02 June 2013

බලාපොරොත්තුවේ මළගම හා ගමේ ඩිපෝවේ බස් එක


අනිත් අය ලියන දෙයින් , අපිටත් විටෙක ලියන්නට නිමිති එක වෙනවා .
මේ එහෙම ලිය වුන කව් දෙකක් .
පලමුවන්නට නිමිති උනේ මා ලියු සටහනකට,  කෙනෙක් තැබූ කොමෙන්ටුවක් .click here

 අනෙක කතන්දර කාරයා  ලියු සටහනක් හා එහි කෙනෙක් තැබූ කොමෙන්ටුවක් click here




_______________________________

කාලයක් පණ  ඇද 
මියගිය
වියපත් බලාපොරොත්තු
මිහිදන් කිරීමට මත්තෙන්  
වැලපෙමින් සිට
වලට පැන්නේය 
ආත්මය ද


____________________________

වන්දනාවේ
අතරමග 
ගමේ ඩිපෝවේ බස් එකක් දැක 
හිත ගියා ආපහු


____________________________

6 comments:

  1. මං හැමදාම හිතන දෙයක් තමයි කවියක් කියෝලා කෙහොමද කමෙන්ට් කරන්නේ කියන එක! කවි පදයක් ලියන්නද, නැතිනම් ගද්‍යයෙන් ලියන්නද?

    ReplyDelete
    Replies
    1. ඒකත් කවියකටම මූලයක්ද මන්දා :)

      Delete
  2. ඔය දෙවෙනි කාරණාව මම අත්විඳලා තියෙනවා JP මම දෙහිඅත්තකණ්ඩියේ උගන්නනකොට. කිරිඳිවැල ඩිපෝවෙන් සිරිපුරට යන බස් එක දැක්කාම මට ඉතින් අම්මා තාත්තා දැක්කා වගේ. කැළණිය මීතොටමුල්ල බස් එකක් දැක්කත් ඒ වගේ තමයි.

    ඇයි ශ්‍රී ලංකන් ගුවන් යානයකට නැග්ගාම අත්දෙක එකතු කරලා ආයුබෝවන් කියන එක.

    ReplyDelete
    Replies
    1. පලමුව සමාවෙන්න,දින කීපයක් නෙට් කනෙක්ශන් තිබ්බේ නැ. ශ්රී ලන්කන් එකට නගින කොට දැනෙන හැගුම නම් හැම සැරේම දැනෙනවා

      Delete
  3. මං අන්තිමට ශ්‍රී ලංකන් ගුවන් යානයකට නැග්ගේ 2010 අප්‍රියෙල්වල. බැංකොක් සිට කොළඹ යන්න. මුළු ප්ලෙන් එකේම හිටියේ දාහතර දෙනයි.

    එතකොට දැනුණු හැඟිම විස්තර කරන්න ඕනැද?

    ReplyDelete
    Replies
    1. හෙඩ් ෆෝන් එකෙන් අමරදේව මාස්ටර්ගේ සින්දුවකුත් ඇහුවම ....

      Delete

Have commented