23 June 2013

අද පෝය

අද පෝය .
රෑට 
රවුමට හඳ පායාවි 
සඳ එළියේ සිහිලෙන් 
හිතක්  සැනහෙවී 

ඒත් 
හෙටින් පහු 
සඳ
 අව පස යාවී 
හිතට 
රැයින් රැය 
කළුවර උනාවී 

ඉනික්බිති 
අමාවක 
රෑ අහස 
කට්ට කළුවර උනාට 
පුරහඳ මතකය 
එක කොනක දිලේවී 

5 comments:

  1. අමාවක දාට තමයි පුරහඳ මතක් වෙන්නේ....:(

    ReplyDelete
  2. මම දැන් ටිකකට ඉස්සෙල්ලා ජොග් කරන කොට දැක්කා පුර හඳ. ගෙදර ඇවිල්ලා කියන්න අමතක වුනා, ඊට පස්සෙ දැක්කා මේ පෝස්ට් එකේ මාතෘකාව. එතකොට තමයි අද පොසොන් කියලා මතක් වුනේ. ඔන්න මේවගේ රටක ඉන්නකොට පෝය ගෙවෙන හැටි.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට පුර හඳ මතකය අපේ හිත් වල එල්ලිලා නේද ?

      Delete
    2. Henry
      මගේ විදෙස්ගත ඥාතියෙක් ලඟදි අපි එක්ක(නෝනයි මායි) කතාකරද්දි අහනව, "ඇයි අද දෙන්නම නිවාඩුද?" කියල. මම කිව්ව "අද වෙසක් පෝය" කියල. එතකොටයි එයාට මතක් උනේ.

      Delete

Have commented