16 March 2013

නාරාහේන්පිට , ත්‍රිකුණාමලය හා යාපනය - නැවත කියවීම


මතක ඇති කාලයේ සිට මා අනේක  වාරයක් නාරාහේන්පිට රේල් පාර පසුකර ඇත . දැන් නැති වුනාට , කලකට පෙර පොලිස් රෝහල දැන් තිබෙන තැන තිබුනේ පුංචි පුංචි මුඩුක්කු ගෙවල්.

මෙය ලියවුනේ 2011 පෙබරවාරි වල .narahenpita railway crossing 0645 am

නාරාහේන්පිට දුම්රිය ගේට්ටුව - පෙ ව 6 45
කළුම කළු ළමෝ
වයිවර්ණ ප්ලාස්ටික් බාල්දී
එල්ලී
කෝටු අත් වල
වනත් අත්
හෙමින් ඇදෙන
හයයි දා හතට 


හු කියයි දුම්රිය 


2004 දී මම ඉංග්ලිසියෙන් කවක් ලිව්වෙමි ( එවකට තත්වය වෙනස්ය ).  කවියේ නම   "ත්‍රිකුණාමල ඉරිදාව" ..මෙය අනෙක් කව්  හා එක්  වී පොතක් විය . ඒ වසර ගණනාවකට පෙරය . ඒ වන විට මම ත්‍රිකුණාමලයට ගොස් නොසිටියෙමි . නිල්පාට මුහුද , පුළුන් වළා  වලින් තොර අහස ...ඒ ස්ක්‍රීන් සේවර් එකෙන් ඔබ්බෙන් ගෙවෙන ජිවිත මම දැක  නොසිටියෙමි . නමුත් මගේ හිතේ තිබු , මා කියවා තිබු ත්‍රිකුණාමලය මට වචන වලට පරිවර්තනය කල හැකි විය . මෙන්න මුල් සටහන        Trincomalee Sunday      (කරුණාකර විනාඩියක් අරන් එය කියවන්න )

රෝස , කහ කොළ 
බෝතල් වල පිරුන 
වැඩි සීනි කස කසා ඇට 
සරුවත් 


සරුවත් .හීන. තිරිකුණාමලේ 

තනියෙන් සුසුම්ලන 
වැල්ල
සිප ගනිත් 

දිය රළ 
පලිඟු නිල්
දියට ඔබ්බෙන් 
ගැඹුරු පතුලෙන් නැගී
 දිවවිත්
රේන්ද පෙන 
නගා 

වැල්ල , රළ,  තිරිකුණාමලේ

ඉරට හොරෙන්
ලොවට හොරෙන්
කණකට කියන 
සෙනෙහේ රහස් 
පවන අසා සිට 
කියයි ඕපා දූපය
දසතම

රහස් , අපේක්ෂා,  තිරිකුණාමලේ

පෙරදාක
මම ද
පා වුනෙමි 
සිහිනයක
තිරිකුණාමලය නම් වූ
ගිනි දණ්ඩ
ගිනි පිඹින්නට 
පෙර 
කළු දුම් රොටු 
නැගෙන්නට 

ගිනි
දුම්
අද
නැත 

ඇත්තේ 
කතන්දර ගොඩකි
හිත්වල
හිරවුණු

තිරිකුණාමලය කිසිවෙකුට නොකියන 


2010 දී මම යාපනය ගැනද කවක් ලිව්වෙමි Jaffna waiting. ඒ  පස්චාත් යුද සංචාර ජනප්‍රිය වූ සමයයි .

 දැන් තත්වය වෙනස් ලු 
යාපනේ
ලංකා ලයිම්
ඔරේන්ජ් බාර්ලි 
එවරෙඩි බැටරි
සාමය
තියෙනවලු
වෙඩිබේත්  ගඳ
දැනුනාට ටිකක් 
තවමත්
ෂෙල් වෙඩි වැටුන වලවල්
තවමත් නොවැවුණු තල් ගස් කරටි
තිබුනාට
ඇය දැන් යන්නීය
 හවසට කෝවිල්
පොට්ටු තබා නළලත
පසු කර
මහා වෙළඳ පුවරුව
ඩයලොග්
"අමතන්න නිදහසේ "
නමුත්
ඇය තවමත්
සිටින්නීය
එනතෙක්
ඇගේ  වාරය

පලි
අපි කියන ලියන හිතන ඇතැම් දේ කාලයත් එක්ක අවලංගු වෙද්දී , තවත් දේ දිගටම වලංගු වෙනවා නේද කියලා මට හිතෙනවා . මම තවමත් යාපනේ ගිහින් නෑ . මම බයයි මගේ හිතේ තියෙන යාපනේ නම් වූ සිහිනය බිඳෙයි කියලා .

10 comments:

  1. තිරිකුණාමල ශනිදාව..තිරිකුණාමල ඉරිදා විය යුතුයි නේද...දවස මොකක් උනත් මේවා තම වලංගු වෙනවා ... මට හිතෙන හැටි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.ඇත්ත නේන්නම් . ඔන්න වෙනස් කළා

      Delete
  2. මම හිතන්නෙ JP එහෙම වෙන්නෙ නෑ. එහෙම වෙන්න පුලුවන් ඔය අනාගතය ගැන කියැවෙන විද්‍යා ප්‍රබන්ධ හෙම නම්.

    මමත් යාපනේ ගිහින් නෑ.

    ඔය පොත මටත් තියෙනවා. :)

    ReplyDelete
    Replies
    1. එවැනි ප්‍රබන්ද නොවුනට ම අපිත් ඉතින් අනාවැකි පළකරනවනේ . මම හිතුවා ඩුඩ් ගේ රෝඩ් ට්‍රිප් එකකට යාපනේ පැත්ත කවර් වෙන්න ඇති කියලා .
      යන්න එපෑයි යාපනේ අයිස් ක්‍රීම් කාලා , ප්‍රභා ගේ බංකර් එක බලලා .... :)

      Delete
  3. ත්‍රිකුණාමල ඉරිදා පොත මටත් තියනවා. මගේ මිතුරෙක් ලබා දුන්න විශේෂ ත්‍යාගයක් එය. මේ දැනුත් මගේ මේසය අසලම තියනවා.

    දැන් මට දිනපතා පොලිස් රෝහල පසුකරන කොට මේ සටහන සිහි වෙයි.

    ReplyDelete
    Replies
    1. වෙදනට මතක නැත්ද ඔය හරියේ තිබ්බ පුංචි ගෙවල් ල මිනිස්සු නාපු පයිප්පය . ඒ මිනිස්සු කොහේ ගියාද දන්නේ නෑ .
      පොත් තෑගී දෙන්නේ යාළුවොලු නේද

      Delete
  4. ඔය කොච්චිය, මිනිස්සු ඉන්න හැම තැනම හූ කියන්නේ කාටද දන්නවාද?

    ReplyDelete
    Replies
    1. වටේ ඉන්න අපිටම වෙන්න ඇති....නිර්මලාම කියන්නකෝ

      Delete
  5. I have the book with me " Trincomalee Sunday " .. no offense, I prefer the original version:)

    ReplyDelete
    Replies
    1. None taken .
      And thank you for the comment and getting the book.
      You may be glad to know that, the proceeds of that book enabled children in two remote schools in Trinco to have (a basic ) library .

      Delete

Have commented