30 January 2012

ගෙදර ගුටි කන්නේ නැති ළමයි අත් උස්සන්න


මේ අපේ දියණිය ලජ්ජාවට පත් කල ප්‍රශ්නයි . ඒ ඇය අත එසවූ කිහිප දෙනා ගෙන් අයෙක් වූ බැවිනි .

මම ඇයට අතක් ඔසවා පහරක් තවම ගසා නැත . ඇගේ මවද ඇයට පහරක් ගසා ඇත්තේද එකම එක වරකි .
එදා ඈ ඉකි ගස හඬා, රෑටත් නොකා නිදා ගත්තාය. අපේ කුඩා නිවස පුරා ඉන්පසු සිතට වද දෙන මූසල නිහඬතාවයක් පැතිරිණි .
එදා රෑ මවද රහසේ හැඬුවාය . නමුත් ඇයට අද එය පාඩමකට වඩා අමිහිරි මතකයක් පමණි . දුවට දැන් වයස අවුරුදු නවයක් නිසා ඒ පාඩම ඉගැන්වීමට  දැන් පරක්කු වැඩිය .

අපි පොඩි කාලේ නම් " වේවැල් කොටු නාරන් සියඹලා අතුය ". ඊටත් වඩා අපි බය වුයේ ඔලුව හිල් වෙන්න ඇනෙන  , දීපානන්ද හාමුදුරුවන්ගේ , හාමුදුරු ටොකු වලටය .  
ළමයි හැදුවේ හොදි උයනවා වගේ ය , හැඳි ගා ය . එය හරිද වැරදිද කියා මම නොදනිමි . කට ගසන්නට ගොස් කටේ මිරිස් ගාගත් , පියාගේ බැඳ පටියෙන් පහර කෑ ළමුන් මා සමග පන්තියේ විය.
 සමහර විට ඒ , ඒ කාලයට අනුව තිබු අත්දුටු එකම  ක්‍රමය වෙන්නට ඇත .

දඬුවම අත්‍යවශ්‍ය බව පිලිගනිමි. නමුත් දඬුවම් ශාරීරික විය යුතුම නැත . අතීතයේ දරුණුම වැරදි වලට ,  රැහෙන් පහ කිරීමද දඬුවමක් විය . එය මානසික, සංස්කෘතික දඬුවමකි . නිරය පිලිබඳ සංකල්පය දඬුවමක් නොවේ , වැරදි කිරීම වැළක්වීමේ මගකි.

දැන්  මේ කලියුගයයි. ඉතින් දේවල් සිදුවෙන්නේ වෙනස් ආකාරයටය .  පයින් ගසා එලවූ බල්ලාටද අද අයිති වාසිකම් ඇත .  හරි වැරැද්ද , යුතුකම් , යුක්තිය පරයා අයිතිවාසිකම් මුල්තැන ගෙන ඇත . බටහිර සිට මේ සීත සුලඟ අප පෙරදිග සංස්කෘතිය පුරාද පැතිර යමින් පවතී.  
එනමුදු , අදද  වේවැල් කසාය නිතර නිවසේ මෙළවෙන නිවෙස්ද ඇත . ලංකවෙන් එතෙර සිටින මගේ සමහර මිතුරන්ද , අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි නිසාවෙන්දෝ ,  මේ බෙහෙත පිළිපදිති . 
අනික මගේ දියණියගේ පන්තියේ අත් පහල යොමා ගෙන සිටි බොහෝ දරුවන් නිල් ඇස් , රන් කෙස් ඇති අයය. එය කෙසේ ගලපන්නදැයි මට නොතේරේ 
එනමුදු , පාරේ  කෙලින් නොයන වසු පැටවෙක් සහ ජීවන මගේ කෙලින් නොයන දරු පැටවෙක් , යළි මඟට  ගන්නා ක්‍රමය එකක්ම විය නොහැකි  බව  සිතමි 

28 January 2012

මන්ඩියට හිටගනින්


කෙන්ඩියෙන් වැඩු පැන් යද්දී දොරේ ගලා
සිත මිලන වෙන්ට ඇති , අනිචාවත කියා 
බන්ඩියට මදි උනත් උදේ කා රොටි බාගේ
මන්ඩියට හිටගනින් බෙර හඬට අවනතව 

