30 June 2013

පන්සිල් ( හරිම සිම්පල් ප්ලැන් එකක් )

ගිහියෙක් හැටියට පන්සිල් රැක ගත්තා  නම් ඉතින්,  ඒ ඇති අප්පා ...

එහෙම කිව්වට ඒකත්  ඉතින් ලේසි නෑනේ ..

මොකද ඒක  ලේසි නැත්තේ , ඒක  සිම්පල් ප්ලැන් එකක් . 
ඔන්න බලන්න,  මුලින්ම පානාතිපාත වේරමණී .... එක හරි නේ .මොකෝ මම මිනි මරන්නේ , දඩයමේ යන්නේ නෑ නේ .

එතකොට මදුරුවෝ ?

මෙහෙමයි,  බුදු හාමුදුරුවන්ගේ කාලේ මේ ඩෙංගු තිබ්බේ නෑ  නේ ... මදුරුවෝ ඔට්ටු නෑ .

හ්ම් , හරි එතකොට අදින්නා දානා වේරමණී ?

ඒකත් හරි , මොකෝ  අපි හොරකමේ යනවයි ?

එතකොට එදා අපි රඹුටන් ගන්න කොට , අර රඹුටන් ගෙඩි දෙකක් දා ගත්තේ සාක්කුවේ.

ඒක හොර කමක්ම නෙමෙයිනේ  බබා ...මොකෝ ඒ මිනිහා ගිනි ලාබයක් තියාගෙන නේ විකුනන්නේ , ඇත්තටම බලනකොට අපි වැඩියෙන් ගෙවලා .

එතකොට මුසාවාදා වේරමණී ?

 මෙහෙමයි ඉතින්, ඉඳලා  හිටලා පොඩි බොරුවක් දෙකක්  කිව්වට කමක් නෑ  ... white lies ..ඔලුව බේර ගන්න , ප්‍රශ්න වලක්වා ගන්න නේ . ධර්මේ උනත් පොඩ්ඩක් කාලේ අනුව වෙනස් කර ගන්න වෙනවා .

ඒකත් එහෙමද ?  එතකොට සුරාමේරය මජ්ජ පමා දට්ටානා වේරමණී ?

ඒක  ඉතින් ගත්තත් හීනියට පොඩි social drink  එකක්නේ බබා. මොකෝ බේබද්දෝ වගේ හැම දාම බොනවයි ..මද පමණින් කමක් නෑ  ...පමාවට හේතු නොවන ලෙස නම් කමක් නෑ, එහෙමනේ තියෙන්නේ  .

ඔයාගේත් තර්ක ..අනේ මන්දා ... කෝ බලන්න  එකක් මිස් උනා නේද ?  ...
තුන්වෙනි එක ....කියන්න බලන්න ඒක කඩනවද කියලා 

මම දැන  ගත්තා  ඔතෙන්ට තමයි එන්නේ කියලා අන්තිමේ  දී  

10 comments:

  1. කැඩෙන සිල් කැඩේ, රැකෙන සිල් රැකේ!

    ReplyDelete
    Replies
    1. හැකි පමනින් වේරමනි සික්ඛා පදන් සමාදියාමි ?

      Delete
  2. තුන්වෙනි එක නොකඩා බුද්ධාගම බේරගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. බුදු හාමුදුරුවන්ට මේවා තේරෙන්නේ නැති සේක. උන් වහන්සේ 100% බුද්ධාගමේ නෙමෙයිද මන්දා

      Delete



  3. අනේ මන්ද ඕව නම්. රකින අයම තමා කඩන්නෙත්.

    මිහිරැති ඉංග්‍රීසි පරිවර්ථන ඇතුළු සිත නිවන දෑ රස විඳින්න එන්න ගිං ඔය අද්දරට


    මේ මගේ ඉන්ගිරිසි බ්ලොග් එක
    |http://mercyfonseka.blogspot.com/|




    ReplyDelete
    Replies
    1. කැඩෙයි කියලා බයට නොරැකිම හොඳද නැත්නම් රකින්න ගිහින් කැඩීම හොඳද මන්දා. ගින්තොට පැත්තේ නම් එනවා

      Delete
  4. මේක නම් හරිම සිම්පල් ප්ලෑන් එකක් තමයි බොලං.

    මට මතක් වුනේ අර කාමේසු මිච්ඡාචාරා කියන කොටම කුඩේ අමතක වෙච්ච තැන මතක් වෙච්ච ඉස්කෝලෙ මහත්තයා උපාසකව.

    ReplyDelete
    Replies
    1. අයියෝ උපාසක

      Delete
  5. හැක් හැක්.... මාත් බැලුව එකක් මිස්වුනේ ඇයි කියල!

    ReplyDelete
    Replies
    1. මාරයාගෙන් මෙන්ම ගැහැනුන් ගෙන්ද බේරිමක් නැත

      Delete

Have commented