07 December 2013

ජපනාට පාඩමක් ඉගැන්වීම

"ආයුබෝවන් සර් "
"ආයුබෝවන්. ජපන් coach  කෙනෙක් ඇවිල්ලා , ස්විමින් උගන්නවා  , බැඳෙන්න කැමති අය බදාදා 2ට එන්න "   මලවිගේ සර් පන්තියට ඇවිත් කිවේය .

මම මේ කතාව ගෙදර කිව්ව වෙලේ සිට අප්පච්චි කිවේ "පලයන්" කියාය .
"කොල්ලෙක් උනාම පීනන්න පුරුදු වෙන්න ඕනේ" ඔහු කිවේය  .  අත්තම්මානම් එක හෙලාම විරුද්ධ වුයේ මට හරියට පීනන්න බැරි නිසාය . ඈගේ අදහස වුයේ , පිහිනීමට හරිහැටි නොදැන වතුරට බැසීමෙන් අනතුරක් විය හැකි බැවින්, හොඳින් පිහිනීමට හැකි වූ පසු පුහුණු වීමට  යන ලෙසය .
ඇයගේ තක්සේරුව වැරදිය .  උපන්දා සිට ගඟක් පේන  තෙක් මානයක නැති පළාතක හැදුනු ,  සිස්සස්තේ පාස් වී මේ ඉස්කෝලෙට යනකන් ජීවිතේට ස්විමින්ග් පුල් එකක් නොදැකපු මට 
හරිහැටි නොව , කොහෙත්ම පිහිනීමට නොහැකිය .

අප්පච්චි chands එකෙන් ස්විමිං  ට්‍රන්ක්  එකක් ගෙනත් දුන්නේය . ( "දෙසිය විස්සක් උනා " ඔහු හෙමින් අම්මාට  කියනවාද මට හවස ඇසුනි .  "කමක් නෑ  පඩියෙන් පස්සේ බෙහෙත් ගන්න යමු " ඇය  පිළිතුරු දුන්නාය)

 බදාදා උදා විය . කැන්ටිමෙන් දවල්ට සීනි සම්බල් පාන් එකක් කා  , කරාමයෙන් වතුර බී පුල් එක ගාවට ගියෙමි .පපුව ඩබ් ඩබ් ඩබ් ගා ගැහෙන්නේය . ජිවිතේ පළමු වතාවට ස්විමිං  පුල් එකකට බහින්නට යන්නෙමි . ජපනා ගේ මුල් කතාවම මට ඇල්ලුවේ නැත . ඌ කිවේ ගිහින් නා ගෙන එන්න කියාය . වතුරට බහින්න ඉස්සරවෙලා නාන්නේ මොකටද , මම හිතින් ඌට බැන්නෙමි .

කෙසේ හෝ අපි වතුරට බැස්සෙමු. ජපනා මුලින් උගන්වන්න යන්නේ ගිලෙන හැටිය . එක එකාගේ ඔලුවෙන් අල්ලා  වතුරේ ඔබන්නේය . ඔලුව යට  යන්නේය , මාළු ටැංකියේ වගේ බුබුළු උඩ  එන්නේය .

මගේ වාරය පැමිණියේය .

ඔලුව යට ගියේය.වතුර පෙවුනේය . මම දඟලුවෙමි . ඉස්මොලේ දැවිල්ලක් පැතිරුණි . මා උඩට ආවෙමි . ජපනා හිනා වන්නේය . මට කන්නට කේන්තිය .
 උගන්වන්නම් ජපනාට පාඩමක් . මම යන්නේ නෑ ආයේ  ඔය කෙහෙල්මලට, ආපසු එන ගමනේදී  මම තීරණය කලෙමි.  ගිලෙන්න මම දැනුත් දන්නවනේ ...(ජබොස් එකයි , ගලුබ් තුනයි , ටටා දෙකයි, )...

මම එම තීරණය අකුරට ක්‍රියාත්මක කලෙමි . ඉන් පසු සති කීපයක් මට අසනීප වීම් , කිට් එක ගෙනෙන්නට අමතක වීම් එක දිගටම විය .


