලිම් කොච්චර නම් තියෙනවද?  ඒවා අපි තෝරා ගන්නේ මොන නිර්නායක නිසාද?


බීරි  සන්නාලියාගේ ක්‍රමය 

ඔන්න එක නගරයක ටේලර් සාප්පුවක් තිබුනා .
මේක කරේ , සයිමනුයි , මාටින් නුයි කියලා සොහොයුරොන් දෙන්නෙක් .
ගනුදෙනුකරුවන්ගෙන් ඇනවුම් ලබා ගැනීමට මොවුන් අපුරු උපක්‍රමයක්‌  පාවිච්චි කළා .
ඔන්න මාටින් ඉන්නවා ඉස්සරහ කවුන්ටරයේ . ගනුදෙනු කරුවෙක් ඇවිත් මිල විමසුමක් කරපුවහම ඔහු රඟපානවා පොඩ්ඩක් බීරියි වගේ .

මිල ගණන් විමසු විට , ඔහු කෑගහනවා

"සයිමන් මේ සූට්  එකක ගාන  කීයදෝ?"

"ඩොලර් තුන්සිය හැටයි  "

" මහත්ත‍යා, මගේ සහෝදරයා කියනවා එකසිය හැටයි  කියලා "

මාර  ලාබයක් කියලා හිතන ගනදෙනු කරුවා ටක් ගාලා ඇනවුමක් දෙනවා .

අපිත් වෙලාවකට ලාබයි කියලා හිතන දේවල් ......

10 comments:

  1. අපි තෝරගන්නේ බොහෝවිට අනික් අය දුවන පෝලිම. ඒක තමා මිනිස්කමේ හැටි.
    ලාබයි කියලා අහුවෙන්නෙත් මුලින් නියම කරල තියෙන මිලටමයි.

    ReplyDelete
    Replies
    1. බලාගෙන යනකොට ඒක මිනිස් කමේ හැටි විතරක් නෙමෙයි නේ

      Delete
  2. ඇත්ත පරාජයකට වඩා ව්‍යාජ ජයකට කැමති වීමයි හේතුව.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. ඔබ කියු දේ හි අන්තර්ගතය තේරුනත්. එය මීට අදාළ වන අයුරු හරියටම තේරුනේ නැත

      Delete
  3. අනේ ඇත්තට අපිත් ජීවිතේ කොච්චර පෝලිම්වල ඉඳලා ඇතිද? තාමත් ඉන්නවා. මට සමහරක් වෙලාවට හිතෙනවා ඒ බොහොමයක් පෝලිම්වල හිටියට ගත්ත දෙයක් නැහැ කියලා.

    ReplyDelete
    Replies
    1. හැබැයි සුනිල් පෙරේරා නම් කියන්නෙ "පෝලිමේ මැද හිටියට පාඩු වෙනවද ?" කි‍යලා :)

      Delete
    2. සුනිල් නොවෙයි, මරියසෙල් (හෝ කවුරු හෝ ගෑණු කෙනෙක්) නේද?

      Delete
    3. සුනිල් ගේ සින්දුවේ මැණිකේ අත්තනායක..නෝනේ මගේ සුුදු නෝනේ

      Delete
  4. මං දැකලා තියෙනවා සමහර කඩවල ෂර්ට් හෙම විකුණන්න දාලා තිේ‍රනවා 50% ක් අඩුවෙන්, ඒත් එකසිය ගාණට ගණං. හැබැයි ඒවා 100% මිළට විකුනන්න තිබුණු දවසක් නං මං දැකලාම නෑ. එළියට එන්නේම වට්ටම එක්ක.

    ReplyDelete

Have commented