පන්සලේ හේවිසි හඩින් සෝ සුසුම් මැකෙන්නයි
නුඹ කුසේ මහා ගින්න මොහොතකට නිවෙන්නයි  
පාවෙන මලක් ලෙද , මොහොතකට රංගන්නයි
මගේ දුවේ දැන් ඉතින් මන්ඩියට හිටින්නයි 

25 January 2012

Discarded dreams


Children ofcourse will outgrow
their childhood wheels and also their dreams 
when their limbs grow tall
and their hearts fly far
but does a cripple
ever grow legs ?


23 January 2012

රේල් පාරේ මම යනකොට








නානු ඔය දුම්රිය ස්ථානයට නුදුරෙන් 


මතකනේ සින්දුව. මේ පැත්තේ කොහෙද ටෙනිස් .සීතලේ කිටි කිටියේ ඉහේ  ඉඳන් පොරව ගෙන , මිනිස්සු යනවා නානු ඔය ටවුමට  රේල් පාර දිගේ . 

22 January 2012

Compassionate Loan


Samaranayaka carefully licked the edge of the envelope  and pasted  it shut.

He could feel the bulk and the weight of the application inside. He put it in the out tray and adjusted the the other letters so that his letter would be placed on top.

That was three weeks ago. Today should be the day it would get approved.

He has spoken to Wije , the peon who works in the loans section .
"මම උදව් කරන්නම් , හැබැයි ඉතින් අපිටත් සලකන්න ඕනේ .   මේ ඕල්ඩ් රිසව් බොන්න ගත්තට පස්සේ වෙන මොකුත් බොන්න බෑ වමනෙට එනවා " 
( I will help but you have to look after me . After getting used to Old reserve arrack I can not drink anything inferior)
Wije’s terms were clear. Samare calculated the debit . 800 Rupees. Tution fees for a month.


Samare’s mother was ailing for a while and last month she succumbed to the beating she has taken from life. Funeral was done at his childhood village and his brother in law spent for the coffin and the other arrangement.

රණසිංහට  සල්ලි තියෙනවා  , බිස්නස්  කාරයෝ  නේ  . අපි  වගේ  මාස  පඩි  කාරයෝ  නෙමෙයි  නේ   
(Ransingha has money , as he is a businessman and living on a monthly salary) Samare kept telling his sinking ego.

Samare’s office crowd came to the funeral in a hired bus in the afternoon.  It was then that Bandu mentioned about the compassionate loan.
.
මචන්  application එකක් දාපන් , මම  හිතන්නේ  තිහක් විතර  ගන්න  පුළුවන් ” (Apply. I think you can get about 30 thousand)

Samare’s mind moved from the past to the future, he moved on to making plans of what he would spend this money on. On it’s journey through time Samare’s mind stopped in the present for a brief moment to notice Rosi’s new pink sari.

“I will pay the rent. That would take the land lord of my back. Will also pay up portion of the outstanding tab at the grocery . Will buy the mathematical instrument box that Putha has been asking for . Also will take some musket from the bombay sweet house . Lalani like musket.

Samare even knew what she would say. after all these years he ought too.
"අනේ  සමරේ ඇයි මේ  සල්ලි  නාස්ති  කලේ"
 (Oh Samare , why did you waste money).

He would smile . She would make a plain tea with Ginger , serve with two slices of the musket .  
"වැඩිය හොඳ නෑ. සීනි නේ " (Not good for your blood sugar) , She would say.

"සමරේ  මහත්තය   , සමරේ  මහත්තයා "  (Mr Samare , Mr Samare) He looked up to see Wije standing at his desk.

සමරේ  මහත්තය  , ඔන්න වැඩේ  හරි . ලොකු  සර්  කිව්වා අද හවස  යමු  කියලා ටැප්  බාර් එකට  , දුක  බෙදාගන්න ”
( The loan is approved. My manager proposed to go the Tap bar to have a round to share your grief)

"හුටා' (fuck) Samare’s tongue beat his  mind.

