04 June 2017

අකලමනා ආපදා කතා


තෙවරප්පෙරුමගේ  සිල්ලර පොලිටිකල් භූමිකාව 
තෙවරප්පෙරුම වතුරේ බැහැගෙන , ආච්චිලාව , පොඩි එවුන්ව උස්සගෙන ගිය එකෙයි , නාමල් බෝට්ටුවක් තල්ලු කර ගෙන සෙල්ෆි (වගේ ඒවා ) ගත්ත එකෙයි වෙනසක් තියෙනවා . සන්ජන් කරන පොලිටිකල් ස්ටාර් රියලැටි  වැඩ සටහනෙයි , තෙවරක්පෙරුමගේ වික්‍රමයන්ගෙයි වෙනසක් තියෙනවා .

ඒ  තමයි මුලින්ම  ටයිමින් එක . දෙවැන්න සද්බාවය .

මුලින්ම දෙවැන්න. ඈත ඉඳන්,  මගේ කියවීම නම්, තෙවරක්පෙරුමගේ ක්‍රියාව සෑහෙන දුරකට ජෙනුඉන් කියලයි . කොටින්ම සිරසේ ඉන්ටවිව් එකකට ඇවිල්ලා , නිවේදකයා ඔලුවට දාන්න හදන ඔටුන්න ( හෝ තොප්පිය ) ඔහු පැත්තකින් තියෙනවා . වෙලාවක " අනේ මහත්තයෝ මට මේ කතාව කියන්න විනාඩි පහක් දෙන්න " ඔහු බැගෑපත් වෙනවා . කපටියෙක් නොවී දේශපාලකයෙක් වෙන්න බෑ . ඒක  හරි ..ඒත් .. පාර්ලිමේන්තුවේ ලොකු විවාද කරන්න බැරි උනාට ,  පොලිටිකල් ටෝක් ෂෝ වල ගල් පැලෙන තර්ක නොකලට , ජෙන්ටල්මෑන් පොලිටිෂන් කෙනෙක් නොවුනට , ඒ සිල්ලර දේශපාලනය ඇතුලේ  යමක් තියෙනවා කියලා මට හිතෙනවා .

ටයිමින් .. මිනිහෙකුට කෘතීම ශ්වසනය දෙන්න ඕනේ මැරෙන්න කලින් . අන්න ඒ වගේ තමයි . වතුරට යට වෙලා ඉන්න මිනිස්සු ලඟට බෝට්ටුවක් අරන් එන මිනිහෙක් , ඒ වෙලාවේ වීරයෙක් . ගැලවුම් කරුවෙක් . කොන්ෆරන්ස් රූම්  වල සැලසුම් කරන , සම්බන්ධීකරණය කරන ආපදා කළමනාකරණ මෙහෙයුම් වගේම  ඕන ද ග්‍රවුන්ඩ් දුක බෙදා ගැනීමත් අවශ්‍යයි .
අන්න ඒකයි තෙවරප්පෙරුම  භූමිකාව. විය යුතුව තිබුනේ (හෝ විය යුත්තේ ) ඔහුව ආපදා කළමනාකරණ යාන්ත්‍රනය තුලට අනුගත කර ගැනීමයි 
ඒත් අනෙක් අතට , දවස් දෙකකට පස්සේ නැෂනල් සූට්  එක උඩින් ලයිෆ් ජැකට් එකක් දා ගෙන ගංවතුරු බෝට්ටු සවාරි යන එකා, කෙහෙල් ගෙඩි තුනක් ඔතලා , පොටෝ ස්ටිකර් එකක් ගහලා බෙදන එකා ජෝක් එකක් . ඒ වගේම උන් කරන්නේ අර මිනිස්සුන්ට අපහාසයක් .

***

ආපදා අකලමනා 
සුනාමියෙන් පස්සේ ඇති කරපු ආපදාව කළමනාකරණ අමත්‍යාංශය තාම හරියට කළමනාකරණය කරගන්න බැරි හැඩකි . ආපදා කලමනාකරණය කියන්නේ  ආපදාවේ දිග පළල හේතුව සෙවීම නොවේ . මතු ආපදා වැළකීමත් ඇතිවන ආපදා වලට මුහුණ දීමත් .

