02 February 2013

ගෘෂා ගේ පළමු විවාහය හා අපි || Grusha's first marriage and us

බලන්න ඔබට මතකද කියලා මේ ජවනිකාව .  නාට්‍යය හුණුවටයේ කතාව , ජවනිකාව මට මතක විදියට ගෘෂා , ජුසේප්පුවාට විවාහ වීමේ උත්සවය . හෙන්රි ජයසේන සිංහලෙන් මෙහෙම එය හඬ නංවනවා . 

එක පසෙක තරුණ කතක් , අනෙක් පසින් මෘත ශරීරයක් . පුජකයෙක් මැදින් සිටන් මෙසේ කියයි 

"මේ මිනිසාට සත්‍ය ලෙස දිවි හිමියෙන් කීකරු වීමටත් ප්‍රේම කිරීමටත් මනාව බිරිඳක් වීමටත්  මේ තරුණිය සුදානම්ද ?" 

"මේ ස්ත්‍රිය දිවි හිමියෙන් රැකබලා ගැනීමටත් , 
ඇයට  ප්‍රේම කිරීමටත්,  මනාව ස්වාමි පුරුෂයෙකු වීමටත්,  මේ තැනැත්තා 
සුදානම්ද ?" 

මතකද ඔබට ? 

මෙය මට සිහියට ආවේ ගිය සතියේ  you tube එකේ  ඇසු කතාවක් නිසා වෙනි  . කතාව අර සිංහල පන්තිය කරන සන්නස්ගල මහත්තයගේ. ඔහු නම් කියන්න හැදුවේ පස්චාත් යුධ සමාජය ගැන ...එක ඉතින් කතා කරලා හප කරපු විශයක්නේ ..අපේ රටේ ගෑනු කීයක් නම් යුද්දෙට නියම වෙච්ච කොල්ලෝ කසාද බැන්දද? , ඊළඟ සැරේ ආයේ ගෙදර එන්නේ බස් එකෙන්ද , හර්ස් එකෙන්ද කියලා දෙගිඩියාවෙන් ... මම කියන්න හැදුවේ එය නොවේ ,  ඒ මතක් වුනු නාට්‍ය ජවනිකාව ඔස්සේ මට හිතිච්ච වෙනත්  දේවල් 

ඇත්තටම අර තරුණිය වගේම අපත් බොහොමයක් දෙනා මිනියක් කරකාර බැඳගෙන  ඉන්නවා කියලයි මට හිතෙන්නේ .ඒ අපේ අතීතය . අපි දිවි හිමියෙන් එයට ප්‍රේම කරනවා . දිරලා ,  කුණුවෙලා පනුවෝ ගහල යනවා , එත් අපි එයට දිගටම ප්‍රේම කරනවා . (හැබැයි ඉතින් , ඒ කය දිරලා පොහොර වෙලා , අපේ අරටු ශක්තිමත් කරනවා කියලා කෙනෙකුට කියන්නත් පුළුවනි  )

...ඔන්න අර පූජකයා දිගටම කියාගෙන යනවා 

"දයාබර මගුල් අවමගුල් අමුත්තනි විවාහයත් මරණයත් එකමුතුවූ සයනයක් අසල හෘද අනුකම්පාවෙන් අපි ඉන්නවා . මනාලියගේ මුණ වසා සේද වස්තරයක් වැටෙනවා . මනාලයාගේ සිරුර වසා මතක වස්ත්‍රයක් වැටෙනවා ..." 


අපේ වර්තමානය මේ සයනය වැනි යැයි මට හිතෙන්න ගන්නවා . අනාගතය හා මගුල් කන අපි , අතීතය හා තවමත් ප්‍රේමයෙන් වෙලී සිටින්නෙමු  . මේ සබදතා දෙකම දිගටම පවත්වා ගෙන යා හැකිදැයි මට නො තේරේ . 

මට මතක විදියටනම් ජුසප්පුවට නැවත පන එනවා . ගෘෂා ඒ දුක්බර කසාදයේ හිරවෙනවා. සමහර විට අපිටත් එහෙම වෙනවද? 

 පුජකයා අන්තිමට කියනවා වගේ .  "මිනිසුන්ගේ ඉරණම කෙතරම් විවිධාකාරද ?" 


පලි 

විමසිලිමත්ව බැලුවොත් හැමතැනකම ඒ වගේ කසාද බන්දලා දෙන පුජකයෝ ...