He could almost hear Lalani’s voice    “හාල්  ඉවරයි ” “ලයිට්  බිලත්  ඇවිල්ලා “ ( Have to buy rice & the electricity bill also has come).

Rent, tuition fees , vegetables, light bill. Samare could feel the whirlwind brewing up in his head.

21 January 2012

In the shadows of a Tea Factory



Amidst the aroma of processed tea . Through the heavy air , where rays of the sun draw patterns .
Where the haunting chatter of thousands of lechchamis of the past , and the echoes of  authoritative foot steps of the colonial boots fill the empty space.
There are shadows that hide in the corners, and grow long when you are not looking , as they have always.

18 January 2012

අලියෙක් නාවන්ටනම්




එක මිනිසෙකුට අලියෙක් නැහැවීමට පැය 3 ක් ගතවේ නම් , මිනිසුන් දෙදෙනෙකුට අලියෙක් නැහැවීමට පැය කීයක් ගතවේද? මේ 5 වසරේ දී වනිගතුංග මිස් දුන් ගණිත ගැටළුවක් .

12 January 2012

අපේ ගෙදරට ටී වී එකක් ගෙනල්ලා

"මතකද තාත්තාට තුරුළු වී , පොඩි අප්පොගේ හා නිමල් ගේ කතාව බැලුවා?" අයෙක් අඹ යහළුවෝ ටෙලි නාට්‍යයේ මතකය අවුස්සා තිබුණි . 

මට එකපාරටම මතක් උනේ , හතරේ පන්තියේදී අඹ යහළුවෝ පොත කියවපු හැටියි . පොඩි අප්පෝ වැස්සට තෙමි ගෙදර එන හැටි, නුවර ආපන ශාලාවේ එළු මස් රෝල් ගැන ම මනසේ මැවුණු  චිත්ත රූප . හිතේ ඇඳුන  මෛත්‍රී ගේ රුව උනත් කොච්චර ලස්සනද  රූපවාහිනියේ ඇඳුන  රුවට වඩා.

මගේ හිත එතනින් ඈතටත් ඉගිල ගියා. රුපවාහිනය අපේ ගෙදරට ගෙනෙන්නට පෙර සවස් වරුවේ කලේ කුමක්දැයි මට හරියටම මතක නැතත් , ඒ කළු සුදු අඟල් 12 රූප පෙට්ටිය අපේ විසිත්ත කාමරයට ආ දා සිට, සවස හයට ITN වැඩසටහන් ආරම්භ වෙනකන් රුපවාහිනී තිරය ඉදිරිපිට වාඩිවී ඉන්නවා මට තාමත් මතකයි . ජාතික ගීය ප්‍රචාරය වී , වැඩසටහන් පටන් ගන්නකන් , තිරය මත ඇඳුන නෙක් වර්ණ තීරු තීරු දෙස නොඉවසිල්ලෙන් බල සිටිනවා මට තාම මතකයි. ඒ දවස් වල අපේ රුපවාහිනී නැරබීම වැඩිම උනොත් පැය දෙකයි . අටෙන් පස්සේ මොනවා ප්‍රචාරය උනා දැයි මා නොදන්නේ , අටෙන් පසු අපිට එය තහනම් වූ බැවිනි. ඒ දවස් වල Prime Time වූයේ හතහමාරේ සිට අටහමාර විතර වෙනකන් මගේ මතකයේ හැටියට  .
සුදු කෙල්ලෝ නටන Pop in Germany බැලීමද අපේ අම්මගේ තහනමට ලක් වූයේ , කොල්ලා නරක වෙයි කියා ඈ සිතු බැවිනි. තනියම කොල්ලෝ දෙන්නෙක් උස් මහත් කල  ඈගේ මව් සෙනහස කොහොමත් වැඩි පුර පරිස්සම්ය .
නන්දන වින්දන වැඩසටහනේ  විනෝද සමය ඊළඟ දිනයේ නැවතත් සාලයේ රඟ දැක්වූ අපි , ටයි මාමගේ ඇසි දිසි කාටුන් වල දෙබස් කට පාඩමෙන් කිව්වා අපි .