ජපනාට හොඳ පාඩමක් ඉගැන්නුවෙමි .

අදත් මට හරියට පීන්නට  නොහැක . පාඩුව ජපනාටය.


පලි ; මෙලෙස කුකුල් කේන්ති ගොස්,  මම මේ වගේ පාඩම් බොහෝ අයට උගන්වා ඇත්තෙමි . ඔවුන් අදත් ඔවුන්ට සිදුවූ පාඩු ගැන සිතමින් හුල්ලනවා වෙන්නට ඇත .

16 comments:

  1. ලොකු පාඩමක් මමත් ඉගන ගත්තා.. මම අදහස් කලේ නොකියා කියපු දේ ගැන. අපිත් සමහර වෙලාවට එහෙමයි.. අවසානෙට බලනකොට වැරදිලා තියෙන්නේ අපිට.

    |මම| = බොර දියක ඉඳුවර

    ReplyDelete
    Replies
    1. ඉහ නිකට පැහෙන කොට හිතෙන දේවල් නේ

      Delete
  2. අපේ ජාතික උගත් පාඩම් ද සිහිවිය.

    ReplyDelete
  3. අත්තම්මාගේ උපදෙසට මංතුමා ලැයික් ය.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. අපේ අත්තම්මා , අපිට බයිසිකලයක් පදින්න අරන් දෙනවටත් විරුද්ධ වුනා ඔය හේතුවට ම .

    ජාතික පාඩම් .... අර දනිස් නැති දොස්තර මහත්තයාගේ (ඉංග්‍රීසියෙන් ප්‍රජාතන්ත්‍රවාදය ) පාඩම වගේ ඒවාද ?

    ReplyDelete
  6. පව් ජපනා හොඳ පාඩමක් ඉගෙන ගන්ට ඇති...:D

    ReplyDelete
    Replies
    1. ඔව් ඌ පස්සේ කාලේක ඒ ගැනම හිතලා හරාකිරි කර ගත්තාද දන්නෙත් නෑ

      Delete
  7. උබ ආත්තම්ම කියපු දෙ ඇහුවනම් ඉවරනෙ.හොදට පිනන්න පුරුදු වෙනකන් වතුරකට නොබැහැ ඉදපන්

    ReplyDelete
    Replies
    1. කොහෙද අපේ මහන්තත්ත කමට වැඩිහිටියෙක් කියන දෙයක් අහන එකක්යෑ

      Delete
  8. කියලා වැඩක් නෑ මචෝ.. ඊට පස්සේ වට පිට උන්.. උඹට ආදරෙන් කතා කලත් ගියේ නෑලූ නේද.. ඒ වගේද උඹේ මාන්නේ ආරක්ෂා කර ගත්ත එක.. අර එකෙකුටවත් සෙකන්ඩ් උනේ නෑ නේ..

    ReplyDelete
    Replies
    1. අන්න තේරුනා...
      අර මාන්නේ නිසා මට ලැබිලා තියෙන වාසි කියලා නිම කරන්න බෑ

      Delete
  9. තැචර් නෝනා මැන්ඩෙලාට ත්‍රස්තවාදියා කිව්වා.....මැන්ඩෙලා පෙන්නුවා කවුද ත්‍රස්තවාදියා කියලා.....උඹේ ස්විමින්ග් පාඩමේ ගැඹුර මරු.

    ReplyDelete
    Replies
    1. එක එකා පලිගන්නේ එක එක විදිහට. මම කිව්වෙ මැන්ඩෙලා ගැන

      Delete
  10. ජපනා ගැන දුක සිතුනි..
    මගෙ අම්මේ මේ බ්ලොග් එකේ ඉතිහාසෙ දැක්කම බඩ කොරවෙනවා

    ReplyDelete
  11. මාත් ඔය වගේ ලද අවස්තා මග ඇරගෙන ඒ ගැන පසුතැවිලි වන කෙනෙක්. මටත් ඉතින් පීනන්න බෑනෙ. අර කතාව නම් මරු. (ජබොස් එකයි , ගලුබ් තුනයි , ටටා දෙකයි, )...

    ReplyDelete

Have commented