ආපදා කළමනාකරණ ඇමති තුමා , මෙක්සිකෝවේ ඉඳලා ඇවිත් චන්ඩි ටෝක් දීලා ආපදාවේ  සම්පූර්ණ වගකීම ගත යුත්තේ වැස්ස වලාහක දෙවියන් සහ මිනිස්සුන්ගේ කරුමේට පැවරුවේය .  එතකොට ආපදාවෙන් පසු සහන සේවා ? ඒවා පුළු පුළුවන් විදියට මිනිසුන්ගේ පරිත්යාගයන්ගෙන් සිදුවෙන බවත් , මීට අමතරව චීනෙන් සහ ඉන්දියාවෙන් නැව් එන බවත් කීවේය . මම බලන් හිටියේ ඔහු  මාද්‍ය හමුවෙන් නැගිටින තෙක්ය . ඒ ඔහු සරමක් කලිසමක් ඇඳ  සිටින්නේද කියා බලා ගැනීමටය . 

මිනිස්සුන්ට උදේට වැඩට එනකොට වැඩිපුර කෑම  එකක් බැඳන් එන්න කියන්න නම් මේ අමත්‍යාංශය මොකකටද . කොළඹ හෝටල් වල කුස්සි ටික බත් පාර්සල ටිකක් උයාගන්න සම්බන්ධීකරණය කරන්නට බැරි නම්  , ධීවර බෝට්ටු ටික , රට ඇතුලේ ගංවතුරු බේරාගැනීම් වලට සම්බන්ධීකරණය කර ගන්න බැරි නම් මේ අමත්‍යාංශය කුමකටද ? 

අමාත්‍යංශයක පිරිවැය සුළුපටු නොවේ. ඉදින් සල්ලි ගෙවා ගෙවා මෙවැනි ඒවා පවත්වා ගෙන යනවට වඩා එක අතකින් මෙය  පුද්ගලීකරණය කරන්නේ වත් නම් හොඳයි දෝ සිතේ .

***
වතුර බැහැලා ගියාට 

"වතුර බැහැලා ගියාට මිනිස්සුන්ගේ දුක එහෙම බැහැලා යන්නේ නෑ මහත්තයෝ"

ඇල්බට් ගොයියා @ කඩමණ්ඩිය , පුස්ලෝඩා එකක් කඩලා කටට දා ගන්න ගමන් .

මේ වගේ ආපදාවකදී ජීවිත නැතිවීම ඛේදවාචකයක් තමයි . ඒ දුක ජීවත් වෙන අයට .

ඒ විතරක් නෙමෙයි, ජීවිත කාලයක් තිස්සේ එකතු කරගත්ත  දේ එක පාරට ගහගෙන ගියහම ඇතිවන චිත්ත බිඳීම සමහර විට ඊටත් වඩා. එක එක ආර්ථික මට්ටම වල හිටියත් අපි ඔක්කොම අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු . ගොඩේ තරම වෙනස් වුනත් , ඒ තියෙන්නේ ජීවිත කාලයක් පුරා ගොඩ නගපු දේවල් . භෞතික දේවල් විතරක් නෙමෙයි.
මේවා වතුරට ගහගෙන ගියහම , ඇතිවන ඉච්චා බංගත්වය තමයි , මිනිස්සුන්ගේ කකුල් බර කරලා , කොඳු කඩා දාලා ආයේ නැගිටින්න අමාරු කරන්නේ .

අපි ඔක්කොම මමත්ව කේන්ද්‍ර මිනිස්සු . ඉතින් වටේ ලෝකේ කඩා වැටුනත් , ආත්ම ගරුත්වය කෙලින් තියෙනකන් , ආයෙත් නැගිටිනවා .    (අසු තුනේ ජූලි  කලබල වලට අහුවෙලා ගෙවල් දොරවල් අත ඇරලා දාලා , ඉස්කෝලෙක අනාථ කඳවුරක හිරවෙච්ච ෂන්මුගන් අන්කල් පස්සේ දවසක කිව්වේ , ඔහු මාස ගණනක් ඇඬුවේ ,  සබ්බ සකල මනාව ගින්නෙන් අළු උණු එකටවත් , පොඩි  මල්ලි ශංකර් ව පෙති පෙති ගහලා දාපු එකටත් වඩා , ඔහුට හිඟන්නෙක් වගේ මිනිස්සුන්ට අතපාන්න වෙච්ච එකටයි කියලයි . ) 

හැම මිනිහෙක්ගේම ආත්ම ගරුත්වය තමයි ජීවිතේ නැගිටින්න ට්‍රැක්ෂන් එක දෙන්නේ. මෙවැනි ආපදාවකදී භෞතික පිළිසරණ වගේම,  කරන්න ඕනේ , හැකි ඉක්මනින් මේ ආත්ම ගරුත්වය පිකප් කරන්න උදව් කරන එක  . 