අඹ යහළුවෝ නාට්‍ය බලන්න ගොඩක් කලින් , Lone Ranger, William Tell , දිමුතු මුතු සහ තවත් නම මතක් නොවෙන වැඩ සටහන් වල මතකය දිගේ ඈතට ඇතට යනකොට එක පාරටම නැවතුනා හිත   , "අපිත් දැන් වයසයි නේද " කියලා හිතිලා .

10 January 2012

Introducing Jinadasa



Meet  Jinadasa. He does not make the Thalaguli , but makes Buddha statues out of plaster of Paris. 
His workshop is a shed by the side of a paddy field .
There are rituals in this work , he tells me .  He bathes early morning and wears a white sarong.  He is a tee-totller . “වස් වදිනවා මහත්තයෝ “ he tells me (gets cursed). 
He confesses that he smokes . But he goes out in to the fields to do that, lest the Gods will see him in his unholy act.

09 January 2012

Along A004 (Southern Highway)


Beyond these hills
I know that the ocean
still rushes to shore
and Kakkuttas
hide in their sandy burrows

Beyond these hills
I know
that the sun takes a dip
in the golden waters
to swim with the rainbow hued fish

Beyond these hills
though I see not
I know
it still exists

08 January 2012

සිත


අනන්ත වූ වරක්
වෙරල සිබිනට දුවන 
වරක් රළු
වරක් මෘදු 
අනන්ත වූ රල පෙළ 
එකම සාගරයක් යයි
වරදවා තේරුම් ගත් මම 

07 January 2012

When the Peacocks dance/ මොනරු නටන හැන්දෑවේ




So there we were, around 6 o clock in the evening, the dusk  was  about us , forwarning of the moon’s reign about to fall upon us. We were on our way back from Buduruwagala , an ancient temple complex  located about 4 km’s  from Thanamalwila road , where a large Buddha statue and 6 other statues which are believed to be of the  Bodisatvas and his consorts are carved on to a rock. We passed the water logged vegetation along the bumpy narrow road. On the side a waterhen and her 3 chicks dashed in to the trees. 

We were approaching the clearing where the gravel road  ran through the gentle green paddy fields . The rainy season has treated them well. Then we saw it .

A Peacock in full spread, performing his mating tango among the lush green of the paddy field . There were more . There were 4 , 5 male Peafowls scattered around the field taking their turn in doing their solo’s. 



The grey sky , the emerald fields and the blue –green hues of  the birds painted such a lovely sight. 

Undoubtedly this was one of the most stunning sights I have ever seen. Our eyes have had done good karma to see such things. 

04 January 2012

Calling of the Esala moon





These are Bhodisatva carvings of Buduruwagala. Lovely place, the story yet hidden in the mist of the past. Some say they are of the mahayana tradition, dating towards the end of the Anuradapura period . Mahayana   and Theravada are quite different to what we think they are . May be Theravada could end up to be the practical interpretation of the earlier . A lite version of sort .  No conclusions , just thinking out loud.

As for the poem, may be all of us are waiting for the calling of our own Esala moons.


They are waiting
with their Kanthakas  saddledup
to ride in to the silver moon shadow
of a calm Poya night
treading softly through the cobblestoned street s
lest  it will wake a  new mother and her son
to leap over the flowing tresses
of their Nirajana 
pregnant with the monsoon rain
hooves treading gently on the soft earth
soaked with tears the heavens wept

They are waiting
for the calling
of their Esala full moon



01 January 2012



බතට කන්ට බැරි බතලේගල කන්ද 
අලට කන්ට බැරි අලගල්ලේ කන්ද 
හුනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද
මේ කඳු තුනට නායක සමනල කන්ද


For 2012


First time he came like a shadow, near Rabboda falls . That was 2 years ago. an imperfect photo was taken , the smile sunk in to the heart and hurridely included in to "Trincomalee Sunday" .

This time I saw him, much before . I recognised him , took another photo. Smile has not died . He can not speak, yet we spoke.

I hope you'll see what I saw , the happiness in his eyes . And I wish you that , all through 2012
Posted by Picasa