23 March 2013

ඔබට මතක නැති උනාට ..

අපේ ජීවිත කියන්නේ කතන්දර ගොඩක් ද ? නැතිනම් එකම කතන්දරේක පරිච්චේදද ? 
මට හිතෙන්නේ කෙටි කතන්දර ගොඩක් , මතකය නම් වූ මනකල්පිත රැහැනින් බැඳ අපි ජීවිතය කියන දිග කතාව ලියනවා කියලයි 
ඒ නිසා මේ පහත සටහන .මෙතැනට  සම්බන්ධයක් තියෙනවද නැද්ද කියන තීරණය කියවන ඔබට බාර දෙමි 

















"Don't look that way .බලන්න එපා ඒ දිහා , ඒ ගෑණි  මේ පැත්තට ඇවිත් කරදරයක් වෙන්න ගනියි."
"ඒ වුනාට අපි සාස්තරයක් අහමුද ? Pleeeeeease"
"අනේ ඔය රොඩී ගෑනු දන්නා සාස්තර ..මෙතන බොරු කියලා කීයක් හරි කඩා ගන්න "

කොච්චර කීවත් ඔබ ඇසුවේ නැත ..ඔබේ ඇස්  වල තිබුණු ආයචචනයේ ඉව දැනී  ඇය අපි දෙසට පැමිණියාය . ඒ විනාඩි දහයකට පමණ පෙරයය . දැන ඇය චාටු බස් කියමින් දඩයමට සැරසේ .

"මාත්තිය , නළුවා වගේ ... , වාසනාවන්ත  ජීවිතයක් මුනෙන් පේනවා "

"කවුරු වගේද ...ෆ්‍රෙඩි  සිල්වා ? " ඔබ මා දෙස බලා සිනා සෙයි .

"නේ නේ විජේ වගේ"

"එතකොට මම?"

 " නෝනා මාලිනි වගේ අප්පා , නෝනා කවද හරි මේ මාත්තියා  බඳිනවා ..."

"Don't tell her , let her go on " දැන් ඇය  ඔබේ අල්ලෙ  රේඛා දිගේ ඈ දබරගිල්ල සෙමින් ගෙනියන්නිය .
ඔබ ඔබේ ඇඟිල්ලේ මුදුව සඟවා ගන්නේය  (මා මුදුව වැඩි පරිස්සමට ගෙදර අල්මාරියේය ).
කපුටෙක් කෑ  ගසන්නේය .

"නෝනා , ලස්සන ජීවිතයක් තමා පේනවා ..මාත්තිය ආදරෙන් තමා බල ගන්නවා ..ඇබැයි පශ්ශේ නෝනට එක අමතක තමා වෙනවා ...යේක, බේ  බේ මට  කියන්න තේරෙන්නේ නේ ...."

ඔබ මුහුණේ තුනියට තිගැස්මක් පැතිරේ .
"පලයන් මෙතනින් , මේ රුපියල් දහය අරන් , අපේ දවස මුසල කරන්නේ නැතිව "
කපුටා සද්දෙට අත්තටු ගසා පියඹා යන්නේය .
  "Bloody liar, that is their trick to get you hooked to their story , I told you so"


ඔබ අතේ උනුහුම මා දකුණතේ ගැටී , මම පියෙවි ලොවට පිවිසෙමි 
"ඉතින් කියන්නකෝ , ඒ ට්‍රිප් එක ගැන, were we happy ? ....

4 comments:

  1. මට පේනවා සාත්තරකාරිට රුපියල් සීයක් කලින් දීල තියෙන බව එක මාතියෙක්.

    ReplyDelete
    Replies
    1. අන්න වැඩේ තේරුනා

      Delete
  2. ඒ කාලෙ මම හිතන්නේ 1988 ට කලින් වගේ දිනක් ආවා ඔය වගේ සාස්තර කාරියක්. ඇයගෙන් දැන් අපේ පවුලේ ඔක්කොම සාස්තර අහනවා. එකල දැඩි භෞතික වාදියෙක් වුණු මම මේ හැමටම කන්දෙමින් මගේ පාඩුවේ උන්න. ඔන්න එතකොට අපේ අම්මා බලෙන් මාව එක්ක යන්න හදනවා සාස්තර අහන්න. මම දැඩිව ප්‍රතික්ෂේප කරනවා. මේ සද්දෙ දැන් අර මනුස්සයටත් ඇහෙනවා. ඒ සැරේ අම්මා ඒ වැඩේ අතහැරලා ගියා සාස්තරේ අහන්න. මෙයා අම්මට කියනවා මෙහෙම.
    " මේ නෝනා බොහොම පිංවන්ත කෙනෙක් හොද දරුවෝ ලබනවා. හැබැයි එක අකීකරු දරුවෙක් නිසා ජීවිතේ අවසාන කාළේ දුක් විදිනවා කියලා" ඒ මම.
    හැබැයි ජාලිය අද මගෙ අම්ම සතුටෙන්ම ඉන්නෙ මම නිසා. ඔන්න ඕවෑ හැටි.

    ReplyDelete
    Replies
    1. ඒවා නම් ඉතින් එහෙම තමයි වෙදනා ,
      අපි බැන්ද අලුත නෝනා ගේ කරදරේට , යාලුවෙක්ගෙ විපතකට , අපිත් ගියා දේවාරුඩයෙන් සාස්තර කියන තැනකට . දින හතක් යන්න ඕනේ . පොඩ්ඩ පොඩ්ඩ කියන්නෙ . පලවෙනි දවසේ වටෙන් කියලා . දෙවාරුඩයෙන් මිදිලා අර ගෑණු කෙනා අහනවා " සාස්තරේ හොඳට කියවුණාද ? දෙයියන්ට කියන්නේ නෑ මම , මොකක්ද කරදරේ කියලා "

      හැබැයි වැස්සකටවත් ඉස්කෝලේකට නොගිය අහිකුන්ටක ගෑනු , අපේ සියුම් නිරායාස ඉඟි body language කියවන හැටි නම් හරිම පුදුමයි

      Delete

Have commented