අන්න එකටයි ආණ්ඩුවක් ඕනේ . ආපදා කලමනා කරන අමාත්‍යාංශයක් ඕනේ .

11 comments:

  1. ජේ පී ට හිතෙන්නේ නැද්ද ඔය බනානා කතා හෙම සෙකට්‍රිලාගෙන් වෙන ඒවා කියලා. සමහරවිට ඇමතියා දන්නෙත් නැතිව ඇති. මට එහෙම අත්දැකීම් තියෙනවා. ලේඛ්ම් ලා හිතන්නේ උන් තමයි මිනිස්ටර් පෝස්ට් එක හැන්ඩ්ල් කරන්නේ කියලා. ඩැමේජ් කොන්ට්‍රෝල් කරන්න වෙන්නේ ඇමතිගේ නමින් කියන එක වෙනමම සබ්ජෙක්ට් එකක් නේ.
    තෙවරප්පෙරුම චන්ඩි පාට් එකෙන් හරි හැසිරෙන්නේ මනුස්සකමෙන්. ඉස්සර හිටපු ගම් වල චන්ඩිත් ඔහොමයි. කොටින්ම ඒ වගේ චන්ඩි ටිකක් හරි දේශපාලනයට හොයාගන්න වෙනවා අපිට දැන්. මෙලෝ මඟුලක් නොකරන අහි`න්සක මහජනයාගේ සල්ලි බුදින ඒ මදිවට ලොකුවට කියවන පොලිටික්කන්ට වඩා ඒ අය හොඳ වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්නත් පුලුවන්. එහෙම නැත්නම් වෙන එකෙක්ගේ අන්ඩහැන්ඩ් ගේමක් වෙන්නත් පුලුවන්. ඒ වුනාට මේ වගේ සිද්ධි ඔක්කොම එවැනි නොවේ. රටක් හැටියට මේ වගේ දේවල් කරන්න ලජ්ජාව බය නැතිවෙලා රංගි

      Delete
  2. හැම එකාම කරන්නේ මංගොනාපිල වගේ ටොපි දෙන එක ඉතරයි... මුළු ජීවිතයම අහිමි වෙච්චි මිනිස්සුන්ට වතුරයි බත් පැකටුයි දුන්නා කියලා අති වැඩක් නෑ... දිය යුත්තේ ජීවිතයයි

    ReplyDelete
    Replies
    1. බත් වතුර එසෙන්ශල්. එය ආන්ඩුවේ වගකීම. එතනින් පස්සේ කරන්න ගොඩක් දේවල් තියෙනවා

      Delete
  3. කෙසෙල් ගෙටි පැකට් කරල දුන්නෙ නමකුත් ගහල ජේපී නේද හැක්

    ReplyDelete
    Replies
    1. එකෙකුට කෙසෙල් ගෙඩි තුනක්ම දීලා. සුජි දුන්නේ එක බැගින්... සුජිගේ හිත රිදිලා

      Delete
  4. 3 පෙරුම 4පෙරුම

    ReplyDelete
    Replies
    1. සමහරැ පෙරැම් පුරනවා

      Delete
  5. වැස්ස ගංවතුර නොවීමටත්, ගංවතුරින් මිනිසුන් මිය නොයාමටත් පෙර සූදානම් කටයුතු කළ යුතුව තිබුණා.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඊට කලින් වැඩේ නවත්තන්න තමයි බලන්නේ වැස්ස වලාහකටම කියලා ..

      Delete
  6. ඇමතිවරු වැඩි වීම මුදල් නාස්තියට අමතරව කාර්යක්ෂමබව අඩුවීමටත් හේතුවක්ද මංදා

    ReplyDelete

Have commented