_________________________________________________________________________
There’s a scene in Caucasian Chalk circle , where the young servant , who kidnaps Prince Michael for safety,  marries a corpse .

The priest asks
“ does this young woman take this person to be your lawful wedded husband ? promise to love for  life , to be obedient and be a fine wife “
Then he turns to the corpse and asks
“ Do you take this women to be your wife , to look after and love for life and be a fine husband ?”
This scene surfaced in my mind ,  cause of a you tube video I watched last week . The speaker ofcourse wanted to relate to the post war society . That ofcourse is a much talked about subject. We know of the many women who married young men who were commisoned for duty , who went from their honeymoon to the FDL.  Wives did not know whether they will return by bus or in the sealed box . This was a 30 year long story. Now situation has changed , but still there are men who are dead , emotionally , ideologically …But what I write is not about them . It is about a different  train of thought..
The priest goes on
“Dear happy & sorrowful guest , we are gathered here at the foot of this bed of death , the bed of bliss . As  the silk cloth covering the brides face is lifted a rough cloth covers the grooms body …”
 I feel just like the young woman we too are married to a corpse . Our Past . We love her for our life . At times we think of the wedded bliss with our bride future , yet we can not forget our old flame , the late dame past .  She is dead , rotting , yet we hang on to her , at times . Now one might say as she returns to mother earth she nourishes the tree of our soul . …who am I to argue ?
But as I remember , the corpse rises from the dead and Grusha gets entrapped in that inconvenient marriage

As the priest says in the end “ Such is the fate of some people”

4 comments:

  1. ඔබගේ මේ හුණුවටයේ දිගහැරුමටම සර්ව සමාන වෘතාන්ත කොටසක් සහිත චිත්‍රපටයක් තිබෙනවා. එය බෙන්ගාලි චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය අපර්නා සෙන්. චිත්‍රපටියේ නම සති (Sati)(1989). dounload කරන්න විදියක් තිබුණෝත් බලලා මටත් link එක දෙන්න. චිත්‍රපටියේ විග්‍රහ කරනුයේ සති පූජාව ගැනය.
    නමුත්, ඔබ ඉහත කී පරිදි එහිද,
    පුජකයෙකු විසින් මරණයට ආසන්න මහලෙක් හා තරුණීයක් සරණපාවා දීම කරනවා. කතාව මැද මරණයට පණ අදින මහල්ලාට යම් ප්‍රකෘත්තියක් ලැබෙනවා. එමෙන්ම හුණුවටයේ අසැඩැක් කරන විග්‍රහයට සමාන සමාජ විවේචනයක් එහි සොහොන්පල්ලෙක් විසින් කරනවා.
    පහත ලින්ක් බලන්න
    1) http://www.youtube.com/watch?v=T5qHkAf-Le0
    2) http://www.imdb.com/title/tt0098255/
    3) http://www.banglatorrents.com/showthread.php?7011-Sati-Aparna-Sen-The-story-of-a-girl-married-to-a-tree!
    නමුත්, මේ http://torrentz.in/ap/aparna+sen+movie+sati-q පාත් එකේ ඇති සයිට් ටොරන්ට් එක හරහා ඩවුන්ලෝඩ් කිරිමේදී මතුවන http://www.mplaynetwork.com/signup?sf=search&ref=4669441&q=aparna+sen+movie+sati+Verified සයිට් එක ඔස්සේ ඔබගේ ක්‍රෙඩිට් කාඩ් අංකයනම් ලබා දෙන්න එපා. Free Ragistation කියා සියලු විස්තර අරෙගන ගාන කපා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දැනුවත් කලාට . හොයාගෙන බලන්න ඕනේ . .... මම කිව්වේ පූජකයෝ හැම තැනම කියලා :)

      Delete
  2. මම හුණුවටය බලලා නෑනේ JP. මේක කියවලා රස විඳිනවා.

    ReplyDelete
    Replies
    1. මොනවා , බලලා නෑ ? මමත් මුලින් බැලුවේ රූපවාහිනියේ . .. මම හරිම කැමතියි , එහි රිද්මයට .
      මේ සින්දුව අහන්න ...මෙහෙම කාලයක් අපිටත් තිබ්බානේ ද http://www.youtube.com/watch?v=lEchM1lZUaU&playnext=1&list=PLC8D3A28C98DF50C3&feature=results_video

      Delete

Have commented